IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


හොඳටම බොන්න දී මරා පිච්චුවා

IMG_2862 

 

දන්කොටුව, බුජ්ජම්පොල, ඉරබඩගම ප්‍රදේශයේදී පස්දෙනකු ඝාතනය කොට ඔවුන් වෑන් රථයක් තුළ පුළුස්සා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ව්‍යාපාරිකයකු ඇතුළු පස්දෙනෙක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
කප්පම් සිද්ධියක් මුල්කරගෙන මෙම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක වී ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (13) පැවැසීය.

dankotuwa
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන අමිල නුවන් අල්මේදා (28) (බොයිලේරුවා) සහ ඔහුගේ සේවකයන් යැයි කියන රෝහිත නියොමාල් ක්‍රිෂාන්ත (40), සුනෙත් මධුසංක (28), කේ.ජේ. සමන් කුමාර (28) සහ රසික ප්‍රදීප් යන පස් දෙනායැයි රහස් පොලිසිය කියයි.

වෑන් රථය තුළ පිළිස්සී තිබු මළ සිරුරු අතුරින් නේවි කපිල හෙවත් සීසර් කපිල, පෑලියගොඩ නීල් සහ කටානේ ක්‍රිෂාන්ත හෙවත් සූප්පුවා යන තිදෙනාගේ සිරුරු හඳුනාගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අමිල නුවන් අල්මේදා නමැත්තා පන්නල, මාකඳුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බවත් නේවි කපිල හෙවත් සීසර් කපිල නමැත්තා කාලයක සිට ඔහුගෙන් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබාගෙන ඇති බවත් පොලිසිය කියයි.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් නේවි කපිල නමැත්තාගේ දුරකථන අංකය ඔස්සේ පරීක්ෂණ පවත්වා ප්‍රධාන සැකකරු වන ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී මාරවිල පොලිසියට පැමිණ බාරවීමෙන් පසු ඔහුගෙන් හෙළිවූ තොරතුරු මත සෙසු පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.


මෙම ව්‍යාපාරිකයා ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක බොයිලේරුවට දර සපයන කොන්ත්‍රාත්කරුවකු බවත් ඔහුගේ පියාද ලොතරැයි අලෙවි නියෝජිතයකු බවත් කියති.


නේවි කපිල නමැත්තා මොහුගෙන් මසකට රුපියල් 40,000 බැගින් කප්පම් ලබාගෙන ඇති බවත් මාස 7ක පමණ කාලයක සිට මෙම ව්‍යාපාරිකයාගෙන් සහ ඔහුගේ පියාගෙන් රුපියල් ලක්ෂ 5කට ආසන්න මුදලක් වරින්වර කප්පම් ලෙස ලබාගෙන ඇති බවත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ බව පොලිසිය කියයි.


සිද්ධිය වීමට දින කිහිපයකට පෙරද නේවි කපිල නමැත්තා ව්‍යාපාරිකයාගෙන් 70,000ක කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර ඔහු සිදුකරන මෙම කප්පම් ගැනීම නතර කිරීම සඳහා ව්‍යාපාරිකයා මෙම ඝාතනය සැලසුම් කර ඇති බව හෙළිවූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.


නේවි කපිල නමැත්තාට ඒ මුදල ලබාදීමට කැමැත්ත පළ කර ඇති ව්‍යාපාරිකයා කපිල නමැත්තා සහ ඔහුගේ ගෝලයින් පිරිස සිද්ධිය වූ දින රාත්‍රියේ ව්‍යාපාරිකයාගේ නිවෙසට ගෙන්වාගෙන ඔවුන් වෙනුවෙන් මත්පැන් සාදයක් පවත්වා කප්පම්කරුවන්ට අධික ලෙස මත්පැන් පානය කිරීමට ඉඩ සලස්වා ඇති අතර අරක්කු බෝතල් තුනක්ම මොවුනට ලබාදී ඇති බවද හෙලිවී ඇත.


කප්පම් වශයෙන් රුපියල් 70,000 ක මුදලක් ඒ අවස්ථාවේ තමා සතුව නොමැති බවත් රුපියල් 60,000 ක පමණ මුදලක් දිය හැකි බව ව්‍යාපාරිකයා නේවි කපිල නමැත්තාට දන්වා ඇති බවද එම මුදල ලබා ගැනීමට කපිල නමැත්තා එකඟවීමෙන් අනතුරුව මුදල් රැගෙන ඒමට යැයි පවසා ව්‍යාපාරිකයා සාදයෙන් ඉවත්ව ගොස් ඇති බවද කියති.


එදින රාත්‍රියේ මුදල් ලබාදීමට යැයි කියා ව්‍යාපාරිකයා විසින් මේ පිරිස කොස්හේන පොළට ගෙන්වාගෙන ඇති බවත් සිය සගයන්ද සමග වෑන් රථයකින් එහි ගිය නේවි කපිල නමැත්තා වෑන් රථයෙන් බැස මුදල් ලබා ගැනීමට ව්‍යාපාරිකයා ළඟට ගිය විට ව්‍යාපාරිකයා යකඩ පොල්ලකින් ඔහුගේ හිසට පහරදී ඔහු ඝාතනය කර ඇති බවත් ඒ අවස්ථාවේ වෑන් රථයේ කැසට් යන්ත්‍රය අධික ශබ්දයෙන් දමා ඇති නිසා කපිල කෑගසන හඬ කිසිවකුටත් ඇසී නැති බවත් හෙළිවී ඇත.


නේවි කපිලගේ සගයන් සිවුදෙනාද අධික බීමතින් සිටි හෙයින් ඔවුන්ද වරින් වර තමන් ළඟට ගෙන්වා ගෙන යකඩ පොල්ලෙන් පහරදී ඔවුන් ඝාතනය කළ බව ව්‍යාපාරිකයා ප්‍රකාශ කළ බව පොලිසිය පවසයි.


යකඩ පොලු පහරින් මියගිය පස්දෙනා වෑන් රථය තුළට දමා ගැනීම ව්‍යාපාරිකයාට තනිවම කළ නොහැකි වූ හෙයින් ඔහු ඒ සඳහා තම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයන් සිවු දෙනකු කැඳවා ඔවුන්ගේ ආධාරයෙන් කප්පම්කරුවන් පිරිස වෑන් රථයේ පිටුපසට දමා ගෙන ඇති බවද පොලිසිය කියයි.


මළ සිරුරු සහිත වෑන් රථය බුජ්ජම්පොල, ඉරබඩගම පාළු ප්‍රදේශයට ගෙනැවිත් එහිදී සිරුරුවලට පෙට්‍රල් දමා ඇති අතර අත්අඩංගුවේ පසුවන සිවුවැනි සැකකරු ගිනිකූරු ගසා සිරුරුවලට ගිනි තබා ඇති බවද ප්‍රකාශවලදී හෙළි වී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.


මළ සිරුර දැවී තිබුණ ස්ථානයේ ලේ පැල්ලම් වැනි පැල්ලම් වැටී තිබුණ ද ඒවා ලේ පැල්ලම් නොවන බවද පැවසේ.


අත්අඩංගුවට ගත් සැකකරුවෝ අද (14) මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.


මේ අතර පුළුස්සන ලද පුද්ගලයන් ඝාතනය කරන්නට ඇතැයි සැක කෙරෙන මාකඳුර පොළ භූමියේ කොටසක් ඊයේ (13) උදේ 8.45 ට පමණ වසා දමා එම ස්ථානය පරීක්ෂාවට ලක් කළ බව පන්නල පොලිසිය කියයි.


පිළිස්සුණු පුද්ගලයින් මෙම ස්ථානයේදී ඝාතනය කළ බවට තොරතුරු ලැබී ඇති නිසා ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පොල භූමියේ කොටසක් වසා තබා ඇති බවත් පොලිසිය පවසයි.


ඝාතනයට ලක්වී ඇති නේවි කපිල නමැත්තා දංකොටුව සහ පන්නල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් බියගන්වා කාලයක සිට කප්පම් ගැනීමේ නිරතව සිට ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.


දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන නේවි කපිල නමැත්තාට සහ ඔහුගේ ගෝලයින්ට ඇති බිය නිසා ව්‍යාපාරිකයින් ඔවුන්ට එරෙහිව පොලීසියේ පැමිණිලි කරන්නට ගොස් නැති බව කියති.


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, ඉන්දිකා රාමනායක, නිරංගි අබේවික්‍රම, වෙන්නප්පුව රවින්ද්‍ර ලියනගේ, සඳලංකාව හේමලතා ඩී. හේවගේ, නයිනමඩම චන්දන ප්‍රනාන්දු සහ හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)

 


 

සැකකරුවෝ පස් දෙනා මාකඳුර පොළ භූමියේදී මහේස්ත්‍රාත් හමුවේ පාපෝච්චාරණය කරති 

 

ma01

 

දන්කොටුව බුජ්ජම්පොළ ඉරබඩගම ප්‍රදේශයේ කොස්හේන මාර්ගයේ වෑන් රථයක් තුළ ඝාතනය කර පුළුස්සා තිබූ පස් දෙනාගේ එම ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (13) සවස මාකඳුර පොළ භූමියට පොලිස් ආරක්‍ෂාව මධ්‍යයේ රැගෙන ආ බව පන්නල පොලිසිය කියයි.


කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ජානක වත්තෙගෙදර මහතා ඊයේ සවස සිද්ධිය වූ එම ස්ථානය නිරීක්‍ෂණය කළ අතර එහිදී සැකකරුවෝ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබූහ.


මහේස්ත්‍රාත්වරයා ඊයේ (13) සවස 5.15ට පමණ මාකඳුර පොළ භූමියට පැමිණෙන විට මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන පස් දෙනා පොලිස් ආරක්‍ෂාව මැද රහස් පොලිසියේ නිලධාරීන් විසින් වෑන් රථයකින් ගෙනවිත් තිබිණි.

DSC_0045

සැකකරුවන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ගෙන ආ අවස්ථාව. (ඡායාරූප: වෙන්නප්පුව රවීන්ද්‍ර ලියනගේ)

 


වෑන් රථයේ සිටි සැකකරුවන්ගෙන් එක් සැකකරුවකු බැගින් මෙම ඝාතනය සිදු කළ බව කියන මාකඳුර පොළේ එම කොටසක පිහිටි ස්ථානයකට ගෙන ආ අවස්ථාවේදී ඝාතනය සිදු කළ අයුරු ඔවුන් මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට දී කියා සිටි බව පොලිසිය කියයි.


කප්පම් ඉල්ලා සිටි අවස්ථාවේ දී කප්පම් මුදල ලබාදීමට පොළ භූමියට පැමිණෙන ලෙස දැනුම් දී කප්පම් කල්ලිය වටකර මරා දැමූ බව සැකකරුවන් වැඩ බලන මහේස්ත්‍රාත් ඉදිරියේ කළ ප්‍රකාශවලින් හෙළි වූ බව ද පොලිසිය පවසයි.


මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන පස්දෙනා ඊයේ (13) සවස කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බව පොලිසිය කියයි.


මෙම සිද්ධිය දැකබලා ගැනීමට විශාල පිරිසක් පොළ භූමිය අවට රැස්ව සිටි අතර අවට විශේෂ ආරක්‍ෂාවක් යොදා තිබිණි.

 

DSC_0039

කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ජානක වත්තෙගෙදර මහතා ඉදිරියට සැකකරුවන් ඉදිරිපත් කළ අයුරු.

 

(සඳලංකාව හේමලතා ඩී. හේවගේ සහ වෙන්නප්පුව රවීන්ද්‍ර ලියනගේ)

   

 



අදහස් (0)

හොඳටම බොන්න දී මරා පිච්චුවා

කෝනාර Sunday, 20 March 2016 12:25 AM

තමන්ට වෙන අසාධාරණ අහන්න කෙනෙක් නැතිවුණාම, කරකියා ගන්න දෙයක් නැතිවුණාම මිනිස්සු මෙහෙම කරනවා. කරුණාකර සාධාරණව මෙය සොයාබලා මේ ව්‍යාපාරිකයා නිදහස් කරන්න. මොහු හොරෙක් දාමරිකයෙක්, අනුන්ගෙ කප්පම් වලින් ජිවත්වූ කෙනෙක් නොවෙයි (නි)

:       0       0

උදාර Sunday, 20 March 2016 12:26 AM

අපේ පොලිසිය නීතිය හරියට ක්‍රියාත්මක කරනවා නම් මෙහෙම දේවල් වෙන්නෙ නැහැ. ඒකෙ ලොකු හිඩැස් තියාගෙන මේ ව්‍යාපාරිකයට දඬුවම් කරන්න එපා. ඔහු නිදහස් කරන්න. පොලිසියටවත් කරනන් බැරි වැඩක් ඔහු කරලා තියෙන්නේ. (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Tuesday, 15 March 2016 05:14 PM

හිතවත් ලක්සි ,මම විදෙස් රටක හිටියත් මට හිතනවා ඔබටත් යම් ගැටලුවක් තිබෙනවා කියන එක. මොනවා කළත් නීතියට පිටින් යන්න එපා. ඔය තාවකාලික විසඳුම් හරියන්නේ නැහැ. කරුණාකර නීතියේ සහය ලබාගන්න (නි)

:       0       0

සන්තුෂ් Tuesday, 15 March 2016 03:10 AM

මට නම් මෙම ව්‍යාපාරිකයාගේ වරදක් පෙනෙන්නේ නැහැ. සෑම ප්‍රශ්නයකම දෙපැත්තක් තිබෙනවා (නි)

:       0       0

දම්මික Tuesday, 15 March 2016 03:04 AM

මෙහෙම අය ඉක්මනින් මංකොල්ලකාරයෝ කප්පම්කාරයෝ රටෙන් අතුගාලා දාන්න සමත්. විරුවාණනි, ඔබට අපේ උපහාරය! (නි)

:       0       0

මිහිර Tuesday, 15 March 2016 06:28 PM

අපි මේ ප්‍රශ්නය දෙස සාවධානව බැලියයුතුයි. මෙවන් අවස්ථාවකට අපි පත්වුණා නම් අපි මොකක්ද ගන්න පියවර? (නි)

:       0       0

පී. චන්ද්‍රරතන පැරිස් Tuesday, 15 March 2016 06:45 PM

මොන වරදක් කළත් නේවි එකේ වැඩකළා කියන්නේ රණවිරුවෙක්. (නි)

:       0       0

නිම්මි Monday, 14 March 2016 02:55 PM

ගමගේ හරි. මේවා රජයේ විසදන්න ඕනේ ප්‍රශ්න. හරි හමන් රජයක් නැති නිසා මිනිස්සු අමාරුවේ.(අ)

:       0       0

සුනෙත් Monday, 14 March 2016 03:01 PM

මේ කප්පන් ගන්න 3 දෙන මරාදැම ව්‍යාපාරිකයාට උපහාර පුදා පතල හා කප්පන් කරුවන් විනාශ කිරීමට රජයෙන් ඒකකයක් සද එහි ප්‍රධාන උපදේශක තනතුර ගෞරවයෙන් ප්‍රදානය කරමු (අ)

:       0       0

ලක්ෂි Tuesday, 15 March 2016 03:47 AM

නිමල් රාජපක්ෂ මහත්මා ලංකාවෙ ජිවත්වෙන කෙනෙක් නෙමේ කියලයි මම හිතන්නෙ.මට අසාධාරණයක් වුනොත් මම කරන්නෙත් ඔය ටිකම තමයි.මොකද පොලිසිය මාව එ් තත්වයට පත්කරල ඉවරයි. (බ)

:       0       0

දුලාජ් ඉෂාර Tuesday, 15 March 2016 09:14 AM

මම කියන්නේ දෙගොල්ලොම වැරදි .රටක නිතිය රකින්න පුළුවන් රටේ ඉන්න මිනිස්සුන්ර්ට විතරි මේ ඔක්කොම වෙන්නේ රටේ නිතිය බල්ලට දල තියන නිසා මුලින්ම අපේ රටේ පොලිසිය හදන්න ඕනනේ නැත්නම් තව මේ වගේ දේවල් වෙනවා රට විනාශ වෙනකල්ම ආරක්ෂක ඇමති තුමනි මෙය ඔබටද විය හැක .රට ගැන හිතන්න (බ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Saturday, 19 March 2016 07:07 AM

පොලිසිවලින් අල්ලා ගත්තත් අපේ සල්ලි වලින් කකා බිබී හිරගෙවල් වලට වෙලා කරන්නෙත් පාතාලේ මෙහෙවන එකමනේ. අඩුම ගානේ දැන් අනිත් ව්‍යාපාරිකයෝ ටිකට හරි හිතේ නිදහසින් වෙළදාම් කරගන්න පුළුවන්. (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 15 March 2016 12:34 PM

පාතාල කොට්ටෝරුවන් කෙසෙල් ගසකට කොට කොටා සිටීමේදී සිදුවූ හොට පැටලීමකින් පෙදෙසකට සැනසුමක් උදාවී ඇති බවකි. (ර)

:       0       0

ගමගේ Monday, 14 March 2016 10:28 AM

හොද වැඩක් කරලා තියෙන්නේ නිදහස් කරනු මේ මිනිහව (බ)

:       0       0

චන්දි Friday, 18 March 2016 05:55 AM

ඇතැම් ෆිනෑන්ස් සමාගම් පාතාලයේ අය සීසර් වැඩට දානවා කියල මේකෙන් ඔප්පු වුණා. තව තව වඩාත් ගන්නවා ඇති .වාරික නොගෙවා ඉන්නේ බලාගෙනයි!(අ)

:       0       0

සුමිත්‍රා Friday, 18 March 2016 05:48 AM

මේක රණවිරු දඩයමේම කොටසක්. රණවිරුවන් පතල් සමග සම්බන්දයි කියල කියන්න යහපාලනයේ වැඩක්. (අ)

:       0       0

දිල්ෂාන් Thursday, 17 March 2016 10:58 AM

ආමි එකේ වැඩ කරන කෙනෙක් ඇවිත් ඔයාගේ දුවව දුෂණය කලොත් අනේ රණවිරුවෙක්නේ කියල සමාව දීල අතහැරලා දානවද?(කෞ)

:       0       0

නිරංග Thursday, 17 March 2016 11:22 AM

මේ වීරයින්ගේ පවුල්වලට යුක්තිය සහ සාධාරණය අගය කරන මිනිසුන් උදවු කළ යුතුයි!!! එහෙම නොකළොත්, මොහු පත්වූ අසාධාරණ තත්වයට ඔබ හෝ මම හෙට දිනයේදී පත් වුනොත්, අපි බලාගැනීමටද කවුරුවත් ඉදිරිපත් නොවනු ඇත.(බ)

:       0       0

රණවන Monday, 14 March 2016 06:57 PM

මේ කප්පම්කාරයින්ට විරුද්ධව පොලිසි ගිහින් වැඩක් නැති නිසා මිනිස්සු තෝරාගන්න ක්‍රමය මේකයි (නි)

:       0       0

ජෙරාඩ් Tuesday, 15 March 2016 05:28 AM

අද කාලයේ තාලයේ හැටියට මිනිස්සුත් වෙනස්වෙලා. මෙහෙම ගියොත් තව ඉස්සරහට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ලකී Tuesday, 15 March 2016 01:31 PM

පාතාලය, දේශපාලනය සහ පොලීසිය කියන්නේ එකට බැඳිලා ගමන් කරන ඒකක තුනක්. මම මේ මනුස්සයට දොසක් කියන්නේ නැහැ. වගකිවයුත්තන්ට කියලා කියලා, කිසිම ක්‍රියාමාර්ගයක් නොවෙන නිසා, ඉවසන්න බැරිම තැන මේ මනුස්සයා මේ තත්වයට තල්ලු වෙන්න ඇති. සාමාන්‍ය මනුස්සයෙකුට අද මේ රටේ නීතියෙන් කිසිම හවුහරණක් නැහැ. ඉදිරියේදී පුරාණ සිසිලියේ තත්වයටම පත් වේවි. (නි)

:       0       0

නාමල් Tuesday, 15 March 2016 05:40 AM

ඔය නිම්මි කියන කෙනා ඉන්නේ ලංකාවෙද? දන්නෙ නැති නිසයි අහන්නේ (නි)

:       0       0

කුමාරි Tuesday, 15 March 2016 01:49 PM

ඔබට මගේ උපහාරය . ඔබ විරුවෙකි (බ)

:       0       0

සමන්ත Monday, 14 March 2016 12:22 PM

මේ තැනැත්තා ජාතික වීරයෙකි. දඩුවමට නොව සම්මානයට පාත්‍ර විය යුත්තෙකි. පොලිසියටත් කරන්න බැරි වෙච්ච දෙයක්නේ කරලා තියෙන්නේ. ඔබට ජාතියේ උපහාරය. (අ)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 14 March 2016 10:12 PM

වැඩේ හොඳයි කියන්නේ කොහොමද කියන එක ගැටලුවක්. මොකද රටේ නීතියක් තිබෙනවා. අනික මංකොල්ලකරුවන්ට තිබෙන සහනය තමා, ජනතාව පොලිසිය සමඟ තිබෙන අවිශ්වාසය. දෙගොල්ලෝ අතර මනා සම්බන්ධතාවයක් තිබේ නම් මේවා මැඩලීමට අපහසු නැහැ (නි)

:       0       0

දුමින්ද Tuesday, 15 March 2016 06:42 AM

මට නම් මොහු අපේ කාලයේ වීරයෙක් (නි)

:       0       0

කපිල Tuesday, 15 March 2016 11:12 AM

කප්පන් කාරයින්ට පොලිසියේ හා දේශපාලනයේ රැකවරණ ලැබෙන තාක් තත්වය මෙසේමයි මොන ආණ්ඩුව ආවත්. (ර)

:       0       0

පනාපිටිය Sunday, 20 March 2016 03:07 PM

නේවි කපිල මම හිතන විදියට නේවි එකේ හිටපු රණවිරුවෙක්. යහපාලනය අපි රණවිරුවන් සමඟයි. (නි)

:       0       0

මිලානෝ Monday, 14 March 2016 11:34 PM

ඇත්ත ඇතිසැටියෙන් සොයාබලා මේ ව්‍යාපාරිකයාට සමාවක් දෙන්න. (නි)

:       0       0

යහම්පත් Tuesday, 15 March 2016 03:33 PM

ආණ්ඩුව යූ.එන්.පී නම් කප්පම්, මිනීමැරුම්, මරා පිච්චීම සාමාන්යි. 71,88,89 මතකද? අමතක අයට ඉදිරියේදී අමතක නොවන පාඩම් ලැබේවි. (බ)

:       0       0

සිසිර Monday, 14 March 2016 01:33 PM

කප්පම් කරුවන් සීසර් වරුන් සියලු දෙනාට ඕක කරමු (බ)

:       0       0

ඒකනායක Tuesday, 15 March 2016 04:21 PM

කප්පම්කාරයින්ට දෙන්න ඕනෑ නියම දඬුවම දීලා තියෙන්නේ. ඔබ වැනි අය රටේ ඉන්න ඕනෑ. (නි)

:       0       0

විපුල Tuesday, 15 March 2016 08:05 AM

මේවා දැකලා හරි අධිකරණය හා පොලිසිසිය තම තමන්ගේ රාජකාරි නියම ආකාරයෙන් කරන්න. නැත්නම් ඉස්සරහට හිරේ ඉන්නේ හොඳ මිනිස්සු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 2468 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 332 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 962 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 84 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 232 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site