
හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්
අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල ජීවනෝපාය සංවර්ධනය කර එම පවුල් සවිබල ගැන්වීම සඳහා රුපියල් එක් කෝටි අට ලක්ෂයක මුදලක් වෙන් කර තිබේ.
කොට්ඨාසයේ අස්වැසුම ප්‍රතිලාභී පවුල්වලින් තෝරාගත් තරුණ ව්‍යාවසායකයන් පිරිසක් සඳහා ආධාර ලබා දීම පසුගියදා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති රියාස් ෆාරුක් මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාදේශීය ලේකම් රුවන්තිකා හෙන්නායක මෙනෙවියගේ සහභාගීත්වයෙන් සිදුවිය.
මෙහිදී එක් ප්‍රතිලාභියකු සඳහා රුපියල් 1,50,000 බැගින් ප්‍රතිලාභීන් 72ක් සඳහා රුපියල් එක් කෝටි අට ලක්ෂයක මුදලක් වෙන් කර තිබිණ.
විවිධ කර්මාන්ත සඳහා ප්‍රතිලාභීන් 34 කට සහ ව්‍යාපාර අලෙවි සහ සේවා සඳහා ප්‍රතිලාභීන් 20 ක් සඳහාද ආධාර ලබා දුන් අතර එයට අමතරව සත්ව පාලන ව්‍යාපෘති 17 කට සහ කෘෂිකාර්මික අංශය සඳහා එක් ව්‍යාපෘතියකට මෙහිදී ආධාර මුදල් සහ උපකරණ ලබා දෙනු ලැබීය.
අකුරණ අස්වැසුම පවුල් සවිබල ගැන්වීමට රුපියල් එක්කෝටි අටලක්ෂයක්