IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


අනිලානා හොටෙල්ස් සභාපති ධුරයට එලීන් ටාන් හුයිෂිආන්

භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හෝටල් සමාගමක් වන අනිලානා හොටේල්ස් ඇන්ඞ් ප්‍රොපර්ටීස් පීඑල්සී සමාගමෙහි නව සභාපතිවරිය ලෙස එලීන් ටාන් හුයිෂිආන් පත් කර ඇතැයි එම සමාගම පවසයි. 

පසුගිය දෙසැම්බර් 19 වැනිදා රැස්වුණු එම සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී ගනු ලැබූ තීරණයකට අනුව මෙම නව පත් කිරිම සිදු කර තිබේ. ඒ අනුව 2025 ජනවාරි 01 වැනිදා සිට බලාත්මක වන පරිදි ඇය නව සභාපතිවරිය ලෙස පත් කර ඇත. එම සමාගමෙහි සභාපතිවරිය ලෙස කටයුතු කළ සොනාල් පාන්ඬේ පසුගිය වසරේ අගෝස්තු 22 වැනිදා එම ධුරයෙන ඉල්ලා අස්වීමෙන් අනතුරුව හිස් වූ ධුරය සඳහා මෙම නව පත් කිරිම සිදු කර තිබේ.

මෙම පත් කිරිම සිදු කරන අවස්ථාව වනවිට ඇය සමාගමෙහි විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කළාය. 



අදහස් (0)

අනිලානා හොටෙල්ස් සභාපති ධුරයට එලීන් ටාන් හුයිෂිආන්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site