දන්කොටුව, බුජ්ජම්පොල, ඉරබඩගම ප්‍රදේශයේදී පස්දෙනකු ඝාතනය කොට ඔවුන් වෑන් රථයක් තුළ පුළුස්සා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන ව්‍යාපාරිකයකු ඇතුළු පස්දෙනෙක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
කප්පම් සිද්ධියක් මුල්කරගෙන මෙම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක වී ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (13) පැවැසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන අමිල නුවන් අල්මේදා (28) (බොයිලේරුවා) සහ ඔහුගේ සේවකයන් යැයි කියන රෝහිත නියොමාල් ක්‍රිෂාන්ත (40), සුනෙත් මධුසංක (28), කේ.ජේ. සමන් කුමාර (28) සහ රසික ප්‍රදීප් යන පස් දෙනායැයි රහස් පොලිසිය කියයි.
වෑන් රථය තුළ පිළිස්සී තිබු මළ සිරුරු අතුරින් නේවි කපිල හෙවත් සීසර් කපිල, පෑලියගොඩ නීල් සහ කටානේ ක්‍රිෂාන්ත හෙවත් සූප්පුවා යන තිදෙනාගේ සිරුරු හඳුනාගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන අමිල නුවන් අල්මේදා නමැත්තා පන්නල, මාකඳුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බවත් නේවි කපිල හෙවත් සීසර් කපිල නමැත්තා කාලයක සිට ඔහුගෙන් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබාගෙන ඇති බවත් පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නේවි කපිල නමැත්තාගේ දුරකථන අංකය ඔස්සේ පරීක්ෂණ පවත්වා ප්‍රධාන සැකකරු වන ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී මාරවිල පොලිසියට පැමිණ බාරවීමෙන් පසු ඔහුගෙන් හෙළිවූ තොරතුරු මත සෙසු පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම ව්‍යාපාරිකයා ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක බොයිලේරුවට දර සපයන කොන්ත්‍රාත්කරුවකු බවත් ඔහුගේ පියාද ලොතරැයි අලෙවි නියෝජිතයකු බවත් කියති.
නේවි කපිල නමැත්තා මොහුගෙන් මසකට රුපියල් 40,000 බැගින් කප්පම් ලබාගෙන ඇති බවත් මාස 7ක පමණ කාලයක සිට මෙම ව්‍යාපාරිකයාගෙන් සහ ඔහුගේ පියාගෙන් රුපියල් ලක්ෂ 5කට ආසන්න මුදලක් වරින්වර කප්පම් ලෙස ලබාගෙන ඇති බවත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ බව පොලිසිය කියයි.
සිද්ධිය වීමට දින කිහිපයකට පෙරද නේවි කපිල නමැත්තා ව්‍යාපාරිකයාගෙන් 70,000ක කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර ඔහු සිදුකරන මෙම කප්පම් ගැනීම නතර කිරීම සඳහා ව්‍යාපාරිකයා මෙම ඝාතනය සැලසුම් කර ඇති බව හෙළිවූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
නේවි කපිල නමැත්තාට ඒ මුදල ලබාදීමට කැමැත්ත පළ කර ඇති ව්‍යාපාරිකයා කපිල නමැත්තා සහ ඔහුගේ ගෝලයින් පිරිස සිද්ධිය වූ දින රාත්‍රියේ ව්‍යාපාරිකයාගේ නිවෙසට ගෙන්වාගෙන ඔවුන් වෙනුවෙන් මත්පැන් සාදයක් පවත්වා කප්පම්කරුවන්ට අධික ලෙස මත්පැන් පානය කිරීමට ඉඩ සලස්වා ඇති අතර අරක්කු බෝතල් තුනක්ම මොවුනට ලබාදී ඇති බවද හෙලිවී ඇත.
කප්පම් වශයෙන් රුපියල් 70,000 ක මුදලක් ඒ අවස්ථාවේ තමා සතුව නොමැති බවත් රුපියල් 60,000 ක පමණ මුදලක් දිය හැකි බව ව්‍යාපාරිකයා නේවි කපිල නමැත්තාට දන්වා ඇති බවද එම මුදල ලබා ගැනීමට කපිල නමැත්තා එකඟවීමෙන් අනතුරුව මුදල් රැගෙන ඒමට යැයි පවසා ව්‍යාපාරිකයා සාදයෙන් ඉවත්ව ගොස් ඇති බවද කියති.
එදින රාත්‍රියේ මුදල් ලබාදීමට යැයි කියා ව්‍යාපාරිකයා විසින් මේ පිරිස කොස්හේන පොළට ගෙන්වාගෙන ඇති බවත් සිය සගයන්ද සමග වෑන් රථයකින් එහි ගිය නේවි කපිල නමැත්තා වෑන් රථයෙන් බැස මුදල් ලබා ගැනීමට ව්‍යාපාරිකයා ළඟට ගිය විට ව්‍යාපාරිකයා යකඩ පොල්ලකින් ඔහුගේ හිසට පහරදී ඔහු ඝාතනය කර ඇති බවත් ඒ අවස්ථාවේ වෑන් රථයේ කැසට් යන්ත්‍රය අධික ශබ්දයෙන් දමා ඇති නිසා කපිල කෑගසන හඬ කිසිවකුටත් ඇසී නැති බවත් හෙළිවී ඇත.
නේවි කපිලගේ සගයන් සිවුදෙනාද අධික බීමතින් සිටි හෙයින් ඔවුන්ද වරින් වර තමන් ළඟට ගෙන්වා ගෙන යකඩ පොල්ලෙන් පහරදී ඔවුන් ඝාතනය කළ බව ව්‍යාපාරිකයා ප්‍රකාශ කළ බව පොලිසිය පවසයි.
යකඩ පොලු පහරින් මියගිය පස්දෙනා වෑන් රථය තුළට දමා ගැනීම ව්‍යාපාරිකයාට තනිවම කළ නොහැකි වූ හෙයින් ඔහු ඒ සඳහා තම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයන් සිවු දෙනකු කැඳවා ඔවුන්ගේ ආධාරයෙන් කප්පම්කරුවන් පිරිස වෑන් රථයේ පිටුපසට දමා ගෙන ඇති බවද පොලිසිය කියයි.
මළ සිරුරු සහිත වෑන් රථය බුජ්ජම්පොල, ඉරබඩගම පාළු ප්‍රදේශයට ගෙනැවිත් එහිදී සිරුරුවලට පෙට්‍රල් දමා ඇති අතර අත්අඩංගුවේ පසුවන සිවුවැනි සැකකරු ගිනිකූරු ගසා සිරුරුවලට ගිනි තබා ඇති බවද ප්‍රකාශවලදී හෙළි වී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මළ සිරුර දැවී තිබුණ ස්ථානයේ ලේ පැල්ලම් වැනි පැල්ලම් වැටී තිබුණ ද ඒවා ලේ පැල්ලම් නොවන බවද පැවසේ.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ අද (14) මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.
මේ අතර පුළුස්සන ලද පුද්ගලයන් ඝාතනය කරන්නට ඇතැයි සැක කෙරෙන මාකඳුර පොළ භූමියේ කොටසක් ඊයේ (13) උදේ 8.45 ට පමණ වසා දමා එම ස්ථානය පරීක්ෂාවට ලක් කළ බව පන්නල පොලිසිය කියයි.
පිළිස්සුණු පුද්ගලයින් මෙම ස්ථානයේදී ඝාතනය කළ බවට තොරතුරු ලැබී ඇති නිසා ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පොල භූමියේ කොටසක් වසා තබා ඇති බවත් පොලිසිය පවසයි.
ඝාතනයට ලක්වී ඇති නේවි කපිල නමැත්තා දංකොටුව සහ පන්නල ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් බියගන්වා කාලයක සිට කප්පම් ගැනීමේ නිරතව සිට ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.
දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන නේවි කපිල නමැත්තාට සහ ඔහුගේ ගෝලයින්ට ඇති බිය නිසා ව්‍යාපාරිකයින් ඔවුන්ට එරෙහිව පොලීසියේ පැමිණිලි කරන්නට ගොස් නැති බව කියති.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, ඉන්දිකා රාමනායක, නිරංගි අබේවික්‍රම, වෙන්නප්පුව රවින්ද්‍ර ලියනගේ, සඳලංකාව හේමලතා ඩී. හේවගේ, නයිනමඩම චන්දන ප්‍රනාන්දු සහ හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
සැකකරුවෝ පස් දෙනා මාකඳුර පොළ භූමියේදී මහේස්ත්‍රාත් හමුවේ පාපෝච්චාරණය කරති
දන්කොටුව බුජ්ජම්පොළ ඉරබඩගම ප්‍රදේශයේ කොස්හේන මාර්ගයේ වෑන් රථයක් තුළ ඝාතනය කර පුළුස්සා තිබූ පස් දෙනාගේ එම ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (13) සවස මාකඳුර පොළ භූමියට පොලිස් ආරක්‍ෂාව මධ්‍යයේ රැගෙන ආ බව පන්නල පොලිසිය කියයි.
කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ජානක වත්තෙගෙදර මහතා ඊයේ සවස සිද්ධිය වූ එම ස්ථානය නිරීක්‍ෂණය කළ අතර එහිදී සැකකරුවෝ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබූහ.
මහේස්ත්‍රාත්වරයා ඊයේ (13) සවස 5.15ට පමණ මාකඳුර පොළ භූමියට පැමිණෙන විට මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන පස් දෙනා පොලිස් ආරක්‍ෂාව මැද රහස් පොලිසියේ නිලධාරීන් විසින් වෑන් රථයකින් ගෙනවිත් තිබිණි.
සැකකරුවන් මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ගෙන ආ අවස්ථාව. (ඡායාරූප: වෙන්නප්පුව රවීන්ද්‍ර ලියනගේ)
වෑන් රථයේ සිටි සැකකරුවන්ගෙන් එක් සැකකරුවකු බැගින් මෙම ඝාතනය සිදු කළ බව කියන මාකඳුර පොළේ එම කොටසක පිහිටි ස්ථානයකට ගෙන ආ අවස්ථාවේදී ඝාතනය සිදු කළ අයුරු ඔවුන් මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට දී කියා සිටි බව පොලිසිය කියයි.
කප්පම් ඉල්ලා සිටි අවස්ථාවේ දී කප්පම් මුදල ලබාදීමට පොළ භූමියට පැමිණෙන ලෙස දැනුම් දී කප්පම් කල්ලිය වටකර මරා දැමූ බව සැකකරුවන් වැඩ බලන මහේස්ත්‍රාත් ඉදිරියේ කළ ප්‍රකාශවලින් හෙළි වූ බව ද පොලිසිය පවසයි.
මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන පස්දෙනා ඊයේ (13) සවස කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බව පොලිසිය කියයි.
මෙම සිද්ධිය දැකබලා ගැනීමට විශාල පිරිසක් පොළ භූමිය අවට රැස්ව සිටි අතර අවට විශේෂ ආරක්‍ෂාවක් යොදා තිබිණි.
කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ජානක වත්තෙගෙදර මහතා ඉදිරියට සැකකරුවන් ඉදිරිපත් කළ අයුරු.
(සඳලංකාව හේමලතා ඩී. හේවගේ සහ වෙන්නප්පුව රවීන්ද්‍ර ලියනගේ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආමි එකේ වැඩ කරන කෙනෙක් ඇවිත් ඔයාගේ දුවව දුෂණය කලොත් අනේ රණවිරුවෙක්නේ කියල සමාව දීල අතහැරලා දානවද?(කෞ)
පාතාල කොට්ටෝරුවන් කෙසෙල් ගසකට කොට කොටා සිටීමේදී සිදුවූ හොට පැටලීමකින් පෙදෙසකට සැනසුමක් උදාවී ඇති බවකි. (ර)
පාතාලය, දේශපාලනය සහ පොලීසිය කියන්නේ එකට බැඳිලා ගමන් කරන ඒකක තුනක්. මම මේ මනුස්සයට දොසක් කියන්නේ නැහැ. වගකිවයුත්තන්ට කියලා කියලා, කිසිම ක්‍රියාමාර්ගයක් නොවෙන නිසා, ඉවසන්න බැරිම තැන මේ මනුස්සයා මේ තත්වයට තල්ලු වෙන්න ඇති. සාමාන්‍ය මනුස්සයෙකුට අද මේ රටේ නීතියෙන් කිසිම හවුහරණක් නැහැ. ඉදිරියේදී පුරාණ සිසිලියේ තත්වයටම පත් වේවි. (නි)
ඔබට මගේ උපහාරය . ඔබ විරුවෙකි (බ)
ආණ්ඩුව යූ.එන්.පී නම් කප්පම්, මිනීමැරුම්, මරා පිච්චීම සාමාන්යි. 71,88,89 මතකද? අමතක අයට ඉදිරියේදී අමතක නොවන පාඩම් ලැබේවි. (බ)
කප්පම්කාරයින්ට දෙන්න ඕනෑ නියම දඬුවම දීලා තියෙන්නේ. ඔබ වැනි අය රටේ ඉන්න ඕනෑ. (නි)
හිතවත් ලක්සි ,මම විදෙස් රටක හිටියත් මට හිතනවා ඔබටත් යම් ගැටලුවක් තිබෙනවා කියන එක. මොනවා කළත් නීතියට පිටින් යන්න එපා. ඔය තාවකාලික විසඳුම් හරියන්නේ නැහැ. කරුණාකර නීතියේ සහය ලබාගන්න (නි)
අපි මේ ප්‍රශ්නය දෙස සාවධානව බැලියයුතුයි. මෙවන් අවස්ථාවකට අපි පත්වුණා නම් අපි මොකක්ද ගන්න පියවර? (නි)
මොන වරදක් කළත් නේවි එකේ වැඩකළා කියන්නේ රණවිරුවෙක්. (නි)
කප්පන් කාරයින්ට පොලිසියේ හා දේශපාලනයේ රැකවරණ ලැබෙන තාක් තත්වය මෙසේමයි මොන ආණ්ඩුව ආවත්. (ර)
මේ වීරයින්ගේ පවුල්වලට යුක්තිය සහ සාධාරණය අගය කරන මිනිසුන් උදවු කළ යුතුයි!!! එහෙම නොකළොත්, මොහු පත්වූ අසාධාරණ තත්වයට ඔබ හෝ මම හෙට දිනයේදී පත් වුනොත්, අපි බලාගැනීමටද කවුරුවත් ඉදිරිපත් නොවනු ඇත.(බ)
ඇතැම් ෆිනෑන්ස් සමාගම් පාතාලයේ අය සීසර් වැඩට දානවා කියල මේකෙන් ඔප්පු වුණා. තව තව වඩාත් ගන්නවා ඇති .වාරික නොගෙවා ඉන්නේ බලාගෙනයි!(අ)
මේක රණවිරු දඩයමේම කොටසක්. රණවිරුවන් පතල් සමග සම්බන්දයි කියල කියන්න යහපාලනයේ වැඩක්. (අ)
පොලිසිවලින් අල්ලා ගත්තත් අපේ සල්ලි වලින් කකා බිබී හිරගෙවල් වලට වෙලා කරන්නෙත් පාතාලේ මෙහෙවන එකමනේ. අඩුම ගානේ දැන් අනිත් ව්‍යාපාරිකයෝ ටිකට හරි හිතේ නිදහසින් වෙළදාම් කරගන්න පුළුවන්. (නි)
තමන්ට වෙන අසාධාරණ අහන්න කෙනෙක් නැතිවුණාම, කරකියා ගන්න දෙයක් නැතිවුණාම මිනිස්සු මෙහෙම කරනවා. කරුණාකර සාධාරණව මෙය සොයාබලා මේ ව්‍යාපාරිකයා නිදහස් කරන්න. මොහු හොරෙක් දාමරිකයෙක්, අනුන්ගෙ කප්පම් වලින් ජිවත්වූ කෙනෙක් නොවෙයි (නි)
අපේ පොලිසිය නීතිය හරියට ක්‍රියාත්මක කරනවා නම් මෙහෙම දේවල් වෙන්නෙ නැහැ. ඒකෙ ලොකු හිඩැස් තියාගෙන මේ ව්‍යාපාරිකයට දඬුවම් කරන්න එපා. ඔහු නිදහස් කරන්න. පොලිසියටවත් කරනන් බැරි වැඩක් ඔහු කරලා තියෙන්නේ. (නි)
නේවි කපිල මම හිතන විදියට නේවි එකේ හිටපු රණවිරුවෙක්. යහපාලනය අපි රණවිරුවන් සමඟයි. (නි)
හොද වැඩක් කරලා තියෙන්නේ නිදහස් කරනු මේ මිනිහව (බ)
මම කියන්නේ දෙගොල්ලොම වැරදි .රටක නිතිය රකින්න පුළුවන් රටේ ඉන්න මිනිස්සුන්ර්ට විතරි මේ ඔක්කොම වෙන්නේ රටේ නිතිය බල්ලට දල තියන නිසා මුලින්ම අපේ රටේ පොලිසිය හදන්න ඕනනේ නැත්නම් තව මේ වගේ දේවල් වෙනවා රට විනාශ වෙනකල්ම ආරක්ෂක ඇමති තුමනි මෙය ඔබටද විය හැක .රට ගැන හිතන්න (බ)
මේවා දැකලා හරි අධිකරණය හා පොලිසිසිය තම තමන්ගේ රාජකාරි නියම ආකාරයෙන් කරන්න. නැත්නම් ඉස්සරහට හිරේ ඉන්නේ හොඳ මිනිස්සු. (නි)
මට නම් මොහු අපේ කාලයේ වීරයෙක් (නි)
ඔය නිම්මි කියන කෙනා ඉන්නේ ලංකාවෙද? දන්නෙ නැති නිසයි අහන්නේ (නි)
අද කාලයේ තාලයේ හැටියට මිනිස්සුත් වෙනස්වෙලා. මෙහෙම ගියොත් තව ඉස්සරහට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
නිමල් රාජපක්ෂ මහත්මා ලංකාවෙ ජිවත්වෙන කෙනෙක් නෙමේ කියලයි මම හිතන්නෙ.මට අසාධාරණයක් වුනොත් මම කරන්නෙත් ඔය ටිකම තමයි.මොකද පොලිසිය මාව එ් තත්වයට පත්කරල ඉවරයි. (බ)
මෙහෙම අය ඉක්මනින් මංකොල්ලකාරයෝ කප්පම්කාරයෝ රටෙන් අතුගාලා දාන්න සමත්. විරුවාණනි, ඔබට අපේ උපහාරය! (නි)
මට නම් මෙම ව්‍යාපාරිකයාගේ වරදක් පෙනෙන්නේ නැහැ. සෑම ප්‍රශ්නයකම දෙපැත්තක් තිබෙනවා (නි)
ඇත්ත ඇතිසැටියෙන් සොයාබලා මේ ව්‍යාපාරිකයාට සමාවක් දෙන්න. (නි)
වැඩේ හොඳයි කියන්නේ කොහොමද කියන එක ගැටලුවක්. මොකද රටේ නීතියක් තිබෙනවා. අනික මංකොල්ලකරුවන්ට තිබෙන සහනය තමා, ජනතාව පොලිසිය සමඟ තිබෙන අවිශ්වාසය. දෙගොල්ලෝ අතර මනා සම්බන්ධතාවයක් තිබේ නම් මේවා මැඩලීමට අපහසු නැහැ (නි)
මේ කප්පම්කාරයින්ට විරුද්ධව පොලිසි ගිහින් වැඩක් නැති නිසා මිනිස්සු තෝරාගන්න ක්‍රමය මේකයි (නි)
මේ කප්පන් ගන්න 3 දෙන මරාදැම ව්‍යාපාරිකයාට උපහාර පුදා පතල හා කප්පන් කරුවන් විනාශ කිරීමට රජයෙන් ඒකකයක් සද එහි ප්‍රධාන උපදේශක තනතුර ගෞරවයෙන් ප්‍රදානය කරමු (අ)
ගමගේ හරි. මේවා රජයේ විසදන්න ඕනේ ප්‍රශ්න. හරි හමන් රජයක් නැති නිසා මිනිස්සු අමාරුවේ.(අ)
කප්පම් කරුවන් සීසර් වරුන් සියලු දෙනාට ඕක කරමු (බ)
මේ තැනැත්තා ජාතික වීරයෙකි. දඩුවමට නොව සම්මානයට පාත්‍ර විය යුත්තෙකි. පොලිසියටත් කරන්න බැරි වෙච්ච දෙයක්නේ කරලා තියෙන්නේ. ඔබට ජාතියේ උපහාරය. (අ)