IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


හණමිටි මතවලටත් - සම්මතයටත් එරෙහිවූ දයාබර පියතුමා

(*** ඒ.ඩී. රන්ජිත් කුමාර)

1969 වසරේ වෙසක් සමයේ එක්තරා දිනක සවස් වරුවේ මා මිත්‍ර චිත්‍රපට විචාරක, ලේඛක ඈෂ්ලි රත්න විභූෂණ කැලණියේ පෑලියගොඩ මීසම්වල පාලනාධිපති ලෙස සේවය කළ අර්නස්ට් පොරුතොට පියතුමා මට හඳුන්වා දුන්නේය. පෑලියගොඩ බියගමට යන පාරේ දේවස්ථානයට ගිය මට දක්නට ලැබුණේ එහි විදුලි එළියෙන් දිදුලන වෙසක් කූඩුය. මා මවිතයෙන් වට පිට බැලුවෙන් පෝරුතොට පියතුමා මොකද? මෙයා පුදුම වෙලා කියා ඇසුවේය.

නෑ ෆාදර් කතෝලික පල්ලියක වෙසක් කූඩු පත්තු වෙනවා දැක්කමයි.

පුදුම වෙන්න එපා. මෙහෙ අවට ඉන්න බෞද්ධයෝ අපට උදව් කරනවා. පල්ලියේ මංගල්‍යය දවසට පාර සරසනවා. ජෑම් පාන්, සරුවත්වලින් සංග්‍රහ කරනවා. ඒ විතරක් ද? පල්ලියේ ඇතුළේ වැඩ කටයුතුවලට සම්බන්ධ වෙනවා. ඉතින් ඒකට කළගුණ සලකන්න පල්ලියේ වෙසක් කූඩු එල්ලීම, ඒවාට ආලෝකය දැල්වීම වරදක් ද?

මම එය අනුමත කරමින් හිස සැළුවෙමි.

අර්නස්ට් පෝරුතොට පියතුමා රැඩිකල් චරිතයක් බව මම දැන සිටියෙමි. සිනමාව ගැන සිංහල බසින් පොතක් ලියූ ප්‍රථම කතෝලික පියතුමා උන්වහන්සේමය. පොතේ නම ‘‘චිත්‍රපටි ගැන’’ ය. ලංකා චිත්‍රපට විචාරක ලේඛක සංගමයක් බිහි කිරීමට ද පුරෝගාමී වූ උන්වහන්ගේ OCIC අන්තර් ජාතික කතෝලික සිනමා සංවිධානයේ ශ්‍රී ලංකා සිනමා පර්ෂදයේ ප්‍රථම සංවිධායකයා ද විය.

පෝරුතොට පියතුමා 1969 දෙසැම්බර් 25 වැනිදා ‘‘කලා’’ සිනමා සඟරාව සඳහා විශේෂාංගයක් ලිවීම සඳහා මම කුඩා අවදිය ගැන කරුණු විමසීමි.

‘‘සෙක්කුවත්තේ මහගෙදර සිටින කාලයේ කජුපුහුලන් කෑමටත්, මාළු බිලී බෑමටත් මම ආශා කළා. මම මව්පියන් සිටි මාරවිල සිට ගමට ගමන් කළේ තෙරේසා සුදු අම්මා (ආච්චි) සමග බස් රියෙන්. ගම හරහා දඬු ගඟ ගලන ගංවතුර කාලයේ දඬුගම තොටුපොළේ සිට මම ගමන් කළේ සුදු අම්මාගේ කරේ වාඩි වී ගෙන. මා බොරැල්ලේ ශාන්ත ඇලෝසියස් දෙව්හලට කැඳවා ගෙන ගියේ සුදු අම්මා.

පුතේ ඔය ඉස්සරහට ගහපු අඩිය ආපසු ගන්න එපා. ඇය කිව් ස්වරය තවමත් මගේ හිතේ රැව් දෙනවා.

උපන් හැටියේ බිම වැටී පොඩිවී ගිය මගේ හිස පුළුන් පිරවූ පොල් කට්ටක දමා හිසත් පණත් රැක දුන් සුදු අම්මා බැලීමට මම අදත් (1969) සෙක්කුවත්තට යනවා.

එහෙත් දැන් යන්නේ කජු පුහුලන් කන්න නොවේ. මාළු බාන්නට නොවේ. රෝගාතුර වූ ඇයට සත් ප්‍රසාද රැගෙන යාමටය. සුදු අම්මා මා අගයන ඇගේ මුළු ජීවිතය මා දුටු හැම චිත්‍රපටයටම වඩා ජීවමාන චිත්‍රපටයක්.

පෝරුතොට පියතුමාගේ පියා පෝරුතොටගේ ජෝකිම් ප්‍රනාන්දු (පී. ප්‍රනාන්දු) මාරවිල රෝමානු කතෝලික පිරිමි පාසලේ මුල් ගුරුවරයා ලෙස කටයුතු කර ඇත.

ඔහු විවිධ විෂයයන් ගැන පොත් 12ක් ලියා ඇති බව පියතුමා එදා මට පැවැසුවේය.

පෝරුතොට පියතුමා යොවුන් වියේ සිටම රැඩිකල් චරිතයකි. විප්ලවවාදියෙකි. පෙරළිකාරයෙකි. දේවස්ථානයේ වෙසක් උත්සවය වෙනුවෙන් තම දේවස්ථානයේ වෙසක් කූඩු එල්ලූ එතුමා දේවස්ථානයට මගුල් බෙරකරුවන් ගෙන්වීම ද මංගල්‍ය අවස්ථාවල දී ජයමංගල ගීත ගැයීම, දේශීය කලාවට මුල් තැන දෙමින් ගොක් කොළවලින් සැරසිලිවට තැනදීම ආදිය ගැන හණමිටි අදහස් ඇති මතවාදීන් තුළ වූයේ බලවත් විරෝධයකි. ඒ විරෝධතා නොතකා පියතුමා තම සිතැඟි ඒ ලෙසම ක්‍රියාත්මක කිරීමට හිතුවක්කාරයෙක් විය.

මම පූජකත්වයට සූදානම් වන කාලේ චිත්‍රපට රසිකයෙක්. ඒ කාලේ (පණහ දසකයේ) තිරගත වූ සිංහල චිත්‍රපට සේරම බැලුවා. මෙයට ඇතැම් වැඩිහිටි පූජකවරුන් කීවේ ‘පූජකත්වය ලැබීමට සිටින නුඹ බයිස්කොප් බලලා පාපයක් කර ගන්නවා’ කියලා. පසුව චිත්‍රපට නැරඹීමට, චිත්‍රපට තැනීමට කතෝලික සභාවේ තහනමක් නැතැයි සාන්ත ඇලෝයි නවක දෙව් සත්හලේ අධිපති පියතුමා කී විට හණමිටි අදහස් දැරූ අය ඇස් ලොකු කර ගත්තා. පියතුමා කීවේය.

සිංහල කතෝලික පියතුමකු චිත්‍රපට කලාව ගැන මුල්ම සිනමා පොත ලිවීමේ වාර්තාව පිහිටවූ පියතුමා.
ග්‍රන්ථ කර්තෘවරයකු ලෙස භව්‍යවාදය හා ලංකාව ගිහියා - වතිකානු කතිකාවත - සුරාව - වෘත්තිය සමිති විප්ලවය - කිතුණු පෙරළිය - කාදිනල් කුරේ - සේරම් ගුරු හිමි ජීවිතයේ පූජවකි. චිත්‍රපට වර්ෂික සිනමාවේ සහ මාධ්‍යය ආදී කෘති සම්පාදනය කළේය.

එතුමා අවසන් වරට මට හමු වූයේ මීට වසර පහකට පෙර මොරටුව අඟුලානේ දේවස්ථානයේ දීය. ඒ විශ්‍රාම ගෙන සිටි අවස්ථාවකය.

ඔබතුමාගේ විශ්‍රාම ජීවිතය ගත කරන්නේ කෙසේදැයි මම එදා එතුමාගෙන් ඇසුවෙමි.

දැන් මම අවදිවන්නේ උදේ 5 ටයි. උදේ කටයුතු අවසන් වුණාට පසු පිරිසුදු වී ආගමික කටයුතුවල යෙදෙනවා. දහවල් 11 වන තුරු පුවත්පත් සඟරා බලනවා. මට දැන් වයස අවුරුදු 86 (2015 දී) පහු වෙලා. ඊට පස්සේ අනුමැතියට එවා ඇති රූපවාහිනි ටෙලි නාට්‍ය බලනවා. දවල් කෑමෙන් පසු පැයක් නිදා ගන්නවා. හවසට දේව මෙහෙයට යනවා. මේ කටයුතු හැර මම පොත් ලියනවා. සිනමාව ගැන කරුණු එකතු කරනවා. මා ලියූ පොත්වල නව මුද්‍රණ නිකුත් කරනවා. පියතුමා කීවේය.

ජීවිත ගමනින් සමුගත් පෝරුතොට පියතුමා මානව දයාවෙන් සපිරි උතුම් දේව දූතයෙකි. ආගම්, ජාති, කුල භේද පිටු දැකි මේ උතුම් මනුෂ්‍යයාගේ දයාබර වදන් මා වසර 50 කට වැඩි කාලයක් අසා ඇත. අද වසර 91 ක දිගු ජීවන ගමන කෙළවර කොට කයෙන් වෙන් වුවත් දයාබර හිනාව උතුම් මිත්‍රත්වය මා ඉදිරියට ජීවත් වන ඉතා කෙටි කාලය දක්වා පවතීවි.

 



අදහස් (2)

හණමිටි මතවලටත් - සම්මතයටත් එරෙහිවූ දයාබර පියතුමා

Wipula Sumanasekera Friday, 19 June 2020 12:43 AM

හණමිටි මතවාදවලට එරෙහිව "ක්‍රිස්තු චරිතය" චිත්‍රපටය පෙන්වන අවස්‍ථාවේ නැගී සිටි මෙතුමා මගේ ආදරණීය ගුරුතුමෙකි. එදා එතුමාට එදිරිව සම්ප්‍රදායික කතෝලික පූජකවරුන් හා බලවේග නැගී සිටිය වේලේ එතුමා නොසෙල්වී ඒ සියල්ලටම මුහුණ දුන්නේය. අවසානයේ එතුමාව, එතුමාම ආරම්භ කළ කතෝලික සිනමා පර්ෂදයෙන් ඉවත් කළේය. මෙය වෙනමම කතා කළ යුතු සුවිශේෂ මාතෘකාවකි. එතුමාට ස්වර්ඝ මෝක්ෂ සැපත හා සුවය අත්වේවා !!!

:       0       5

vidya Friday, 19 June 2020 02:17 AM

මානව දයාව සහ කරුණා මෛත්‍රී ගුණයෙන් පිරිපුන් පියතුමෙක්...

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 67 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1396 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 649 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 200 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4637 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12972 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site