IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සසුනඹර එකලු කළ පිඹුරේ උදිත නා හිමියෝ

ආගමික හා ශාසනික වශයෙන් නොමැකෙන මෙහෙවරක් ඉටුකළ පිඹුරේ උදිත ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක මාහිමිපාණෝ අවුරුදු 73 ක් ආයු වළඳා ඉකුත් (11) වැනිදා අපවත්වූහ.

මහා නා හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අගලවත්ත මිහිඳු විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී අද (15) සවස 2.00 පැවැත්වේ.

මේ ලිපිය ඒ නිමිත්තෙන්.

1948 ජනවාරි මස 11 වැනි දින පිඹුර මහගෙදර නම් වූ කුටුම්භයෙහි වලකඩ අප්පුහාමිලාගේ චාර්ලිස් අප්පුහාමි පියාණන්ට හා කන්නන්ගර රාළලාගේ දෝන චාලට් කන්නන්ගර මෑණියන්ටදාව වලකඩ අප්පුහාමිලාගේ දොන් විල්මට් සුමනසිරි නමින් පින්වත් කුමරෙක් උපන්නේය. දෛවෝපගතව හා පූර්වකෘත පුණ්‍ය කර්මයන්ගේ හේතුවෙන් මෙම පින්වත් කුමරා ජන්මයෙන්ම උපරිසම්පත්තියෙන් පරිපූර්ණ වූ කුමරෙක් විය. ඉගෙනුමට අත්පොත් තැබූ තැන් සිට නෙකවිධ ශිල්පීය ශාස්ත්‍රයන්හි කුසලතා ප්‍රකට කළ අප මහානායක හිමියෝ මූලික අධ්‍යාපනය සඳහා පිඹුර කනිෂ්ට විද්‍යාලයට ඇතුළත් වූහ. එම විද්‍යාලයෙහි තෙවැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලද මහානායක නාහිමියෝ සංසාරිකව ප්‍රගුණ කරන ලද කුසලාර්ථ ධර්මයන්ගේ බල මහිමයෙන් පිඹුරේ ගුණරතන බලුරලියේ සිලරතන තුඩුගල ජීවානන්ද යන මහාස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්ය උපාධ්‍යායෙන් ක්‍රි.ව. 1957 ක් වූ ජනවාරි මස 26 වැනි දින පිඹුරේ උදිත යන නමින් සසුන් කෙතට පිළිපන්හ.

ශාසනික ප්‍රවෘජාවෙන් අනතුරුව අප මහා නාහිමියෝ කොළඹ හුණුපිටිය ශ්‍රී ගංගාරාම විහාරස්ථ ශ්‍රී ඤාණේශ්වර භික්ෂු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව භික්ෂූත්වයට අත්‍යවශ්‍ය වූ මූලික ධර්ම ශාස්ත්‍රයන් ප්‍රගුණ කළහ. ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය ඉතා සාර්ථකව නිමකළ අප නාහිමියෝ ක්‍රි.ව. 1974 වර්ෂයේ විදුදය විශ්‍වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ. ඉන් අනතුරුව අප නාහිමියෝ ක්‍රි.ව. 1968 දී ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව පිහිටුවා වර්ෂ 150 ක් පරිපූර්ණත්වයට පත් වීම නිමිති කොට ගෙන එදින උන්වහන්සේගේ උපසම්පදා විනය කර්මය කැලණි විහාරය ආසන්නයේ ඉදි කළ උදකුක්ඛේප සීමා මාලකයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත් වූහ.

විදුදය විශ්‍වවිද්‍යාලයෙන් උපාධියලත් අප නාහිමියන් ස්වකීය ගුරු වෘත්තියෙහි ප්‍රථම රාජකාරිමය කටයුතු ආරම්භ කරන්නේ වර්ෂ 1974 දීය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලුපොත්දෙණිය විද්‍යාලයෙන් ප්‍රථම රාජකාරි කටයුතු ආරම්භ කළ අප නාහිමියෝ රිටිගහයාය කනිෂ්‍ඨ විද්‍යාලය, අතුබෝදේ කනිෂ්‍ඨ විද්‍යාලය, කළුතර කනිෂ්‍ඨ විද්‍යාලය යන පාඨශාලාවන්හි ස්වකීය ශාස්ත්‍ර දානය සිසු දරුවන් සඳහා ඉතා කැපවීමෙන් ලබා දුන්හ. වර්ෂ 1988 දී විහාරස්ථානයට වැඩම කළ අප නාහිමියෝ අගලවත්ත පතිරාජ මහ පිරිවෙණෙහි පරිවෙණාධිපති ධුරයට පත්වූ අතර වර්ෂ 2008 දී ඉසඹුලන තෙක් නොවක් ගිහි පැවැදි ශිෂ්‍යයන් සඳහා අධ්‍යාපනික මග පෙන්වීම සිදුකළහ.

අප මහානාහිමියෝ ස්වකීය ජීවන ගමනෙහි බොහෝ තනතුරු ලැබුණද ඉන් කිසිම උද්දාමයකට පත් නොවූහ.

2012 දී ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ වැඩ බලන මහානායක ධුරය සඳහා පත්වූ අප නාහිමියෝ වර්ෂ 2013 දී ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අභිනව මහනායක ධුරයට පත්වූහ.

පිඹුරේ උදිත නාහිමියෝ මත්තභාණි හා අනුද්ධත ගුණයන්ගෙන් පිරිපුන් භික්ෂුවක් වූහ. ස්වකීය විහාර පාර්ශ්වයේ මහානායක පදවිය හෙබ වූවද කිසිදු අවස්ථාවක එම තනතුරෙන් අනිසි උද්දාමයකට හෝ බලයකට පත් නොවූහ. ඉතා නිහඬ ප්‍රතිපදාවක් අනුගමන කළ අප නාහිමියෝ බොහෝ ගිහි  පැවිදි උතුමන්ගේ නොවක් ප්‍රසාදයට හා ගෞරවයට නිරන්තරයෙන් පාත්‍ර වූහ. ශාසනික වශයෙන් සමාජයට ප්‍රයෝජනවත් වන ශ්‍රමණ ගුණ ධර්මයන්ගෙන් හා උගත් බවින් අනූන වූ බොහෝ ගිහි පැවිදි ශිෂ්‍ය පිරිසක් මෙම සමාජයට දායාද කළහ. අප මහානාහිමියෝ කිසිදු අවස්ථාවක දේශපාලනික වශයෙන් පක්ෂග්‍රාහී නොවූ අතර ස්වකීය මහානායක ධුරයෙන් වුවද කිසිදු දේශපාලන පක්ෂයකට පක්ෂ නොවූහ. මහානායක ධුරයට පත් වීමෙන් පසුව වුවද සතර පේරුවේ ඕනෑම නිවසකට ආගමික කටයුතු සඳහා වැඩම කළහ. උන්වහන්සේ තුළ පැවැතියේ අපමණ කාරුණික දාරකසෙනේහය එනම් පිය පුතු බැඳීම් ශාසනික වශයෙන් අප නාහිමියන්ගේ ජීවන චරිතයෙහි කැපී පෙනුනු ලක්ෂණයක් විය. බොහෝ විට සංඝයාගේ කායික හා මානසික සුවතා අපේක්ෂා කළ අප නාහිමියෝ ස්වකීය මහානායක ධුරයෙන් ලත් බලයෙන් තවකෙකු කිසිදු අවස්ථාවක සුළු හෝ අපසුතාවකට පත් නොකළහ.

ප්‍රදේශයෙහි ප්‍රත්‍ය පහසුකම්වලින් ඌන විහාරස්ථාන හා ඇතැම් නිවෙස් සඳහාද උදිත  හිමියෝ ආධාරෝපකාර කළහ. අප නාහිමියන් බොහෝ දුෂ්කර පාසල්වල සේවය කරන සමයෙහි ස්වකීය ගුරු වැටුප පවා ඇතැම් අවස්ථාවන්හි අගහිඟකම්වලින් යුතු දරුවන් සඳහා ලබා දුන් අවස්ථා බොහෝමය. උදිත නාහිමියන් අල්ප වශයෙන් කථා කළ නිහඬව ස්වකීය ශාසනික හා ආගමික කාර්යයන් ඉෂ්ට කළ යතිවරයෙකි.

අප මහ නා හිමියන්ට උතුම් වූ නිර්වාණ සුඛය අත්වේවා.

(***)
ජඳුරේ චන්දරතන හිමි

 



අදහස් (0)

සසුනඹර එකලු කළ පිඹුරේ උදිත නා හිමියෝ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 333 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 955 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1440 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 226 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 441 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 610 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 533 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2069 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site