IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ස්වාධීන කොමිසන් විවරණයකට

මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා වූ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේ දී සලකා බැලීමට නියමිතය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම පනතට විපක්ෂව ඡන්දය දෙන බව ප්‍රකාශ කර තිබේ. පනත සම්මත වීම සඳහා සරල බහුතරයක් එනම් ඡන්ද 113ක් ලබාගත යුතුව ඇත. එනිසා අද පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි සිතිය හැක. 

එසේ වුවද මෙම යෝජනාව සම්බන්ධයෙන් මහජනතාවගේ ප්‍රතිචාර ඇල්මැරුණු තත්ත්වයක පවතින බව පෙනෙන්නට තිබේ. බොහෝ දෙනෙකු මේ සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව අවධානයක් යොමු කර නැති බව මා ඇතැම් පිරිස් සමග මේ පිළිබඳව කළ සාකච්ඡාවල දී පැහැදිලි විය. එය ගණන් ගත යුතු ප්‍රශ්නයක් ලෙස විපක්ෂය හැර අනෙක් බොහෝ දෙනෙකු නොසලකන බවක් පෙනෙන්නට තිබේ. 

දෛවෝපගත සිදුවීමක් වන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභා පනතේ නිර්මාතෘවරයා වන්නේ එවකට ප්‍රතිපත්ති සම්පාදන කැබිනට් අමාත්‍යවරයාව සිටි අද ජනාධිපති ධුරය දරන රනිල් වික්‍රමසිංහ මහතා වීමයි.  රටේ ඇතැම් නිෂ්පාදන සහ සේවා අංශවල නියුක්ත වන පුද්ගලයන් සහ ආයතන නියාමනය කර මහජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා රජය විසින් නියාමන ආයතන පිහිටුවනු ලැබීය. පාරිභෝගික භාණ්ඩ, රක්ෂණ කටයුතු, දුරකතන සේවා ආදිය සම්බන්ධයෙන් මේ ආකාරයට නියාමන ආයතන පිහිටුවා ඇති නමුත් විදුලිය, ජලය සහ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් එබඳු නියාමන ආයතනයක් නොපැවතුණි.

එනිසා එවක අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදුලි බලය ඇතුළු මහජන උපයෝගීතාවන්ට අදාළ කටයුතු නියාමනය කිරීම සඳහා 2002 අංක 35 දරණ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය සම්මත කර ගත්තේය. එබැවින් අද පාර්ලිමේන්තුවේ දී සාකච්ඡා කරනු ලබන කරුණට අදාළව නීති පැනවූයේත් මහජන උපයෝගීතා කොමිසන් සභාව පිහිටවූයේත් වික්‍රමසිංහ මහතාගේ  මඟපෙන්වීම යටතේ වන අතර එසේ නොවන්නට මෙවැනි ප්‍රශ්නයක් පිළිබඳව පාර්ලිමේන්තුවේ දී කතා කිරීමේ අවශ්‍යතාවක් පැන නොනැගීමට ඉඩ තිබුණි.

මෙම පනත සම්මත කරගත් අවධිය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ වගවීම ශක්තිමත් කිරීම සඳහා ස්වාධීන ආයතන පිහිටුවීම පිළිබඳව සාකච්ඡා වෙමින් පැවති අවධියක් විය. 2001 වසරේ දී පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ එකතුව 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් රාජ්‍ය සේවා කොමිසම, අධිකරණ සේවා කොමිසම ආදිය ව්‍යවස්ථා සභාව යටතට පත් කර ඒවා ස්වාධීන කොමිසන් සභා බවට පත් කරන ලදී. එමගින් දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව එම කොමිසන් සභා පවත්වාගෙන යෑමට හැකි වනු ඇතැයි ද ඒ තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වනු ඇතැයි ද පක්ෂ විපක්ෂ කණ්ඩායම්වල අදහස විය. කෙසේ වුවද 17 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් එයාකාරයට ස්වාධීන කොමිසන් සභා බවට පත් කළේ ආයතන කිහිපයක් පමණි.

17 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමේදී මූලික කාර්ය භාරයක් ඉටුකළ රනිල් වික්‍රමසිංහ මහතාට සමහර අංශවල අලු‍තෙන් ඇති කරනු ලබන නියාමන ආයතන ද ස්වාධීන කොමිසන් ලෙස ස්ථාපිත කිරීමට අවශ්‍ය විය. 2002 වර්ෂයේ දී ඔහු විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභා පනත යටතේ පිහිටුවන ලද මහජන උපයෝගීතා කොමිසන් සභාව ද ව්‍යවස්ථා සභාව යටතට ඇතුළු වන ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී. එබැවින් ජනක රත්නායක මහතාත් සමගි ජන බලවේගයත් ප්‍රකාශ කරන්නේ මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපතිවරයාට පවතින රජයට එරෙහිව  ක්‍රියා මාර්ග ගැනීමේ අසීමිත බලයක් පවතින බවත් රජය එම බලයට අවනත විය යුතු බවත්ය.

17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේත් ඉන් පසුව ඇති කරන ලද 19 වන සහ 21 වන සංශෝධන මගින් ද ස්වාධීනව පැවතිය යුතු කොමිසන් සභා පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්  පැහැදිලි තීරණයක් ගෙන තිබේ. එයට අදාළ වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් නිශ්චය කර ඇති කොමිසන් සභා පමණි. මහජන උපයෝගීතා කොමිසම එම කාණ්ඩයට අයත් වන්නක් නොවේ.

සමහර නිෂ්පාදන හා සේවා අංශ අධීක්ෂණය සඳහා සමහර කොමිසන් සභා පත් කරනු ලබන්නේ එම ආයතන විසින් ඉටු කරනු ලබන කාර්ය භාරය විධිමත්ව ඉටු කිරීම සඳහාත් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහාත්ය. එවැනි ආයතන බිහි කරනු ලබන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා සහ රජයට යම් යම් ප්‍රතිපත්ති, විද්‍යාත්මක කරුණු, තාක්ෂණික කරුණු ආදිය සම්බන්ධයෙන් උපදෙස් සැපයීම සඳහාය. කිසිදු ආකාරයකින් ඒවාට රජයේ ප්‍රතිපත්තිවලින් බැහැරව කටයුතු කිරීමට හෝ රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කිරීමට අවස්ථාවක් ලබා දී නැත.

මෙම ආයතනවල වගකීම වන්නේ රජයේ ප්‍රතිපත්තිවලට සහ අවශ්‍යතාවන්ට අනුකූලව එම ආයතන පවත්වාගෙන යෑමය. එවැනි ආයතනවල ප්‍රධානියකු හෝ නිලධාරියකු රජයේ ප්‍රතිපත්ති හා තීරණවලට එරෙහිව කටයුතු කරන විට අනවශ්‍ය ගැටුම් ඇති වන අතර රජයේත් රටේත් ඉදිරි කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අර්බුද නිර්මාණය වනු ඇත. අද මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපතිවරයා සම්බන්ධයෙන් රජයට එවැනි තීන්දුවක් ගැනීමට සිදුව ඇත්තේ මෙවැනි අර්බුදයක් නිර්මාණය වීම නිසාය. 

සමගි ජන බලවේගයත් මෑතදී ස්වාධීන වූ ඇතැම් මන්ත්‍රීවරුත් ප්‍රකාශ කර තිබුණේ ස්වාධීන කොමිසන් සභාවලට අත තැබීම භයානක බවය. මහාචාර්ය චරිත හේරත් මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ ජනක රත්නායක මහතා ඉවත් කිරීමට ගෙන ඇති තීන්දුව මහින්ද රාජපක්ෂ යුගයේ දී ශිරාණි බණ්ඩාරනායක මැතිනිය අගවිනිසුරු ධුරයෙන් නෙරපීමට ගත් තීන්දුවට සමාන වන බවත් ශිරාණි මහත්මිය ඉවත් කිරීම එම රජයේ අවසානය සනිටුහන් කළ බවත් රත්නායක මහතා ඉවත් කිරීම ද මේ රජයේ විනාශය සඳහා හේතුවන බවත්ය. එහෙත් අගවිනිසුරුවරිය ඉවත් කිරීම සහ මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීම සමාන ලෙස සැලකීමට තරම් නීතිමය තත්ත්වයක් පවතින්නේ ද යන්න නොවැටහීම පිළිබඳව මහාචාර්ය හේරත් මහතා සම්බන්ධයෙන් ඇත්තේ කනගාටුවකි. පසුගියදා පැවැති කෝප් කමිටු රැස්වීමක දී එක් මන්ත්‍රීවරයකු ප්‍රශ්න කළේ රත්නායක මහතාට එම තනතුර දැරීමට ඇති සුදුසුකම පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට කාර්යාල  පිහිටුවීම සඳහා ඔහුට අයත් ගොඩනැගිල්ලක් ලබා දීම නොවේද යන්නයි.

එයට පිළිතුර වශයෙන් රත්නායක මහතා ප්‍රකාශ කළේ තමා දිගු කලක් එක්තරා දේශපාලන පක්ෂයක් සමග අත්වැල් බැඳගෙන එම පක්ෂය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කළ බවයි. එසේ දේශපාලන පක්ෂයක් ශක්තිමත් කිරීමට උත්සාහ කළ පුද්ගලයකු සභාපතිත්වය හොබවන කොමිසන් සභාවක් කිසිදු ආකාරයකින් ස්වාධීන නොවන බව චරිත හේරත් මහත්මාට මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට ද වැටහිය යුතුව තිබේ. 

සභාපතිවරයා ඉවත් කිරීමට හේතු වන කාරණා විස්තර කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවේ රත්නායක මහතා විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇති CA/WRIT/56/2023 අංක දරණ නඩුවේ ඇති තීන්දුව පිළිබඳව ද සඳහන් වේ. එය මෙසේ උපුටා දක්වා ඇත. ‘රාජ්‍ය ආයතනවල වගකිවයුතු නිලධාරීන්ගේ මෙවැනි හැසිරීම් හේතුවෙන් යහපාලනයේ මූලික මූලධර්ම ක්‍රමයෙන් විනාශ වී යා හැකිය.

මහජනතාවගෙන් යම් කොටසකගේ සිත් දිනා ගැනීම පිණිස නිල කාරණයක් සම්බන්ධයෙන් පෞද්ගලික දැක්මක් විස්තාරණය කිරීම උදෙසා, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ බහුතර තීරණය තනි සාමාජිකයකු විසින් හෝ සුළුතරයක් විසින් ප්‍රතික්ෂේප නොකළ යුතුය. එබැවින්, එවැනි හැසිරීම් මහජන සුබසිද්ධිය සඳහා ගනු ලැබූ පියවර ලෙස සරලව හඳුනාගත නොහැකි අතර, එසේම මෙම අයැදුම්පත මහජන සුබසිද්ධිය සඳහා නඩු මගට බැසීමක් ලෙස සැලකිය නොහැකිය.’

මහජනතාවගේ යම් කොටසකගේ සිත් දිනා ගැනීම පිණිස නිල කාරණයක් සම්බන්ධයෙන් පෞද්ගලික දැක්මක් විස්තාරණය කිරීම උදෙසා කොමිසන් සභාව පාවිච්චි කර ඇති ආකාරය ඉන් විස්තර වේ. 

ඉදිරි ආර්ථික ගමන් මග පිළිබඳව ඉතා සංකීර්ණ සහ තීරණාත්මක අවස්ථාවකට රට මුහුණ දී සිටී. විදුලි ගාස්තු සංශෝධනය, IMF ණය ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු වූ පූර්ව කොන්දේසිවලින් එකක් විය. එවැනි අවස්ථාවල දී පුද්ගල දැක්මක් විස්තාරණය කිරීම උදෙසා රටේ ඉතා වැදගත් නියාමන අධිකාරියක් වන මහජන උපයෝගීතා කොමිසම පාවිච්චි කිරීමට ඉඩ දීමට වගකිවයුතු රජයකට කිසිසේත්ම හැකියාවක් නැත. එබැවින් රජයක් ලෙස අවශ්‍ය අවස්ථාවල දී අවශ්‍ය පියවර ගෙන, ඇති වීමට තිබෙන තත්ත්වය නිරාකරණය කර ගැනීමට කටයුතු කරන්නේ නම් මහජනතාවගෙන් බහුතරයක් විසින් එම පියවර අනුමත කරනවා ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (0)

ස්වාධීන කොමිසන් විවරණයකට

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 244 0

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 2649 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 412 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 808 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 806 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 435 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site