IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


අගෝස්තුවේදී මහ බැංකුව ඩො.මි. 579 ක ශුද්ධ මිලදී ගැනීමක


ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අගෝස්තු මාසයේදී සිදුකළ එක්සත් ජනපද ඩොලර් මිලදී ගැනීම් යටතේ ඩොලර් මිලියන 579 ක ශුද්ධ මිලදී ගැනීමක් සිදු කර ඇතැයි පවසයි. එහිදී මාසය තුළ කිසිදු ඩොලර් අලෙවි කිරීමක් සිදු නොකිරීමට මහ බැංකුව පියවර ගෙන තිබේ. 

පසුගිය ජූලි මාසයේදී මහ බැංකුව ඩොලර් මිලියන 348.6ක් මිලදී ගත් අතර, වසර තුළ සිදුකළ වැඩිම ඩොලර් මිලදී ගැනීම ලෙසින්ද මෙය සැලකුණි. එසේම එම මාසයේදී කිසිදු ඩොලර් අලෙවියක් සිදු නොවුණි. ඒ අනුව මහ බැංකුව පිට පිට දෙවැනි මාසයටත් ඩොලර් අලෙවි කිරීමක් සිදු නොකළ අවස්ථාවක් ලෙසත් සටහන්ව තිබේ. 

මහ බැංකුවේ දත්ත අනුව 2025 වසරේ අගෝස්තු මාසයේදී ද මහ බැංකුව ඩොලර් 356 ක් මිලදී ගෙන ඇති අතර, එම අවස්ථාවේදී ද අලෙවියක් සිදු කර නැත.



අදහස් (0)

අගෝස්තුවේදී මහ බැංකුව ඩො.මි. 579 ක ශුද්ධ මිලදී ගැනීමක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site