1990 සුව සැරිය ගිලන් රථ සේවය අප රටට ලැබුණු ඉහළම දායාදයකි. ඉන්දීය රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙම ගිලන් රථ සේවය සම්බන්ධයෙන් මුල් කාලයේ දී ඇතැම් වෘත්තිය සමිති මෙන්ම දේශපාලනඥයන් ‘බොරු බිලි’ මවා පෑවද වැඩි දිනක් ගතවීමට මත්තෙන්ම ඒවා ‘පුස් වෙඩි’ බවට පත්ව ලත් තැනම ලොප්වී ගියේය. සුව සැරිය ගිලන් රථ සේවය වර්තමානය වනවිට මෙරට ජන ජීවිතයේ එක් ප්‍රධාන අංගයක් වී අවසන්ය.
කරුණු කාරණා එපරිදි වුවද සුව සැරිය ගිලන් රථ සේවය සම්බන්ධයෙන් අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ ශුභාරංචියක් නොවේ. අප ප්‍රවෘත්තියෙන් කියැවුණේ සුව සැරිය ගිලන් රථ සේවය ද ගිලන්වී ඇති බවය. ගිලන් බවට හේතුව සේවක හිඟය බව එහි උසස් නිලධාරියකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.
සේවක හිඟය හේතුවෙන් කොළඹ ක්‍රියාත්මකව තිබූ ගිලන් රථ 21 න් 8 ක් පමණක් සේවයේ යෙදවීමේ අවස්ථාව උදාවී ඇති බවත් සේවය කළ රියැදුරන් සහ හෙදියන් විශාල පිරිසක් සේවයෙන් ඉවත්වීම මෙයට හේතුව බවත් සුව සැරිය ගිලන් රථ සේවයේ උසස් නිලධාරියකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.
නිර්මාණයවී ඇති ආර්ථික අර්බුදයේ ප්‍රතිඵල ඇසට පෙනෙන ප්‍රමාණයට වඩා බොහෝ බරපතළ බව ඉතා පැහැදිලිය. මෙම ආර්ථික අර්බුදය නිසා උගත්තු - වියත්හු මෙන්ම වෘත්තිකයෝ රට හැර යමින් සිටිති. රට සරසන රට සතු මහරුම සම්පත වන තරුණ පරපුර රට හැර යමින් සිටිති. එහෙයින්ම සෑම ක්ෂේත්‍රයකම බරපතළ හිඩැස් නිර්මාණය වෙමින් තිබේ. සුව සැරිය ගිලන් රථ සේවයේ සේවක හිඟයෙන් කියැවෙන්නේ ද එම කාරණයම වේ.
සුව සැරිය ගිලන් රථ සේවයේ සේවය කළ සේවා සහතිකයට විදේශ රටවල හොඳ ඉල්ලුමක් පවතින බවත් ඒ හේතුවෙන් ගිලන් රථ සේවයේ සේවකයන් විදේශගතවීම ඉහළ ගොස් ඇති බවත් සුව සැරිය ගිලන් රථ සේවයේ උසස් නිලධාරියකු අප පුවත්පතට ප්‍රකාශ කර ඇත. සුව සැරිය ගිලන්රථ සේවය සතුව ගිලන් රථ 325 කට ආසන්න සංඛ්‍යාවක් ඇති බවත් එම ගිලන් රථ උපරීම ධාරිතාවෙන් සේවයේ යෙදවීම සේවක හිඟය නිසා ගැටලුවක් වී ඇති බවත් එම උසස් නිලධාරියා අප පුවත්පතට වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.
සුව සැරිය ගිලන් රථ සේවය ආරම්භ වීමට පෙර ගිලන් රථ සේවයක් තිබුණේ රෝහල්වලට පමණි. ගිලන් රථ හැම රෝහලකම නොවීය. බොහෝ විට ගිලන් රථයක් යොදා ගැනුණේ අසාධ්‍ය රෝගියකු වෙනත් රෝහලකට රැගෙන යාම සඳහාය. ඇතැම් පෞද්ගලික රෝහල්වල ගිලන් රථ තිබුණ ද එයද සීමා සහිතවය. ඒවායින් සේවය ලබා ගත හැකි වූයේ අතමිට සරු සුළු පිරිසකටය.
1990 සුව සැරිය ගිලන් රථ සේවයේ විශේෂත්වය වන්නේ එහි සේවය රටේ සියලු පුරවැසියකුටම ලබා ගැනීමට හැකිවීමය. ජාති-ආගම් බේද හෝ දුප්පත්-පොහොසත් බේදයක් හෝ එහි නොවීය. අසාධ්‍ය රෝගියකු සිටීනම් නිවසටම පැමිණ අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදී රෝගියා රෝහල්ගත කිරීම සිදුවේ.
මහමග රිය අනතුරුවලින් දිනකට මියයන සංඛ්‍යාව අති විශාලය. ඔවුන් වහාම රෝහල්ගත කරන්නේ නම් බොහෝ ජීවිත බේරාගත හැකි බව පැහැදිලිය. එමෙන්ම අප රටේ ජනයාගෙන් වැඩි පිරිසකට මූලික ප්‍රතිකාර ක්‍රම පිළිබඳ අවබෝධයක් නොමැති බවද පිළිගත යුත්තකි. 1990 සුව සැරිය ගිලන් රථ සේවය අප රටට මහරු සම්පතක් වන්නේ එහෙයිනි.
1990 සුව සැරිය ගිලන් රථ සේවය ආරක්ෂා කර ගැනීම ජාතික යුතුකමකි. එහෙයින් එයට අවශ්‍ය අවධානය ප්‍රමාදයකින් තොරව යොමුකර කළ මනා කටයුතු කළමනාකරණය කිරීම බලධාරීන්ගේ වගකීමය.
(***)
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සුව සැරිය ගිලන් රථ සේවය අභාවයට යන්න දෙන්න එපා
Lalla Friday, 09 February 2024 11:56 AM
මහපොල සුවසැරිය නිදහස් අධ්‍යාපනය මහවැලිය... මේ සාධනීය යෝජනා ක්‍රම එජාපයේ අතීත බුද්ධිමතුන් මුල්වී රටට දුන් සම්පත්... එතකොට ප්‍රගතිශීලී ලේබලය ගසාගත් පක්‍ෂ.... ජනසතු කරණය, මහාපරිමාණ එහෙත් නිසි ඵලදායිතාවය නැති සංවර්ධන යෝජනා ක්‍රම.. ඉතිරි ණය පමණයි. ඒත් ඒ එජාපය අද කොහේද? කණගාටුවට කරුණක්...!
Ajantha Sunday, 11 February 2024 06:01 PM
මම ළඟදී ඉන්දියාවේ ගියා... එහෙත් නෑ මෙහෙම සේවයක්... ඉතාම වටිනා සේවයක් ඕක. පරිස්සම් කරගන්න වටිනා ව්‍යාපෘතියක්...!