IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ආසියානු සංවර්ධන බැංකුවේ නව සභාපති වැඩ අරඹයි

විමුක්ති එස් රුද්‍රිගු


ආසියානු සංවර්ධන බැංකුවේ 11 සභාපතිවරයා ලෙස මසාටෝ කන්ඩා මහතා පසුගියදා වැඩ බාර ගත්තේය. ජපානයේ ජාත්‍යන්තර කටයුතු සඳහා නියෝජ්‍ය මුදල් ඇමැති ධුරය දරා ඇති මසාටෝ කන්ඩා මහතා ජාත්‍යන්තර මූල්‍ය හා සංවර්ධන ප්‍රතිපත්ති ක්ෂේත්‍රයේ දශක හතරකට ආසන්න පළපුරුද්දක් ඇති අයෙකි.

වෙළෙදපොළ අස්ථාවරත්වයක් පැවති කාල පරිච්ඡේදවලදී ලබාදුන් නායකත්වය සහ තීරණාත්මක මැදිහත්වීම් හේතුවෙන් කන්ඩා මහතාට ජාත්‍යන්තරයේ පුළුල්  පිළිගැනීමක් හිමිව ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධුරයට පත්වීම තමන් ලද ගෞරවයක් බවත් එය ආසියානු කලාපයට ඉතා වැදගත් අවස්ථාවක් බවත් ධුරයේ වැඩ බාර ගනිමින් කන්ඩා මහතා ප්‍රකශ කළේය. ආසියානු සංවර්ධන බැංකුවේ සාමාජික රටවල් 69 සහ කාර්ය මණ්ඩලයේ සහායෙන් ආසියානු කලාපයේ තිරසාර, ජීවන තත්වය ඉහළ යන සහ අර්බුදවලට ඔරොත්තු දෙන ආර්ථික වර්ධනයක් ඇති කිරීමට තමන් බලාපොරොත්තු වන බවද ඔහු පැවැසුවේය.



අදහස් (0)

ආසියානු සංවර්ධන බැංකුවේ නව සභාපති වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site