IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ආනයනයේ ප්‍රමාදයට වාහන ආනයනකරුවන්ගෙන් මුදල් අමාත්‍යාංශයට අප්‍රසාදය

 

  • ආනයනකරුවන්ට බලපාන ප්‍රධාන ගැටලු‍ ආමන්ත්‍රණය කිරීමේදී නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා වගකීම් විරහිතයි
  • මුදල් අමාත්‍යාංශය අදාළ තීරණ කාලෝචිතව නොගැනීම නිසා රේගු දෙපාර්තමේන්තුවට නිසි ලෙස ක්‍රියාත්මක වීමට නොහැකි වෙලා

වාහන ආනයනයේ ප්‍රමාදය සහ වැරදි කළමනාකරණය පිළිබඳව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පසුගියදා සිය කණස්සල්ල පළ කළේය. වාහන ආනයන කර්මාන්තය තුළ පෙර නොතිබූ ගැටලු‍ මතුවීමට හේතුව මුදල් අමාත්‍යංශයේ වැරදි තීරණ යැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය චෝදනා කළේය.

ආනයනකරුවන්ට බලපාන ප්‍රධාන ගැටලු‍ ආමන්ත්‍රණය කිරීමේදී නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා වගකීම් විරහිතව කටයුතු කරන බවද එම සංගමය පැවැසුවේය. දැඩි සැලකිල්ලකින් යුතුව මෙරට රජය පසුගිය පෙබරවාරි මස 1 වැනිදා වසර 5 කට පසුව වාහන ආනයන සීමා ලිහිල් කළේය.

දැනට පවතින ගැටලු‍ විසඳීමට සහ සුමට වාහන ආනයන ක්‍රියාවලියක් සහතික කිරීමට ශක්තිමත් සහ ක්‍රියාශීලී නායකයකු අවශ්‍ය යැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගියදා පැවැසුවේය. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජික කීර්ති ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ වාහන ආනයන සීමා ඉවත්කර මාස දෙකකට ආසන්න කාලයක් ගත වුණද මුදල් අමාත්‍යාංශය ඊට අදාළ තීරණ කාලෝචිතව නොගැනීම නිසා රේගු දෙපාර්තමේන්තුවට නිසි ලෙස ක්‍රියාත්මක වීමට නොහැකි වී ඇති බවයි.

වාහන ආනයනය පිළිබඳව යම් යම් නිවේදන රජය සිදු කළත් වාහන හම්බන්තොට වරායට පැමිණි පසුව යම් ආයතන තහනම් කිරීම හේතුවෙන් අර්බුද මතුවූ අවස්ථාද තිබෙන බව මුදල් අමාත්‍යංශයේ වැරදි තීරණ හුවා දක්වමින් ඔහු ප්‍රකාශ කළේය. විද්‍යුත් වාහන ගෙන්වීමට 2023 වසරේදී අවසර ලබාදුන් අවස්ථාවේ මතුවූ ගැටලු‍ද ඔහු පෙන්වා දුන්නේය.



අදහස් (0)

ආනයනයේ ප්‍රමාදයට වාහන ආනයනකරුවන්ගෙන් මුදල් අමාත්‍යාංශයට අප්‍රසාදය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site