IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


අනිලානා හෝටල් තුනක් පරාටේ නීතියෙන් සම්පත් බැංකුව යටතට

අනිලානා හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී සමාගමට අයත් නිලාවේලි, ත්‍රිකුණාමලය සහ පාසිකුඩාහි පිහිටි දේපළ තුනක් පරාටේ නීතිය යටතේ සම්පත් බැංකුව යටතට පත්ව ඇතැයි එම සමාගම පවසයි. 

පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මෙම කරුණු සඳහන් කර තිබේ.

ඒ අනුව 1990 අංක 04 දරන බැංකු මගින් ලබා දී ඇති ණය ආපසු අය කරගැනීමේ නීතිය යටතේ මෙම කටයුතු සිදුව තිබෙන බව සමාගම පවසයි. මෙහිදී සම්පත් බැංකුව විසින් අදාළ අත්පත් කරගැනීම සම්බන්ධයෙන් අනිලානා හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පීඑල්සී සමාගම වෙත පසුගිය අගෝස්තු 31 වැනිදා ලිඛිතව දැනුම් දී තිබේ. 

කෙසේ වෙතත් සම්පත් බැංකුව ගත් මෙම තීරණයට එරෙහිව දැනටමත් වාණිජ මහාධිකරණයේ නඩු දෙකක් පවරා තිබෙන බවත් එම සමාගම පවසයි.

මේ අතර අදාළ හෝටල් සඳහා රුපියල් බිලියන 1.2 ක මුදලක් පිරිනැමූ අනාගත ආයෝජකයකු පිළිබඳ අධිකරණයට දැනුම්දීමක් සිදු කර ඇති අතර, සම්පත් බැංකු පීඑල්සී සමග සම්මුතියකට එලඹීම සඳහා වාණිජ මහාධිකරණය සම්පත් බැංකුවට දැනුම් දී ඇතැයිද සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

 



අදහස් (0)

අනිලානා හෝටල් තුනක් පරාටේ නීතියෙන් සම්පත් බැංකුව යටතට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site