IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හිටිගමන් පෝසතුන් වෙන දේශපාලකයන්ගේ වෙස් ගලවමු

යම්කිසි ඇමතිවරයෙකු හෝ මන්ත්‍රීවරයෙකු ඒ තනතුරට පත් වන්නට පෙර ඒ අයගේ තිබූ ආර්ථික පසුබිම හදිසියේම කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන් දියුණු වී තිබෙනවා නම් වසර ගණනාවක් තුළ ලෝකයේ පොහොසතුන් අතරට එක් වී ඇත්නම් අතේ ශතයක් නොතිබූ අය දියුණු වී ඇත්නම් ඒ ගැන ජාතික මට්ටමේ පරීක්ෂණයක් කළ යුතු බවත්, එම මුදල් ඔවුන්ට ලැබුණේ කුමන මාර්ගවලින් ද යන්න සොයා බැලීම සත්‍ය වෙනුවෙන් කරන කැපවීමක් ලෙස තමන් විශ්වාස කරන බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගදරගුරුතුමන් කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 

කොළඹ අගරදගුරුතුමන් වැඩිදුරටත් පවසා තිබෙන්නේ සමහර මැති ඇමැතිවරුන් පොහොසත් වී තිබෙන ආකාරය පිළිබඳ රජය පරීක්ෂණ පැවැත්විය යුතු බව හා එම පරීක්ෂණ රජයේ මැති ඇමැතිවරුන් සම්බන්ධයෙන් මෙන්ම විපක්ෂයේ නියෝජිතයන් සම්බන්ධයෙන් ද කළ යුතු බවය. 

ජනාධිපති කොමිසමක් හෝ පත් කර අතේ ශතයක් හෝ නොතිබූ අය කෝටි ගණන් හම්බ කර ඇත්තේ කෙසේ ද යන්න සෙවිය යුතු බවද අගරදගුරුතුමන් ප්‍රකාශ කර තිබේ. 

මී කුණක් විකුණා සිටුවරයකු වූ දිළින්ඳකු සම්බන්ධ කතාවක් බෞද්ධ සාහිත්‍යයේ එයි. එයින් කියැවෙන්නේ උත්සාහවන්තයකුට තමන්ගේ ජීවිතය ගොඩ නගා ගත හැකි බවය. 

දුගියා යනු අතේ ශතේ හැකි මිනිසා නොව අවම කරමින් සිහිනයක් හෝ නොමැති පුද්ගලයා යැයි කතාවකි. එයින් කියැවෙන්නේ ද මනුෂ්‍ය ජීවිතයම අදාළ සිහින හඹා යමින් ජීවිත වාසනාවන්ත කර ගත හැකි බවය. ඔබ උපදින්නේ දිළින්දකු ලෙස නම් එය ඔබේ වරදක් නොවේ. එහෙත් ඔබ මිය යන්නේ ද දිළින්දකු ලෙස නම් එය ඔබේ වරදකි යැයිද කියමනකි. 

සියල්ලෙන්ම කියැවෙන්නේ දිරි බල සම්පන්න මිනිසාට ජයග්‍රහණය ලබා ගත හැකි බවය. කඳුල පරදා ජීවිතය ජය ගත් එබඳු ධෛර්යසම්පන්න මිනිසුන්ගේ වීර කාව්‍ය වලින් අපේ සමාජය පොහොසත්ය. එහෙත් ඒ දියුණුව අත්පත් කර ගත යුත්තේ සම්මා ආජීවයෙන් හෙවත් යහපත් දිවි පැවැත්මෙනි. යහපත් කර්මාන්ත වල නියැළෙමිනි. එසේ නොමැතිව මහජන දේපොළ හොරා කෑමෙන් නොවේ. මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් සමග යහන්ගත වීමෙන් ද නොවේ. 

කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තියුණු අවධානය යොමු කළ යුතු වන්නේ එහෙයිනි. 

වර්තමානය වන විට අප රට අර්බුද පොකුරකට එකවර මුහුණ පා සිටී. ජන ජීවිතය බරපතළ වියවුලකය. මරණ බය උරුමය බවට පත් වී තිබේ. නම නොදන්නා බෝම්බකරුවන්ගෙන් අභය දානය ඉල්ලා දණින් වැටී සිටීමට මුළු ජාතියටම සිදු වී තිබේ. රට මේ අනතුරට පත් කළේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෝ වෙති. එහෙත් එම මරාගෙන මැරෙන ත්‍රස්තයන්ට නම් පවිටු අරමුණු ඉටු කර ගැනීමට නොයෙක් ආධාරක බළ සේනාවන්ගෙන් උපකාර ලැබී තිබේ. ඔවුන්ට සංවිධානය වීමට, පුහුණු වීමට, අවශ්‍ය ආරක්ෂාව රැකවරණය ලැබී තිබේ. නොඑසේ නම් කිසි ලෙසකින් හෝ අපේ ත්‍රස්ත කල්ලියකට මෙවැනි විනාශයක් කළ නොහැකිය. ඒ තමන්ට අවශ්‍ය ආරක්ෂාව, රැකවරණය ලබා දෙන පුද්ගලයන්ට එම මරාගෙන මැරෙන ත්‍රස්තයන්ගෙන් මදියි නොකියන්නට සන්තෝෂම් ලැබී ඇතිවාට සැකයක් නැත. එබඳු සැකයක් සමාජ අභ්‍යන්තරයෙ රළ ගසමින් තිබේ. කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රකාශය බැරෑරුම්ව ගත යුත්තේ ද එහෙයිනි. 
අතීතියේ දී දේශපාලනය යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගරු සේවයකි. දේශපාලඥයා ගරු කටයුතු මහජන සේවකයෙකි. ඔහු දේශපාලනයෙන් හරි හම්බ කර ගත්තේ නැත. ඒ වෙනුවෙන් තමන්ගේ වත්කම් මහජනයා වෙනුවෙන් නිර්ලෝභීව ප්‍රදානය කළේය. 

තම ගම් පියසේ සිට බසයෙන් දුම්රියෙන් කොළඹ පැමිණ මහජන නියෝජිතයන්ගේ නවාතැන වූ ශ්‍රාවස්තියේ නතර වී මැති සබයෙන් සැසිවාරවලට සහභාගී වී ආ මගින්ම යළී ගම් රට බලා ගිය ගරු කටයුතු මහජන නියෝජිතයන් සම්බන්ධ අතීත පුරාවෘත්ත වර්තමානයේ ළය විනිවිදින කිණිසි තුඩකි. 

වර්තමානයේ වන විට දේශපාලනය එහෙම්පිටින්ම බඩ රස්සාවක් වී තිබේ. මහජන දේපොළ සූරාකන තක්කඩියන්ගේ චෞර කප්පිත්තන්ගේ තිස්පොළක් බවට පත් වී තිබේ. පාරට දමන තාර බැරලයෙන් සිමෙන්ති කොට්ටයෙන් පවා ඔවුහු  හොරකම් කරති. 

වඩාත් භයානකම කාරණය වී තිබෙන්නේ පාතාලයන්ගේ ආරක්ෂකයා බවට, මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ආරක්ෂකයා බවට මෙන්ම විවිධ අන්තවාදී උමතු ත්‍රස්තයන්ගේ ආරක්ෂකයා බවට දේශපාලනඥයා පත්ව තිබීමය. ඔවුන්ට රට ජාතිය හෝ ආගම ගැන හෝ උපනුපන් පරම්පරාවන් සම්බන්ධයෙන් වගවීමක් නැත. ඒ දේශපාලකයන්ට ඉඩදීම රට තව තවත් වළපල්ලට යැවීමකි. අගරදගුරුතුමන් ප්‍රකාශ කළ ආකාරයකට කුමන හෝ මාදිලියකින් පරීක්ෂණයක් කර මේ දේශද්‍රෝහීන් නිරුවත් කර දඬුවම් කළ යුතුය.



අදහස් (11)

හිටිගමන් පෝසතුන් වෙන දේශපාලකයන්ගේ වෙස් ගලවමු

අනුර Monday, 13 May 2019 07:49 AM

මෙම ලිපියේ ශිර්ෂපාඨයේ අරැතට එහා එහි අන්තර් ගතය ගැන රටට අවංකව ආදරය කරන අ⁣යගේ දැඩි අවදානය යොමු කලයුතුය. දේශපාලකයින්ගේ පමණක් නොව එසේ හදිසියේ ධනවත් වු සැම දෙනෙක් පිළිබඳව කරැණු හරියාකාරව දැන ගත යුතුය. මේ සදහා දේශිය ආදායම් දෙපාර්තමේතුව තම සේවය හරියාකාරව ඉටු කරනු ඇතයි බලාපොරොතු වෙමි. කෙසේ වෙතත් මෙවර මැතිවරණයක් පවත්වන්නේ නම් රටේ අහිංසක ඡනතාව වරක් දෙවරක් නොව බෝහෝ වරක් කල්පනා කොට තමාට සුදුසු විශ්වාස වන්ත පැහැදිලි ප්‍රතිපත්තියක් ඇති බුද්ධියෙන් වැඩුනු අවංක නායකයන් තෝරා පත්කර ගැනීමේ වටිනාකම මා හට තදින්ම අවබෝධ වී ඇත. මෙම දුෂ්කර වකවානුවේ අප සියලුදෙනාගේම වගකීම විය යුත්තේ සාමයෙන් හා දැඩි ඉවසීමෙන් පොලිසියේ හා අරක්ෂක අංශවල කටයුතු වලට බදා නොවන අන්දමින් කටයුතු කිරීම බව මාගේ අවංක අදහසයි. මගේ රටට දලදා පිහිටයි! බුදුසරණයි! මගේ රට සදාකාලයක්ම නිදහස් නිවහල් රටක්ව පැවත සැම සැප සම්පතකින්ම සපිරැනු දේශයක් බවට ඉක්මනින්ම පත්වේවා!

:       0       115

අනුර Monday, 13 May 2019 08:02 AM

මෙම ලිපියේ ශිර්ශ පාඨයෙන් දැක්වෙන අරුතට එහා එහි අන්තර්ගතය ගැන රටට අවංකව ආදරය කරන අ⁣යගේ දැඩි අවදානය යොමු කලයුතුය. දේශපාලකයින් ගේ පමණක් නොව එසේ හදිසියේ ධනවත් වු සැමදෙනෙක් පිලිබදවව කරුණු හරියාකාරව දැන ගත යුතුය. මේ සදහා දේශිය ආදායම් දෙපාර්තමේන්තුව තම සේවය හරියාකාරව ඉටු කරනු ඇතයි බලාපොරොතු වෙමි. කෙසේ වෙතත් මෙවර මැතිවරණයක් පවත්වන්නේ නම් රටේ අහිංසක ජනතාව වරක් දෙවරක් නොව බෝහෝවරක් කල්පනා කොට තමාට සුදුසු විශ්වාශවන්ත පැහැදිලි ප්‍රතිපත්තියක් ඇති බුද්දියෙන් වැඩුනු අවංක නායකයන් තෝරා පත්කර ගැනීමේ වටිනාකම මා හට තදින්ම අවබෝද වී ඇත. මෙම දුශ්කර වකවානුවේ අප සියලු දෙනාගේම වගකීම විය යුත්තේ සාමයෙන් හා දැඩි ඉවසීමෙන් පොලිසියේ හා අරක්ෂක අංශවල කටයුතු වලට බාධා නොවන අන්දමින් කටයුතු කිරීම බව මාගේ අවංක අදහසයි. මගේ රටට දලදා සමිදුගෙ පිහිටයි! බුදුසරණයි! මගේ රට සදාකාලයක්ම නිදහස් නිවහල් රටක්ව පැවත සැම සැප සම්පතකින්ම සපිරුනු දේශයක් බවට ඉක්මනින්ම පත්වේවා!

:       0       23

sandy123 Monday, 13 May 2019 08:55 AM

අගරදගුරුතුමන් ප්‍රකාශ කළ ආකාරයකට කුමන හෝ මාදිලියකින් පරීක්ෂණයක් කර මේ දේශද්‍රෝහීන්ට දඬුවම් කළ යුතුයි. මෙය සිදුවේ නම් මේ ලංකාව නොවේ...

:       0       83

sandy123 Monday, 13 May 2019 08:55 AM

අගරදගුරුතුමන් ප්‍රකාශ කළ ආකාරයකට කුමන හෝ මාදිලියකින් පරීක්ෂණයක් කර මේ දේශද්‍රෝහීන් නිරුවත් කර දඬුවම් කළ යුතුය. මෙය සිදුවේ නම් මේ ලංකාව නොවේ.

:       0       25

sandy123 Monday, 13 May 2019 08:56 AM

අගරදගුරුතුමන් ප්‍රකාශ කළ ආකාරයකට කුමන හෝ මාදිලියකින් පරීක්ෂණයක් කර මේ දේශද්‍රෝහීන්ට දඬුවම් කළ යුතුය. මෙය සිදුවේනම් මේ ලංකාව නොවේ.

:       0       6

Bandara Monday, 13 May 2019 10:23 AM

එතකොට කවුද? ඉතිරිවෙන කෙනෙක් නැහැනේ...

:       0       7

athula Monday, 13 May 2019 06:32 PM

එහෙම කරලා ඉතිරි වෙන්නේ පාර්ලිමේන්තුවේ නම් ජවිපෙ 6 දෙනා සහ සමහරවිට සරත් ෆොන්සේකා රන්ජන් , බුද්දික පතිරණ විතරක් ඉතුරු වේවි

:       256       475

ලෝරන්ස් අපොන්සු Tuesday, 14 May 2019 09:05 AM

ඔය කියන ජාතියේ මීගමුවේ කෙනෙක් දැන් දියවන්නාව පැත්තේ ඉන්නවා. ඒ කාලේ ඉරුණු බැනියමක් ඇඳගෙන බයිසිකලයෙන් පැමිණ, මීගමුවේ මහනගර සභාවට ලයිට් බිල් ගෙවායන ඔහුව මට අදටත් මතකයි. අද ඔහුගේ පව්ලම මුළු මීගමුවේ ඇති දුෂිත වැඩවලට අඩු වැඩි වශයෙන් දායක වී ඇත. පියා මීගමුව වෙරළ තීරය බලයෙන් පාලනය කරයි. වෙරළේ ඇති වැසිකිලි වල මුදල් ඔහුටය. පොලිසිය ඒ පැත්තටවත් නොයයි. සහෝදරයාගේ අනියම් බිරියන් 3දෙනෙකි. ඔවුන්ව නඩත්තු කරන්නේ මහා නගර සභාවේ මුදල් වලිනි. එදා එස්.ටී.එෆ්. එකෙන් මොහුගේ කුඩු කිලෝ 95ක් වැටලූ විට රටේ ඉහළම දේශපාලුවෙක් ඔහුව නිදහස් කරගන්නට හෙලිකොප්ටරයකින් මීගමුවට පැමිණි කතාව මීගමුවේ කාටත් රහසක් නොවෙයි. මට්ටයා යන නමින් හඳුන්වන ජන කොටසට අයත් මොහු අද රටේ ලොකු දේශපාලුවෙකි.

:       0       0

chathuri Wednesday, 15 May 2019 01:25 AM

පුදුමය තියෙන්නේ මේ සේරමලා..... සුදු ඇඳගෙන , වැලමිට ලගට යනකම් පිරිත් නුල් බැඳගෙන කිසිම ලැජ්ජාවකුත් නැතුව මල් වට්ටිය අතේ තියන් බුදුන් වදින හැටි ලැජ්ජයි , පැජරෝ එකේ යන්නේ හරියට. මහන්සිවෙලා ඉගෙනගෙන හරිහම්බ කරපු ගානට හරියට මිල අධික අය වගේ මේවා දකින අපිට තමයි දුක අනුන්ගේ දේවල්හොරෙන් කලා මෙහෙම ඉපදෙනවට වැඩිය. හොඳයි තියෙන. විදියට ජිවත් වෙනවා

:       0       0

Nilu Wednesday, 15 May 2019 10:47 AM

මලයාසියාවේ වගේම සියලුම මැති ඇමැතිවරුන්ගේ වත්කම් හෙළි කළ යුතුයි.

:       0       0

sira Wednesday, 15 May 2019 02:57 PM

සියලුම දේශපාලකයින් තමන්ගේ වත්කම් ප්‍රකාශ දී තිබෙනවද? නැහැනේ? තව කතා මොකටද? ගරු ෆීල්ඩ් මාර්ෂල්තුමනි, ජනාධිපතිවරණයට ඔබ ඉදිරිපත් වන්න. අනිවාර්යයෙන් ඔබ දිනනවා. කලිනුත් ඔබ තමයි දිනුවේ. රාජපක්ෂලා එය ඔබගෙන් අමුඅමුවේ කොල්ල කෑවා. පාර්ලිමේන්තුවට අවශ්‍ය 10-15 අතර ඔබත් සිටිනවා. මෙන්න අවසන් ප්‍රතිඵලය මේ අය ඉල්ලුවොත්. 1) වැඩිම ඡන්ද ෆොන්සේකා 2) කරූ 3) වෙන ඕනෑම අයෙක් 4) ගෝඨා [ඇමරිකාව ඉඩ දුන්නොත්] 5) රනිල් 6) පතෝල සිරා.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 537 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1042 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 972 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 177 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 116 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 1006 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18718 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site