IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


අප්‍රේල් මුල් දින 6ට සංචාරකයෝ 38,615 ක්

විමුක්ති එස් රුද්‍රිගු


අප්‍රේල් මාසයේ ගතවූ දින 6 තුළ මෙරටට සංචාරකයන් 38,615 ක් මෙරටට පැමිණ ඇති බවත් ඒ අනුව මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට පසුගිය 6 වැනිදා දක්වා ගෙවුණු කාලය තුළ සංචාරකයන් 760.891 ක් මෙරටට පැමිණ ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.
මෙම මස ගෙවුණු දින 6 තුළ මෙරටට සංචාරකයන් වැඩියෙන්ම පැමිණ ඇත්තේ ඉන්දියවෙන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 17 කි. මෙම මස පළමු දින 6 තුළ ඉන්දියාවෙන් මෙරටට සංචාරකයන් 6,548 පැමිණ ඇත. දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් එක්සත් රාජධානියට සහ රුසියාවට හිමිව ඇති අතර එම රටවලින් පිළිවෙළින් සංචාරකයන් 5,438 ක් සහ 4,185 ක් මෙරටට පැමිණ තිබේ.
මෙම වසරේ ජනවාරි 1 වැනිදා සිට පසුගිය 6 වැනිදා දක්වා ගෙවුණු කාලය තුළද මෙරටට වැඩියෙන් සංචාරකයන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර සංචාරකයන් 124,863 ක් එම කාලය තුළදී ඉන්දියාවෙන් මෙරටට පැමිණ ඇත. එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් රුසියාවට සහ එක්සත් රාජධානියට හිමිව තිබිණ. එම කාලය තුළදී රුසියාවෙන් සංචාරකයන් 97,753 ක් මෙරටට පැමිණ තිබූ අතර එක්සත් රාජධානියෙන් මෙරටට සංචාරකයන් 75,143 ක් මෙරටට පැමිණ තිබුණේය.



අදහස් (0)

අප්‍රේල් මුල් දින 6ට සංචාරකයෝ 38,615 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site