IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


අලුත් අවුරුදු මාසයේ වෙළඳපොල දියුණුවන ලකුණු

අප්‍රේල් මාසයේ පළමු ගනුදෙනු දිනය තුළ කොළඹ කොටස් වෙළෙඳාමේ දී වර්ධනයක් පෙන්නුම් කළේය. ඉන්දීය අගමැතිවරයාගේ නිල සංචාරය සමග ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිපත්ති නැඹුරු වියහැකි දිශාව සහ එයින් ඇති විය හැකි ආර්ථික ප්‍රගතිය ගැන ආයෝජන අංශ තුළ තරමක විශ්වාසයක් දියුණුවෙමින් තිබේ. එය යහපත් වාතාවරණයකි.

ඊයේ (අප්‍රියෙල් 01) ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,934.38 තෙක් ඉහළ ගිය අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 119.56 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,763.86 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 29.14 ක ඉහළ යෑමක් සේ දැක්විය හැකිය. ආරම්භයේ සිට පැයක පමණ කාලයක් පසුබැසීමකට ලක් වූ නමුත් පසුව එය වර්ධනකාරී මුහුණුවරක් ගත්තේය. 

කොමර්ෂල් බැංකුව රු. මිලියන 193 ක්, සම්පත් රු. මිලියන 177 ක්, හේලීස් රු. මිලියන 123ක්, කොමර්ෂල් ක්‍රෙඩිට් රු. මිලියන 74 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 68 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 66 ක්, සන්ෂයින් රු. මිලියන 58 ක්, ඇක්සස් ඉන්ටර්නැෂනල් රු. මිලියන 51 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 48 ක්, ලංකා ඉන්දියන් ඔයිල් රු. මිලියන 47 ක් සහ ජනශක්ති ඉන්ෂුවරන්ස් රු. මිලියන 44 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි. 

ඊයේ වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 15,647 ක් වූ අතර සමාගම් 185 ක කොටස් මිල ඉහළ ගියේය. මිල ගණන් පහත වැටුණ සමාගම් ප්‍රමාණය 53 ක් විය. දිනයේ වෙළෙඳපොළ පිරිවැටුම රු. බිලියන බිලියන 1.91 ක් දක්වා සිමාවී තිබුණි. 

නිරීක්ෂක
 



අදහස් (0)

අලුත් අවුරුදු මාසයේ වෙළඳපොල දියුණුවන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site