IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


සල්ලිමුල නැතිවෙලා අයිතිකාරයාට තේරෙන්න බොරුවක් හදලා කියලා

මම ලොරියෙන් එද්දී සුදුපාට වෑන් රථයකින් ආපු හතරදෙනෙක් පාර හරස්කරලා නැවැත්තුවා. මම හොඳටම බය වුණා කරකියා ගන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. හතර දෙනා මා ගාව තිබුණ රුපියල් අට ලක්ෂ විසිදහසක මුදල කොල්ලකෑවා.


දොම්පේ පොලිසියට පැමිණි රියැදුරෙක් පොලිස් නිලධාරීන් සමඟ කියා සිටියේය.

15-sudu-van
පොලිස් නිලධාරියෙක් එය පැමිණිල්ලක් වශයෙන් ලියාගත්තේ ඉදිරි පරීක්ෂණ සිදුකිරීමටය.


මේ ලොරියේ මේ තරම් ලොකු මුදලක් අරගෙන එන බව කොල්ලකරුවන් හරියටම දැනගත්තේ කොහොමද කියන එක ගැන ද පොලිසියට ඇතිව තිබුණේ තදබල සැකයකි.


කොල්ලකෑ බව කියන සල්ලිවල අයිතිකාරයා ලොරි රථ රියැදුරා නොවීම ද පොලිසියේ සැකයට තුඩුදුන් තවත් සාධකයක් වී ඇත.


පූගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක අයිතිකරුවෙකු ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට මුදල් බැඳීමට අවශ්‍ය වූ විට එම මුදල් සංස්ථාවට ගොස් බැඳීමට කියාදෙන්නේ මේ රියැදුරාටය.


ඉන්ධන පිරවුම් හලේ අයිතිකාරයා මේ වැඬේ කාලයක් තිස්සේ සිටම බාරදී ඇත්තේ මොහුටය. ඒ තරමටම රියදුරාව ඉන්ධන පිරවුම් හලේ අයිතිකරුට විශ්වාසය. රියදුරා ද ඒ වැඬේ මෙතෙක් කාලයක් හරියටම කරගෙන ආවේය.


රියැදුරා මහියංගණය ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔහු රස්සාව කළේ නවගමුව රණාල ප්‍රදේශයේය.


ලොරියේ අයිතිකාරයාද මේ රියැදුරු මහත්තයාමය.


මුදල් කොල්ලය සිදුවූ ආකාරය ගැන දිගින් දිගටම ප්‍රශ්න කරද්දී ඔහු කළ ප්‍රකාශයන්වල කිසියම් පරස්පරතාවයක් තිබෙන බව පොලිසියට පෙනී ගොස් තිබේ.
සුදුවෑන් රථයකින් පැමිණි බව කියන කොල්ල කල්ලිය පාර හරස්කර ලොරිය නවත්වා මුදල් කොල්ලකෑ බවට රියදුරු පොලිසියට කියා තිබුණේ දොම්පේ ප්‍රදේශයෙනි.


ලොරි රථ රියැදුරාගේ ජංගම දුරකථන විශ්ලේෂණ වාර්තාවක් පොලිස් නිලධාරීන් ලබාගෙන තිබුණේ අධිකරණයක් ලබාගත් නියෝගයකට අනුවය.
ඒ දුරකථන විශ්ලේෂණ වාර්තාව අනුව පැහැදිලිවම පෙනී ගියේ ඔය කියන මුදල් කොල්ලය සිදුවන දවසේ ලොරි රථ රියැදුරා දොම්පේ ප්‍රදේශයට හෝ ඒ අවට ප්‍රදේශවලට පැමිණ නොමැති බවය.


රුපියල් අට ලක්ෂ විසිදහසක මුදල වංචා සහගත ලෙස ලබාගෙන ඒ මුදල කොල්ලකෑ බවට බොරු පැමිණිල්ලක් කරන්නට ඇතැයි කියා පොලිසිය මුලින්ම සැකකර ඇත.


අනේ නැහැ සර් මම මුදලාලිගේ සල්ලි හොරකම් කළේ නැහැ. මුදලාලිගේ සල්ලි මම තමා ඛනිජ තෙල් සංස්ථාවට බඳින්න ඕනෑ වුණාම අරගෙන යන්නේ.
ලොරි රථයේ රියැදුරා පොලිස් නිලධාරීන් සමඟ කියා ඇත්තේ හතර අතේ දිවුරමින්ය.


ඉන්ධන පිරවුම් හලේ අයිතිකරුද කියා ඇත්තේ මෙච්චර කාලයකට රියැදුරා මේවගේ වැඩක් කර නොමැති බවය. ඒ නිසා එක්වරම ඔහු සැකකිරීමට නොහැකි බවද ඉන්ධන පිරවුම් හලේ අයිතිකාරයා පවසා ඇති බව කියයි.


පොලිසියට මෙය උභතෝකෝටික ප්‍රශ්නයක් විය. 


කෙසේ වෙතත් පොලිසිය ලොරි රථයේ රියැදුරාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළේ කෙසේ හෝ මේ මුදල් කොල්ලයේ අභිරහස ආවරණය කරගැනීමටය.
පොලිසියෙන් කිසිම බේරීමක් නොමැති බව තේරුම්ගත් රියැදුරා සිද්ධවෙච්ච ඇත්ත කතාව කීමට තිරණය කර ඇත.


මම සමහර දවස්වලට මගේ ලොරියෙන් කොළඹ යන ගමන් මුදලාලිගේ සල්ලි අරගෙන යනවා. ලොරියෙන් කොළඹ යන්නේ නැති දවස්වලට බස් එකේ යනවා. එදා මුදලාලි මට අට ලක්ෂ විසි දාසක මුදලක් දුන්නා පෙට්ට්‍රෝලියම් කෝපරේෂන් එකට බඳින්න කියා. ඒ සල්ලිත් අරගෙන මම එදා ආවේ බස් එකකින්. බස් එකේ හිටිය පොකට්කාරයෙක් සල්ලි උත්සලා. ඒ බව මම දැනගත්තේ සල්ලි බඳින්න ගියාමයි.


ලොරි රථයේ රියැදුරා කියා සිටියේ පොලිස් නිලධාරින් කළ ප්‍රශ්න කිරීම්වලදීය.


ඇයි එහෙනම් තමුන් ඒ බවක් නොකියා සල්ලි කොල්ලකෑවා කියා පොලිසියට ඇවිත් බොරු පැමිණිල්ලක් කළේ යැයි පොලිස් නිලධාරීන් රියැදුරාගෙන් විමසා සිටියේය.


බස් එකේ යද්දී පොකට්කාරයක් සල්ලි ඉස්සුවා කියා ෂෙඞ් එකේ අයිතිකාර මුදලාලි විශ්වාස නොකරයි කියා මම හිතුවා. ඒ නිසා තමා මම මුදල් කොල්ලකෑවා කියා පොලිසියට ඇවිත් කිව්වේ. එහෙම නැතිව මම මුදලාලිගේ සල්ලි ගත්තේ නැහැ. ලොරි රථයේ රියැදුරා කියාගෙන ගියේය.


රියැදුරා කියන්නේ ඇත්තක් බව පොලිසිය කළ පරීක්ෂණවලදී තහවුරුවිය.


බොරු පැමිණිල්ලක් කර පොලිසිය නොමගයෑවීම සම්බන්ධයෙන් ලොරි රථ රියැදුරා සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඞ්භාරයට පත්කෙරිණි.


බස්නාහිර උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් මත ගම්පහ සහකාර පොලිස් අධිකාරී සේනානිද සිල්වා මහතාගේ මෙහෙයවීම යටතේ දොම්පේ පොලිසිය පරීක්ෂණ පැවැත්විය.

Untitled-1



අදහස් (0)

සල්ලිමුල නැතිවෙලා අයිතිකාරයාට තේරෙන්න බොරුවක් හදලා කියලා

සත්‍යයා Wednesday, 19 October 2016 02:09 AM

ලංකාව කියන්නේ කටින් සංවර්ධනය වෙන රටක් නිසා මුල්‍ය කටයුතු වලදී නූතන පරිගණක තාක්ෂණය යොදා ගන්න තරම් මොළය වැඩී නැහැ. ඒ වුණාට දේශපාලකයාගේ කට හින්දා බඩ නම් හොඳින් සංවර්ධනය වී ඇතිබව උත්සව වලදී ගන්නා පින්තූර වලින් මොනවට පැහැදිලි වෙනවා. (නි)

:       0       0

දිසා Tuesday, 18 October 2016 11:59 AM

සුකිරි, එහෙම ලේසියෙන්ම සල්ලි යවන ක්‍රම ඕනෑතරම් තියනවා ලංකාවේ. නමුත් ලංකාවේ මිනිස්සු තවම සම්ප්‍රදයික ක්‍රමේට තමයි වැඩ කරන්නේ. නැත්තම් පුටුවේ ඉදගෙනම ඕන බැංකුවකින් ඕන ආයතනයකට ගෙවීම් කරන්න පුළුවන්. (අ)

:       0       0

සුකිරි Tuesday, 18 October 2016 06:38 AM

අන්තර්ජාලේ හරහා බැංකුවෙන් බැංකුවට සල්ලි මාරු කරන්න තවම ලංකාවේ බැරිද. එහෙම පහසුකම් බැංකුවල වෙබ් අඩවි වල නැද්ද? එහෙම උනා නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැනේ... (ර)

:       0       0

අබය Tuesday, 18 October 2016 08:52 PM

ඉන්ධන පිරවුම් හලේ එකතුවෙන සල්ලි විද්‍යුත් මාධ්‍යයට පරිවර්තනය කරන ක්‍රමයක් හැදුවා නම් පුටුවේ ඉඳගෙනම ඕනෑ දෙයක් කරන්න පුළුවන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 488 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 88 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 996 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 127 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 170 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 432 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 712 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 354 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 502 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site