IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


අයි.එම්.එෆ් පිරිසක් දිවයිනට

අන්තර් ජාතික මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට දීමට යන ණය පිළිබඳව සාකච්ඡා කිරීමට පස් දෙනකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් දිවයිණට පැමිණ සිටිති.

ණය  ගැනීමේදී ශ්‍රී ලංකාව සපුරාලිය යුතු කොන්දේසි සහ එහි ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම මෙම නියෝජිත පිරිසේ අරමුණ බව ශ්‍රී ලංකා මහබැංකුව කියයි.

අයවැය පරතරය අවම කිරීම සහ පොලී අනුපාතික අඩු කිරීම සදහා මූල්‍ය සංචිත වර්ධනය කිරීම මෙම ණය ලබා ගැනීමේ අරමුණ වී ඇත.

ලෝක බැංකුව, ආසියා  සංවර්ධන බැංකුව සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඉදිරියේදී මූල්‍යාධාර හිමිවන බව මහබැංකුව  සදහන් කරයි.



අදහස් (0)

අයි.එම්.එෆ් පිරිසක් දිවයිනට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site