යොහාන් භාසුර
කොළඹ පාරිභෝගික මිල දර්ශකයකට අනුව පසුගිය මස (මාර්තු) මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට සෘණ 2.6 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව අවධමන තත්වය මාස කීපයක සිට ලිහිල්වෙමින් තිබෙන බව ද මහ බැංකුව සඳහන් කළේය.පසුගිය පෙරවාරි මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට සෘණ -4.2 ක පැවැති බව ද එම බැංකුව කියයි.
පෙබරවාරි මාසයේ සියයට 0.2 ක් ලෙස පැවැති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය අවධමනය (සෘණ 0.2) මාර්තු මාසයේ සියයට -0.6 ක් උද්ධමනයක් හෙවත් ධන අගයක් වාර්තා කර ඇති බවත් පෙබරවාරි මාසයේ සියයට සෘණ -6.1 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය මාර්තු මාසයේ සියයට සෘණ -4.1 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරයි.
අවධමනය ක්‍රමයෙන් ලිහිල්වෙයි