කොළඹ දිස්ත්‍රික්කය ප්රමුඛව රට තුළ කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනයක් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි. මේ අවදානම්සහගත අනතුරු ඇඟවීම කෙරෙහි රටේ මහජනතාව දැඩිව තම අවධානය යොමුකළ යුතු බවට කතා දෙකක් නැත. කොරෝනා පළමු රැල්ල සහ දෙවැනි රැල්ල පිළිබඳ අමිහිරි මතකය සිහිපත් කර ගැනීම මෙහිදී සියලු දෙනාටම ඉතාම වැදගත් වනු ඇතැයි අපි සිතමු.
මෙරට කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබීම හේතුවෙන් විශාල කොරෝනා පොකුරක් මතුවීමේ අවදානමක් තිබෙන බව වසංගත රෝග මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කළ ප්රකාශයකද සඳහන් වී තිබිණි. කොරෝනා රෝගීන්ගේ යම් අඩුවක් දකින්නට ලැබීමෙන් පසුව නැවතත් මෙසේ රෝගීන් වාර්තාවීම ක්‍රමයෙන් වර්ධනය වීම ඉතාම පරෙස්සම් විය යුතු අවස්ථාවක් බවද ඔහු ප්‍රකාශ කරයි. කෙරෝනා රෝගය ව්‍යාප්ත වනවිට අප නොදැනුවත්වම විශාල පොකුරු ඇති වීමට තිබෙන ඉඩකඩ ඉතාම භයානක තත්ත්වයක් වන බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන්ව තිබිණි.
මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතාද පසුගිය සති අන්තයේ අනතුරු අඟවා තිබුණේ නුදුරු දිනවලදී කොරෝනා වයිරසයට ගොදුරු වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමට විශාල ඉඩකඩක් පවතින බවය. මේ වනවිටද දිනකට හමුවන රෝගීන්ගේ සංඛ්‍යාව 300 දක්වා ඉහළ නැග ඇති බවට වාර්තා ඇතැයිද ඔහු පෙන්වාදී තිබිණි. බස්නාහිර පළාතේ ශ්‍රම බලකාය මෙවර රෝගයට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්වන බවද ඔවුන් අවුරුදු සමයේ ගම් රටවල් බලාගොස් දැන් ආපසු පැමිණ සිටින අතර මේ පිරිස නෑදෑයන් සහ හිතමිතුරන් සමඟ සමීප ආශ්‍රයක් පවත්වා ඇත්නම් කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමට එය හේතුවනු ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබිණි.
කොරෝනා වසංගතය යළිත් රටපුරා පැතිර ගියහොත් නැවත වරක් රට තුළ සංචරණ සීමා පැනවීම වළක්වා ගත නොහැකි වනු ඇත. එවැනි පියවරකට යාම රටේ සියලු දෙනාගේ එදිනෙදා ජීවිතය යළිත් දැඩි අවදානමකට ගෙන යනු ඇත. එය එදිනෙදා රැකියාවල නියුතු පිරිස්වලට පමණක් නොව දරුවන්ගේ අධ්‍යාපනයටද සීමා පැනවීමකි. විශ්වවිද්‍යාල විවෘත කිරීමට නියම කර ඇති දිනයේදී ඒවා විවෘත කර ගැනීමද කළ නොහැකි වනු ඇත. බස්නාහිර පළාත යළි ලොක්ඩවුන් කළ යුතු තත්ත්වයකට ඇදී ගියහොත් එහි ආදීනව අප සියලු දෙනාටම විඳගැනීමට සිදුවන බව සියලු දෙනාම දැන සිටිය යුතුය. සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන්නේ ජනතාව තම තමන්ගේ යහපත් ආරක්ෂිත සෞඛ්‍ය පුරුදු පෙර පරිදිම අනුගමනය කළ යුතු බවය. එය අපහසුවෙන් හෝ සිදුකිරීම රෝගය ව්‍යාප්ත වී රට බිත්තියටම තල්ලු වෙනවාට වඩා සියදහස් වාරයක් යහපත්ය.
අලුත් අවුරුදු කාලසීමාවෙන් පසුව කොරෝනා වයිරස ව්‍යාප්තියේ වැඩිවීමක් වනු ඇති බවට කල්තබාම අනාවැකි පළ විය. එයට මූලිකම හේතුව වී තිබුණේ අලුත් අවුරුදු සමය තුළ සාප්පු සවාරියේ යෙදීමේදී සහ නෑ ගමන් බිමන් යාමේදී කොරෝනා පාලනයට අදාළ යහපත් සෞඛ්‍ය පුරුදු කෙරෙහි එතෙක් ජනතාව තුළ තිබූ අවධානය ගිලිහී ගොස් තිබීමය. ඒ බව කඩපොළේදී, බස්රියේදී, දුම්රියේදී පැහැදිලිවම දැකගත හැකි විය. බොහෝ දෙනා මුව ආවරණ පැළඳ සිටියත් සමාජ දුරස්ථභාවය පිළිබඳ ඔවුන්ට හැඟීමක් තිබුණේම නැත. බස් සහ දුම්රිය පවා ‘කට කපා’ සෙනඟ පටවාගෙන යනු දැකිය හැකි විය. දැන් මේ අප ඉදිරියේ ඇති සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දෙන්නේ එහි ප්රතිඵලයයි. අඩුම තරමින් දැන්වත් ‘සියල්ලට පළමුව ආරක්ෂාව’ යන සිතුවිල්ලට මුල්තැනක් දී කටයුතු කළ යුතුය. ඉදිරියේදී අත්විඳීමට සිදුවිය හැකි මහා ව්‍යසනයකින් ගැලවී යා හැක්කේ ඒ හරහා පමණි.
මෙවර කොරෝනා ව්‍යාප්තියේ එක් බරපතළ කාරණාවක් වන්නේ රාජ්‍ය බැංකු ගණනාවකින්ම ආසාදිතයන් වාර්තාවීමය. කොළඹ එක් රාජ්‍ය බැංකුවක සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදී එහි ආසාදිතයන් 35 දෙනකු එකවර වාර්තා වී තිබිණි. සෙසු ප්‍රදේශවල බැංකු ගණනාවකින්ම ආසාදිතයන් වාර්තා වී තිබේ. එසේම අවුරුද්දට පෙර විවිධ ප්‍රදේශවල සිට පැමිණි විශාල ජනකායක් ඒකරාශි වූ මහරගම පමුණුවෙන්ද රෝගීන් 20 දෙනකු හමුවීමද අවදානම් තත්ත්වයේ තවත් බරපතළ කඩඉමකි. පමුණුවට පැමිණි සියලුදෙනා සැක සහිත ආශ්‍රිතයන් වශයෙන් සැලකීම නොකළ යුතු වුවද එම පිරිස මේ දිනවලදී සෙසු පිරිස්වලින් දුරස්ථව කටයුතු කිරීම අත්‍යවශ්‍යය. පමුණුව ආසාදිතයන් කිහිපදෙනා ඇසුරින් තවත් ‘‘පෑලියගොඩ පොකුර’’ වැනි රටපුරා ව්‍යාප්ත වූ පොකුරක් බිහිවනු දැකීමට කිසිවකුත් කැමැති නැත. විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අනතුරු අඟවා තිබුණේ එවැනි විශාල පොකුරක් බිහිවීමේ අවදානම පිළිබඳව විය යුතුය.
පවතින තත්ත්වය ‘‘කොරහේ කිඹුලන් දැකීමක්’’ කර නොගත යුතුවාක් මෙන්ම ‘‘තේ කෝප්පයේ කුණාටුවක්’’ තරම් සැහැල්ලුවෙන් සැලකීමෙන්ද වැළකිය යුතුය. දැනට සිදුවෙමින් පවතින වයිරස ව්‍යාප්තියේ ඉහළ යාම වසංගතයක් දක්වා බරපතළ වීම වළක්වා ගැනීමේ වගකීමත් ශක්තියත් දෙකම ඇත්තේ අප තුළම පමණි. ඒ සඳහා කොරෝනා ආරම්භයේ සිටම අත්‍යවශ්‍ය ආරක්ෂිත සෞඛ්‍ය පුරුදු වශයෙන් සැලකෙන මුව ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ නිතර අත් සෝදාගැනීම කෙරෙහි සියලු දෙනා අවධානය යොමුකිරීම අත්‍යවශ්‍ය බවද පෙන්වා දෙමු.
(***)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හැමෝම සිතට ගතයුතු කොරෝනා අවදානම
hesa Monday, 26 April 2021 11:38 AM
අලුත් අවුරුදු කාලයේදී කොරෝනා වයිරස ව්‍යාප්තියේ වැඩිවීමක් වනු ඇති බවට කල්තබාම දැනගත්තා නම්, අඩු තරමින් සති 2ක් දැඩි නීති පැනවිය යුතුව තිබුණානේ, කඩසාප්පු වසා තබා, ට්‍රිප්ස් යනවට ප්‍රවාහනයත් නතර කරලා.