IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


ෆේස්බුක් හිරකිරීමේ විපාක

(නිලූක සඳුන් බණ්ඩාරනායක)
 
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ දක්වා කාලයේ සමාජ මාධ්‍ය ජාල තෙවරක් අවහිර කිරීමට රජය පියවර ගත්තේය. මින් රජය බලාපොරොත්තුවන්නේ නොසන්සුන්තාව පාලනය කිරීමයි. නමුත් මෙවන් වාතාවරණයකදී කළ යුත්තේ සමාජ මාධ්‍ය ජාල වාරණය නොව නොසන්සුන්තාව පාලනය සඳහා නිසි අයුරින් සමාජ මාධ්‍ය ජාල  භාවිත කිරීමට සැලසුම් යෙදීමය. නමුත් ත්‍රස්තවාදී සංවිධාන තහනම් කිරීමට පමණක් සති තුනක් ගත්   ආණ්ඩුව කුඩා ගැටුමකදී පවා ක්ෂණයෙන් සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට පියවර ගත්තේය.
 
1777 අංකයට ගන්නා ඇමතුමකදී පටිගත කළ හඬ පටයකින්, “විදුලි සංදේශන නියාමන කොමිසමේ නියෝගය පරිදි ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, ඉමෝ, ස්නැප්ටැට්, ඉන්ස්ටග්‍රෑම් සහ යූටියුබ්  වහා ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු සීමා කර ඇති බව කරුණාවෙන් සලකන්න” යැයි කියැවිණි.


මින් දැඩි බලපෑමක් එල්ල වන්නේ තොරතුරු දැනගැනීම සහ මිතුරන් සමග සංවාදයේ යෙදෙන්නට සමාජ මාධ්‍ය ජාලවලට පිවිසෙන්නන්ට නොව, ව්‍යාපාර කටයුතු සඳහා සමාජ මාධ්‍ය ජාල යොදාගන්නා ව්‍යාපාරිකයන්ටය. ඔබ දන්නා පරිදි සමාජ මාධ්‍ය ජාල හරහා ව්‍යාපාර කටයුතු (Online Shopping and etc) විශාල ප්‍රමාණයෙන් සිදුවෙයි. සම්පූර්ණයෙන් සමාජ මාධ්‍ය ජාලා භාවිතයෙන් පමණක් සිදු කරන ව්‍යාපාර කටයුතු ද එමටය.   හංදියක සිදුවෙන සුළු ගැටුමකදී පවා සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමෙන් සමාජ මාධ්‍ය ජාල හරහා සිදුවන ව්‍යාපාර අද වන විට සම්පූර්ණයෙන් අඩාල වන තත්ත්වයකට පත්ව තිබේ. තව දින කිහිපයක් යන විට මෙවන් ව්‍යාපාර නවතා දැමීමට සිදුවන තත්ත්වයක් උද්ගත වීමටද ඉඩ ඇත. ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් දේපල හානි වන සහ ව්‍යාපාර අඩාල වන ව්‍යාපාරිකයන්ට රජයෙන් වන්දි ලැබුණද අන්තර්ජාල මගින් සිදුවන ව්‍යාපාර සදහා රජයෙන් සතයක්වත් ලැබෙන්නේ නැත. රජය දන්නේද නැත.


 පෙර දැනුම්දීමකින් තොරව අන්තර් ජාලයම අවහිර කරයි

රජයේ අලුත් සෙල්ලම පෙර දැනුම්දීමකින් තොරව නොසන්සුන්තාවන් ඇති වන ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් සම්පූර්ණයෙන්ම අවහිර කිරීමයි. එවන් අවස්ථාවලදී සමාජ මාධ්‍ය ජාල හරහා පමණක් නොව අන්තර් ජාලය හරහා ව්‍යාපාර කටයුතු හා එවන් කටයුතු සිදුකරන පුද්ගලයෝ පීඩාවට පත්වෙති. 

සමාජ මාධ්‍ය ජාල හරහා ව්‍යපාර කටයුතු කරන එක් ආයතනයක හිමිකරුවකු පැවසුවේ ෆේස්බුක් හරහා තමන් සිදුකරගෙන ගිය ව්‍යාපාර කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අඩාල වී ඇති බවයි. ෆේස්බුක් හරහා ලැබූණු ඉල්ලුම (Online Orders) 90%කින් පමණ පහත වැටී ඇති බවත් දිනෙන් දින එය තවත් පහළට වැටෙමින් පවතින බවත් ඔහු පැවසීය. මෙම තත්ත්වය දිගටම පැවතියහොත් තම ව්‍යාපාරය සම්පූර්ණයෙන් නවතා දැමීමට සිදුවන බවත් හෙතෙම පැවසීය. 

 

පවතින තත්ත්වය හේතුවෙන් තමා සේවය කරන ආයතනයේ රැකියාව අවදානම් මට්ටමක පවතින බවත්, කවදා තම රැකියාව අහිමි වේදැයි තමන් බියෙන් පසුවන බවත්  තවත්  අන්තර්ජලාය හරහා ව්‍යාපාර කරන ආයතනයක සේවකයෙක් පැවසීය. පවතින තත්ත්වය ඉතා ඉක්මණින් යථා තත්ත්වයට පත් වුණහොත් තමාට මෙන්ම අන්තර්ජාලය හරහා ව්‍යාපාරකටයුතු කරන ආයතනවල සේවය කරන සේවකයින්ටත් රැකියා අහිමිවීමට ඉඩ ඇති බව ඔහු පැවසීය. රජය මෙම තත්ත්වය කිසිදු පාර්ශ්වයකට අසාධාරණයක් සිදු නොවන අයුරින් ඉතා ඉක්මණින් විසඳිය යුතු බව ඔහු අවධාරණය කළේය. 

ෆේස්බුක් තහනම් කිරීමෙන් පමණක් මෙම තත්ත්වය පාලනය කළ හැකි බව රජය සිතා සිටින්නේ නම් එය මුලාවකි. අන්තවාදී පිරිස්වලට මෙවන් සිද්ධි ඇති කිරීමට ෆේස්බුක් අවශ්‍ය නැත. කඩකප්පල්කාරීන් එක මාධ්‍යයක් නැතිවන විට තවත් මාර්ග සියයක් සොයාගනී. නමුත් ව්‍යාපාරිකයන්ට එවැන්නක් නැත. ඔවුන්ට ෆේස්බුක් නැති වුවහොත් තවත් මාධ්‍ය සොයා යන්නට අපහසුය. ව්‍යාපාර කිරීමට නම් වැඩි පිරිසක් සිටින මාධ්‍යයක් තෝරාගත යුතුය. එයට හොඳම තැන ෆේස්බුක්ය. කලහකාරී සිද්ධි ඇතිකරන්නන්ට ෆේස්බුක්ම අවශ්‍ය නැත. රජය තේරුම්ගත යුතු සරල සත්‍යය මෙයයි. රජය කළ යුත්තේ සමාජ මාධ්‍ය ජාල නිසි පරිදි හසුරවමින් පවතින තත්ත්වයන් පාලනය කිරීමට එය යොදාගැනීමයි. තොරතුරු වසන් කරන්නට යාමෙන් වන්නේ අසත්‍ය තොරතුරු පැතිරීම වැඩි වීමයි. නමුත්   රජය කරන්නේම තොරතුරු වසන් කිරීමයි. ඉන් සිදුවන්නේ වැරදි තොරතුරු තව තවත් පැතිරවීම වැඩිවීමයි. ඒ සඳහා ෆේස්බුක්ම අවශ්‍ය නැති බව සාමාන්‍ය මහජනතාව දනී.  

කලහකාරී සිද්ධිවලින් ව්‍යාපාර කටයුතු අඩාල වූවන් ගැන සිතනවා මෙන්ම සමාජ මාධ්‍ය ජාල හරහා ව්‍යාපාර කරන ආයතන ගැන සිතා මෙම තත්ත්වය පාලනයට ඉතා සාධාරණ ක්‍රියා මාර්ගයක් රජය ගත යුතුය. ෆේස්බුක් තහනම් කිරීමෙන් සිදුවන්නේ ෆේස්බුක් මෙන් තවත් සාමාජ මාධ්‍ය ජාලයකට දොර හැරීම පමණි.

 

 සමාජ මාධ්‍ය ජාල භාවිත කරන්නන් එය නිසි පරිදි භාවිත කළ යුතුය. අසත්‍ය ප්‍රචාර පැතිරවීමෙන් තොරව එය පවත්වාගැනීම ඔවුන්ගේ යුතුකම සහ වගකීමයි. එය වෛරය, ජාතිවාදය පැතිරවීමට නොව සාමය, සමගිය පැතිරවීමට භාවිත කළ යුතුය. එසේත් නැතිනම් රජය සමාජ මාධ්‍ය ජාල VPN භාවිතයෙන්වත් පිවිසීමට නොහැකි වන පරිදි අවහිර කර දමනු ඇත. සමහර විට එය අද හෙටම වන්නට ඉඩ ඇත. එයින් වාසිය රජයට ලැබෙන අතර අවාසිය හිමි වන්නේ මහජනතාවටමය.

මේ වන විට රටේ කොටස් වෙළෙඳපොළ ද    ආපස්සට ගොස් ඇතැයි වාර්තා විය.   ඊයේ (15) වන විට කොටස් මිල දර්ශකයේ ඒකක ගණන 5199.98ක් දක්වා පහත වැටී තිබේ. එය 2012 අගෝස්තු මාසයෙන් පසු වාර්තා වූ අඩුම අගයයි. ඊයේ දින පමණක් ඒකක 23.71කින් දර්ශකය පහත වැටී ඇති අතර මෙලෙස අඛණ්ඩව ඒකක පහත වැටුණු 10 වැනි දිනයයි. ඒ අතින් රට වසර හතකින් ආපස්සට ගොස් සිටින අතරම රටේ ආරක්ෂක තත්ත්වයද හරියටම වසර 10කින් ආපස්සට ගොස් තිබේ. 2009 මැයි 18 අවසන් වූ යුද්ධයට වසර දහය පිරෙද්දී   නැවතත් බෝම්බ බියෙන් සිටින ජාතියක් බවට පත්වී ඇත.

වට්ස්ඇප්, වයිබර්, ඉමෝ වැනි සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමෙන් ද සිදුවන්නේ ආදරය කරන කොල්ලන්ට කෙල්ලන්ට වසර දහයකට ආපසු ගොස් නැවත එස්එම්එස් ගසන්නටය. සමාජ මාධ්‍ය  ඔස්සේ සහ  අන්තර්ජාලය  ස්සේ ව්‍යාපාර කරන්නන්ට ව්‍යාපාර අතහැර දමන්නටය. එසේ බලන විට අපි වසර ගණනක් ආපස්සට ගොස් හමාරය.



අදහස් (17)

ෆේස්බුක් හිරකිරීමේ විපාක

duminda Thursday, 16 May 2019 11:02 AM

මං කතා කරන්නේ සමස්ථ ජනතාවගෙන් 1/1000ක් තරම් වගක් නැති පිරිසක් ගැන.... ඊට වඩා ජනතාවගේ මනස අවුල් කරන ප්‍රචාර වලින් වෙන හානිය වැඩියි....

:       148       105

sandy123 Thursday, 16 May 2019 11:57 AM

හොද ලිපියක්. සමාජ මාද්‍ය ජාල සම්පුර්ණයෙන්ම අක්‍රිය කරන්න කියලා සමහර ඔල මොට්ටල පාඨකයොත් හිටියා පහු ගිය දවස්වල අදහස් දමා ගෙන. ඒ අය කියවන්නම වටිනා ලිපියක්. ඕනෙම දෙයක හොද නරක දෙපැත්තක් තියෙන වග සැවොම පිළිගන්න සත්‍යයක්. එයින් හොද තෝරාගෙන පාවිච්චියට ගත හොත් අපිට අවැඩක් සිදුවෙන්න නැත.

:       0       0

Dinu Nadirangani Thursday, 16 May 2019 02:22 PM

ෆේස්බුක් එක හරහා මම වගේ ස්වයංරැකියාවක් කරන අයට මෙම ෆේස්බුක් තහනම දැඩිව බලපා තිබෙනවා. ඒ ගැන විවාදයක් නෑ. රටේ ආරක්ෂාව වෙනුවෙන් ෆේස්බුක් තහනම් කළා කියලයි රජය කියන්නේ. ඒත් මාධ්‍ය හරහා ද්වේෂ සහගතව අදහස් හුවමාරු කරන ප්‍රධාන පෙළේ මැති ඇමතිවරුන්ට නීතිය ක්‍රියාත්මක නොකොට සාමාන්‍ය ජනයාට විතරක් බාධා ඇති කිරීම අනුවණ ක්‍රියාවක්. මුහුණු පොත හරහා වැරදි කරන අය ඉන්නවා නම් ඒ අයට පමණක් දඬුවම් කරන එක තමයි කරන්න ඕන. ඒවාට නීතිරීති සකසා ඒවා පාලනය කරන එක තමයි වෙන්න ඕනෑ. එහෙම නොවුනොත් ආර්ථික වශයෙන් පීඩාවට පත්වන මිනිස්සුන්ට තව තවත් පීඩාවක් මිස වෙනත් දෙයක් හිමිවන්නේ නෑ. ඒ ගැන රජයේ අවධානය යොමු වෙන්න ඕනෑ.

:       0       0

සමරකෝන් Thursday, 16 May 2019 03:13 PM

අන්තිම ඡේදය හරිම ගොන්....

:       0       0

sudesh Friday, 17 May 2019 02:22 AM

මේක මහ තකතීරු මෝඩ වැඩක් දැන් කට්ටිය යන්නේ විපිඑන් හරහා එතකොට ආරක්ෂක හමුදාවට ඔවුන් කරන හොර වැඩක්වත් අල්ල ගන්න ලැබෙන්නේ නැහැ. මේක වැරදි කරන අයට උඩගෙඩි දීමක් කරන්නේ.

:       2       120

lalithm Friday, 17 May 2019 02:51 AM

සමාජ ජාල බ්ලොක් කරන එක කටකතා පතුරුවන අයට පාර කැපීමක්. ඔක්කොටම වඩා භයානක කටකතා. බිස්නස් වලටත් පාඩු තමා. බ්ලොක් කරන්නේ නැතිව අවභාවිත කරන අයවලුන් සොයාගෙන ප්‍රසිද්ද කරන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කලොත් මීට වඩා හුඟක් හොඳා . මිනිස්සු තමන්ගේ සීමාව ඉගෙන ගන්න එක ඉතා වැදගත්.

:       5       105

Pradeep Friday, 17 May 2019 05:38 AM

වට්ස්ඇප්, වයිබර්, ඉමෝ වැනි සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමෙන් අපහසුතා ඇති වන්නේ පෙම්වතුන්ට පමණක් නොවේ. විදෙස් රටවල සිටින අය තම පවුල් වල අයට කතා කරන්නේ මෙම මාධ්‍ය වලින් නිසා ඔවුන් ඉතා අසරණ වෙයි. මෙම නොසන්සුන් පරිසරය තුළ තම පවුලේ විස්තර දැනගැනීමට නොහැකිවීමෙන් ඔවුන් මොන තරම් අපහසුතාවයකට පත් වෙනවා ඇතිද කියා දන්නේ ඔවුන්ම පමණි.

:       0       138

divan amila Friday, 17 May 2019 08:59 AM

සමාජ ජාල අවහිර කරලා රටට සුද්දට එන්න දුන්න

:       0       80

සේක Friday, 17 May 2019 08:40 PM

මේ ආණ්ඩුව කරන්නෙ අතීසාරෙට අඹුඩ ගහන එක. නයා හුබහේ ඉද්දි හුබහා වටේ දසුද්ධ කරන එක.ජනතාවගේ ඇහැ වහලා කොළේ පාස් කරන එක. මේක හොඳයි කියන්න දෙයක් නෑ.

:       0       2

sandy123 Saturday, 18 May 2019 12:45 AM

හොඳලිපියක්. සමාජ මාධ්‍ය ජාලා සම්පූර්ණයෙන්ම අක්‍රීය කරන්න කියලා සමහර ඔල මොට්ටල පාඨකයොත් හිටියා පහුගිය දවස්වල අදහස් දමාගෙන... ඒ අය කියවන්නම වටිනා ලිපියක්. ඕනෑම දෙයක හොඳ, නරක දෙපැත්තක් තියෙන වග සැවොම පිළිගන්න සත්‍යයක්. එයින් හොඳ තෝරාගෙන පාවිච්චියට ගත හොත් අපිට අවැඩක් සිදුවෙන්නේ නැත...

:       0       0

jaya Saturday, 18 May 2019 05:45 AM

ව්‍යාපාර සඳහා සමාජ ජාලා භාවිතා කරන අය 1% අඩු ප්‍රමාණයක් බවත් අනෙක් හැමකෙනාම වගේ වඳුරාගේ අතට දැලිපිහිය දුන්නා වගේ මෙය භාවිතා කරන බවත් කණගාටුවෙන් වුවද කියන්න වෙනවා. සමාජ ජාල‍ා මතම පමණක් ව්‍යාපාරයක් රඳවා තබා ගැනීමේ අවදානම ගැනද මේ අවස්ථාවේ කල්පනා කිරීම වැදගත්. කරුණාකර මෙය වැරදියට තේරුම් ගන්න එපා.

:       203       44

Suranga perera Sunday, 19 May 2019 03:59 AM

ඔබ වැනි ළිං ගෙම්බන් සිටින තාක් කල් අපේ රටට අබ සරණයි..

:       4       112

jayaMonday, 20 May 2019 03:48 AM

"වඳුරාගේ අතට දැලිපිහිය දුන්නා වගේ" ගැන හිතන්න ඕනෑ නම් ඔබේ සම්පූර්ණ නම පවසන්න. මම ඔබේ වයස, උපන්දිනය, ලිපිනය, දුරකථන අංකය, ඔබේ යාලුවන්ගේ විස්තර, සමහර විට ඔබේ ජාතික හැඳුනුම්පත් අංකයත් අන්තර්ජාලයෙන් හොයා දෙන්නම්...

:       104       5

sandy123 Saturday, 18 May 2019 06:16 AM

හොඳ ලිපියක්. සමාජ මාධ්‍ය ජාලා සම්පූර්ණයෙන්ම අක්‍රිය කරන්න කියලා කියන සමහර ඔලමොට්ටල පාඨකයොත් හිටියා පහු ගිය දවස්වල අදහස් දමා ගෙන... ඒ අයට කියවන්නම වටිනා ලිපියක්... ඕනෙම දෙයක හොඳ නරක දෙපැත්තක් තියෙනවග සැවොම පිළිගන්න සත්‍යයක්. එයින් හොඳ තෝරාගෙන පාවිච්චියට ගතහොත් අපිට අවැඩක් සිදුවෙන්නේ නැත.

:       18       29

de silva Saturday, 18 May 2019 01:21 PM

තරුණ තරුණියෝ බොහෝ ප්‍රමාණයක් තම වටිනා කාලය විනාශ කරගන්නේ ඔය කෙහෙල්මල නිසා, ඕක 21 වෙනිදා හවස ඇරලා තිබුණා නම් ඕක හරහා කෙරෙන උසිගන්වීම් නිසා තව ජීවිත දහස් ගණනක් නැති වෙන්න තිබුණා. ලංකාවේ ඕවා හරහා හරවත් දෙයක් කරන මිනිස්සු ඉන්නේ 1-2% විතරයි. ඕක ලංකාවේ සදහටම තහනම් කරලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ .

:       119       61

jayaMonday, 20 May 2019 07:37 AM

සිල්වා මහත්තය කමෙන්ට් දාන්න මහන්සි වෙන්න එපා. බහුතර මතය හැම තිස්සෙම හරි කියලා හිතන සමාජයක තත්වය කමෙන්ට් වලින් හිතා ගන්න.

:       3       15

Viraj Tuesday, 21 May 2019 03:47 AM

රජයට සමාජ මාධ්‍ය ජාල VPN භාවිතයෙන්වත් පිවිසීමට නොහැකි වන පරිදි අවහිර කල නොහැක !

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

වචන ඇහුවාම දැන් කාලෙ සින්දු එපාවෙනවා
2025 අප්‍රේල් මස 29 5 0

ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ


විදුදය බිහිකළ හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියෝ
2025 අප්‍රේල් මස 29 5 0

1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර


මාර්ගගත සුරක්ෂිත පනත අවශ්‍යද?
2025 අප්‍රේල් මස 29 4 0

ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ


අසාද් මවුලානාගේ සාක්ෂි වැදගත්ද?
2025 අප්‍රේල් මස 29 16 0

2023 සැප්තැම්බර් 5 වැනිදා අඟහරුවාදා බ්‍රිතාන්‍යයේ “චැනල් 4” රූපවාහිනී නාළිකාව ඔවුන්ගේ “ඩිස්පැචස්” වැඩසටහන ඔස්සේ “ශ්‍රී ලංකාවේ පාස්කුදා බෝම්බ ප්‍රහාර”


ගැටුමකට අරඅදින ඉන්දු - පාකිස්තාන යුද ශක්තිය
2025 අප්‍රේල් මස 29 34 0

ඉන්දියාවට අයත් දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම් ප්‍රදේශයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් මේ වනවිට


අධිකරණයට අපහාස: නීතිය - නව පනත විමර්ශනයක්
2025 අප්‍රේල් මස 29 19 0

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 12 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 13 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1048 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site