IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


හොරෙන් කළත් පව පල දේ

16--P-13-BA

 

අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවක් මෙසේය.


හොරෙන් කළත් පව පල දේ


තමා විසින් පාපකර්මයක් නොකළද අනුන් ලවා කරවීමත්, පාප කර්මයන්ට අනුබල දීමත් එම පාප කර්මයේම කොටස් ලෙස දහමේ සඳහන් වේ. කිසිවෙකුට නොදැනෙන්නට හෝ නොපෙනෙන්නට හෝ පව් කළද ඒවාද කවරදා නමුත් පලදෙන බව සමහරු නොදනිති. තමා සුදනකු ලෙස සිතා තමාම රවටාගන්නා එවැනි පුද්ගලයෝ අද සමාජයේද එමට සිටිති. මා කියන්නට යන්නේද ලෝකයට හොඳ ප්‍රතිරූපයක් පෙන්වමින් රහසේ පව්කළ අවසානයේදී දරුණු ලෙස ඒවායේ විපාක විඳි අයකු පිළිබඳ කතාවකි. ඔහු “පියසේන” නමින් හඳුන්වමි.

 
පියසේන රජරට පළාතේ නගරයට ආසන්න ගමක විසූ පුද්ගලයෙකි. ඔහුට ගමේ සිල්ලර වෙළෙඳ සැලක්ද, වඩු මඩුවක්ද විය. හොරෙන් කපා ගන්නා ලී වලින් සෑදෙන ගෘහභාණ්ඩ නගරයේ වෙළෙඳ සැල්වලට විකිණීම ඔහු ප්‍රසිද්ධියේ කළ ව්‍යාපාරය විය. එහෙත් වැඩිදෙනකු නොදත් ඔහුගේ සමීපතම කිහිපදෙනෙකු පමණක් දැන සිටි රහස් ව්‍යාපාරයක්ද ඔහුකරගෙන ගියේය. ඒ නගරයේ මස්කඩ මුදලාලි කෙනෙකුට මස් සැපයීමයි. මෙම මස්කඩ මුදලාලි ප්‍රදේශයේ හමුදා කඳවුරු, නේවාසිකාගාර හා ප්‍රධාන හෝටල්වලට හරක් මස් සැපයුම්කරුවා ලෙස තෝරාගෙන සිටි නිසා ඔහුට දිනපතා විශාල ලෙස හරක්මස් අවශ්‍ය විය. පියසේන මුදලාලිද ඔහු තම ව්‍යාපාරයට හවුල්කරගත්f0ත්ය.


හැටේ හැත්තෑවේ දශකවල අද මෙන් වාහන බහුල නොවූ නිසා මහපාරවල් වල රාත්‍රියට හරකුන් ලැගුම්ගන්නා සිරිතක් විය. පියසේන මුදලාලි කළේ එසේ පාරවල්වල සිටින හරකුන් හොරෙන් මරා ඔහුගේම වත්තේදී මස්කර එම මස් නගරයට යැවීමයි. ගෝලයන් හතර දෙනෙකු සමග මධ්‍යම රාත්‍රියේ නගරයෙන් ඈත පාරකට ගොස් තම කාර්යය ආරම්භ කරයි. එක් අයකු මසට තෝරාගන්නා හරකාගේ ගෙලට මන්දක් දමයි. තවෙකෙකු පොරොවකින් හරකාගේ හිසට වේගවත් පහර කීපයක් එල්ල කරයි. ඉන්පසු යකඩ පොලුවලින් ගසා හරකා නිසල කරගනී. අනතුරුව වෑන් රියට පටවා ගන්නා අහිංසක සතා මුදලාලි සතු වත්තකදී මස් කරනු ලබයි. ඉන්පසු හරක් මස් නගරයේ මුදලාලි වෙත යැවේ.


පියසේන මුදලාලිගේ මෙම රහසිගත ව්‍යාපාරය ගැන දැන සිටියේ ඔහුගේ ගෝලයන් කිහිපදෙනා පමණි. මුදලාලි දෙන හොර මත් වතුර බෝතලයටත් ගතමනාවටත් වහ වැටී සිටි ඔවුන්ද මේ රහස එසේම රැකගත්හ. එකල බොහෝ හරක් හිමියන් තම හරකුන් ගැන සෙවීමක් නොකළ නිසා පියසේන මුදලාලි වසර කිහිපයක්ම මෙම ජාවාරම කරගෙන ගියේය. ඔහු ගෙව්වේද එකලට අනුව ඉතාමත් සුඛෝපභෝගී ජීවිතයෙකි.


දිනක් පියසේන මුදලාලි අලුතෙන්ම ගත් මෝටර් රථයෙන් පවුලේ අයත් සමග කතරගම යාමට පිටත් විය. එහෙත් ඔහුට වැඩිදුර යාමට නොහැකි විය. මෝටර් රථය ගසක හැපී රියදුරු අසුන ළඟම සිටි මුදලාලිට බරපතළ තුවාලත් පවුලේ අනෙක් අයට සුළු තුවාලත් සිදු කරමින් ගමන අතරමග නතර විය. මුදලාලි ප්‍රදේශයේ ප්‍රධාන රෝහලට ඇතුළත් කරන ලදී. හිසට බරපතළ ලෙස තුවාල සිදු වී ඇති නිසා ශල්‍යකර්ම කිරීම නිෂ්ඵල බව වෛද්‍යවරුන්ගේ තීරණය විය. රෝහල් සයනය මත සේලයින් හා ඔක්සිජන් ප්‍රතිකාර ලබමින් සිටි පියසේන මුදලාලි පැය කිහිපයකින් මෙලොව හැර ගියේය.


පියවි සිහිය නොතිබුණද ඔහුගේ විඤ්ඤාණය ඔහුට ඔහු කළ සියල්ල මතක් කරදෙන්නට ඇත. වසර ගණනාවක් හරකුන් මැරූ ලෙස ඔහුටද මරු වැළඳ ගැනීමට සිදුවිය. කතරගම දෙවියන් පාපකාරයා තමා හමුවට ඒම වැළක්වූ බව ගැමියෝ කතා වූහ.

 


අලව්වේ රාගල සේනාරත්න ගම්ලත් මහතා ලියා එවූ කතාවක් මෙසේය.


බල්ලකු පණපිටින් අඟුරු කළ සොහොන්පල්ලාගේ ඉරණම


රැකියාවක් නැතිව රස්තියාදුවේ ගිය ධනපාලට කුකුළු ගොවිපළක රැකියාවක් ලැබිණ. ලොකු පුනීලයක් වැනි දේකට කුකුළා ඔබා පහළින් උගේ බෙල්ල මතු වූ විට චරස් ගා කපා දැමීම ඔහුට මහ දෙයක් නොවීය. 


එපමණක් නොව දින තිස් පහකින් පමණ කුකුළා පෝරකයට නංවන දිනය තෙක් ඌට හුළං පිරෙව්වාක් මෙන් පොහොනි වන්නට අවශ්‍ය හෝමෝන වර්ග පමණක් නොව ලාභයට සපයාගත හැකි උපත්පාලන පෙති ආදිය ගැනද මනා දැනුමක් ලබා ගන්නට හැකිවිය. කුකුළන් ශුද්ධ කිරීම, බර වැඩිවන අයුරින් කුකුළු බොඩිය එම්බාම් කොට සති ගණනාවක් ශීතකරණයේ ලා තබා ගැනීමට හැකියාව ලබා දීම ආදී ගුරුමුෂ්ටි රහස්ද ඔහුට අසුවිය. දැන් ඔහු හොඳ කුකුළු ගොවියෙකි. තරමක මූල ධනයක් අතට ආ පසු ඔහු තමන්ගේම කියා පොඩියට කොටුවක් පටන් ගත්තේය. කොටුවද බලා සිටියදීම අළු ගසා නැගිට්ටේ බ්‍රොයිලර් කුකුළකු තටු ගසා දමා නැගෙන්නාක් මෙනි. දැන් ඔහු සත්ගුණවත් ධනසූරිය මුදලාලිය. ප්‍රධාන පාර අයිනේ මස් හා බිත්තර ප්‍රදර්ශනාගාරයක්ද විවෘත කළෙන් මුදල් ගලා එන්නට වූයේ වතුර ගලන්නාක් මෙනි. 


ඒ අතරේ ධනසූරියගේද කුකුල් ගති උත්සන්න වන්නට පටන්ගත්තේ ඔහු කාමභෝගී කුඩාරාජා කෙනෙකු බවට පත් කරවමිනි. ඔහුගේ පවුල් දිවියේ පැටළුම්වලට අලුතින්ම එකතු වූයේ රූමත් ටෙලි නාට්‍ය නිළියකි. ඔහු රැයක් දවාලක් නැතිව රඟපාන්න විය. දිනක් ඔහු හෙණගහන අපරාධයක් කළේය. ඔහුගේ කුකුළු කොටු සංකීර්ණයට කලවැද්දන් හෝතඹුවන් මෙන්ම බල්ලන්ගෙන්ද හානි සිදුවන්නට විය. දිනක් ඔහු කල්යල් බලා කුකුළු මසට ලොබ බැඳි බල්ලකු කාණුවකට කොටුකර ගත්තේය. ඌට පැනයන්නට තිබුණු තැන් අවුරා දමා ඌ පැට්‍රල්වලින් නැහැවීය. ඊළඟට බල්ලාට ගිනි දල්වන ලද්දේය. අසරණ සතා පැය ගණනක් මර හඬ දී වේදනා ලතෝනි දී අඟුරු බවට පත්ව ගියේය.


මේ සිද්ධියෙන් වැඩි දවසක් ගියේ නැත. දිනක් උදයේ ගොවිපළ භූමියේ ලන්දක් තුළ තිබී සේවකයන්ට හමුවූයේ පරාකූරියෙකු මෙන් පෙති පෙති ගසා දමන ලද ධනසූරියගේ මළ සිරුරයි. 


මේ සිදුවීමෙන්ද හෙළිවන්නේ බුදුන් වහන්සේ විසින් පුද්ගලයකුට අකැප කොට වදාළ ජීවන කර්මාන්තයක් වන මස් පිණිස සතුන් ඇතිකිරීම, වෙළඳාම හා සත්ව ඝාතනය යන පාපකර්මවලට හැමදා නියං එකදා වැහි වළාවේ කීවාක් මෙන් මේ අත්බවේදීම ලැබෙන විපාක ඉතා දරුණු බව නොවේද? 

 


උහුමීය ගුණතිලක මැටියඟනේ මහතා ලියා එවූ කතාවක් මෙසේය. 


පවුලක් විනාශ කරන්නට බත් හැළියට වසදැමූ පාපය දිට්ඨ ධම්ම වේදනීය කර්මය වෙයි.


එක්තරා පිටිසර ගමක පැරණි නිවෙසක් දෙකට බෙදාගෙන පවුල් දෙකක් ජීවත් වූහ. එක් අයෙකු සහෝදරයෙකු නොවූ හදාවඩාගත් දරුවකු වූ හෙයින් නිවෙසේ හා ඉඩමේ ඔහුට ලබාදී තිබූ අයිතිය කුඩාය. එහෙත් කුඩා කලසිට එකට හැදුණු හෙයින් මේ ගෘහාධිපතිවරුන් දෙදෙනා අතර මත භේද ඇති නොවීය.


නිවසෙහි කුඩා කොටසේ ජීවත් වූ පුද්ගලයාගේ මෝඩ පහේ තරුණ පුතෙක් වැඩිකොටසේ ජීවත් වූ අනෙක් පවුල කෙරෙහි ඊර්ෂ්‍යා කරන්නටත්, ද්වේෂ කරන්නටත් පටන් ගත්තේය. ඒ පවුලට ඊර්ෂ්‍යා කළ ගමේ තවත් දෙදෙනෙක්ද ඊර්ෂ්‍යාව පා කරන්නට සුදුසුම අවස්ථාව මේ යැයි සිතා මෝඩ පුතාට එකතු වූහ. සම්පූර්ණ ගෙයම හා අනෙකුත් දේපළත් ලබා ගත හැක්කේ ඒ පවුල විනාශ කිරීමෙන් පමණක් යැයි කියා ඒ සඳහා උපායක් මෝඩ පුතාට යහළුවවෝ දෙදෙනා කියා දුන්හ. ඒ පවුල විනාශ කළ හැක්කේ රහසින් වස ආහාරයකට දැමීමෙනි. 


එකල වස තිබූ බවට සැක කරන ගෙවල්ද ප්‍රසිද්ධ වී තිබුණි. එම ගෙවල්වලින් දිය බිඳක් බීමට පවා ගම්මු බියක් දැක්වූහ.


කතිකාකරගත් පරිදි කොලුවා විනාශ කළ යුතු පවුලේ උදේ පාන්දර ඉදෙන බත් හැළියට වස දැමීය. එම පවුලේ කුඩා දරුවාට කෑම දීමට මව සූදානම් විය.
සාමාන්‍යයෙන් එකලත් මෙකලත් කුඩා දරුවන්ට කෑම කවන්නේ දරුවාට දීමට පෙර මව ඒ ආහාර කටේ ගා බැලීමෙනි. මේ මවද ඒ ආහාර කටේ ගා බැලීමේදී දැඩි තිත්ත රසක් හා පාටෙහි වෙනසක් දුටුහෙයින් බත් පිඟාන පසෙක තබා කුමක් වී දැයි සිතන්නට වූවාය. නිවස තුළ ගැටලුවකි. කලබලකාරී ස්වරූපයකි. ඒ වන විට කොලුවා ගෙදරින් පිටවී ගොසිනි.


කොලුවාගේ පිටවීම ගැන සැක සිතූ පවුල් දෙකේම උදවිය ඔහු සොයා ගියහ. ඈත ගමක ඥාති නිවසක සිටි ඔහුගෙන් ප්‍රශ්න කළවිට තමා වස දැමූ බවත්, ගමේ දෙදෙනකු වස ලබාදුන් බවත් ඔහු පාපෝච්චාරණය කළේය. කොලුවාගේ පියා අනෙක් පියා සමග කීවේ තමා මේ කිසිවක් නොදන්නා බවයි. එසේම මෙතෙක් සොයුරන් මෙන් සිටි හෙයින්ද, මෙයින් කරදරයට පත්වන්නේ තමා හෙයින්ද කියා අනුකම්පාකර නීතිමය පියවරක් නොගන්නා ලෙස ඉල්ලා සිටියේය.


තවදුරටත් ඔහු කියා සිටියේ කොලුවා මේ නිවසට නැවත නොගන්නා බවත්, හැකි ඉක්මනින් තම පවුල මේ නිවසින් පිටවී යන බවත්ය.
ටික කලකින් ඒ පවුල මේ නිවසින් පිටවී ගියේය. අනෙක් පවුලේ පියා (කුඩා) නිවසක් සාදාගැනීමට උදව් කළේය.


ගතවූයේ සුළු කාලයකි. පව් පලදීම ආරම්භ විය. වස සපයා දුන් එක් පුද්ගලයෙක් ඔහුගේ පවුල තුළ සණ්ඩු සරුවල් වී පොලු පහරවල් වැදී හිසේ ඇති වූ තුවාලයක් කුණුවී දුක් විඳ මරණයට පත්විය.


වස දැමීමට සම්බන්ධ අනෙක් පුද්ගලයා අධික බීමත් කමෙන් ශරීරය තුළ ඉන්ද්‍රියන් තැම්බී දියවී දුක්විඳ මරණයට පත්විය.


වස දැමූ කොලුවා නිවසද, තිබුණු දේද විකුණා වැරහැලි එල්ලාගෙන මහ මග ඇවිදිමින් සිටිනු දැනට දසක පහකට පමණ පෙර ගම්මුන් දැක ඇත. මෙලොවදීම පව් පලදුන් සත්‍ය සිද්ධියකි.

m51



අදහස් (0)

හොරෙන් කළත් පව පල දේ

එච්.ජී.අයේෂා සාලිකා Monday, 25 July 2016 09:50 AM

බුදුබණ සත්‍යයි කළකම් ඵල දෙනවාමයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 1505 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 250 2

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 899 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 78 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 175 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 228 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38886 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site