IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ඇඟළුමට කණ කොකා යළි නොහඬන වගයි

ජී.එස්.පී. ප්ලස් අහිමි නොවුණා නම් අද වන විට ඇඟලූම් යනු රුපියල් බිලියන හයක (කෝටි 600ක) කර්මාන්තයක් යැයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ  මහතා ඇඟලූම් කර්මාන්ත සැපයුම්කරුවන්ගේ ප්‍රදර්ශනය විවෘත කරමින් පැවසීය.

ජී.එස්.පී. ප්ලස් ඇඟලූම් කෝටාව පසුගිය රජයේ විවිධ කටයුතු හේතුවෙන් අහිමි නොවුණේ නම්, ඇඟලූම් කර්මාන්තය අද වන විට දියුණූ කර්මාන්තයක් බවට පත්වීමට හැකියාව තිබූණා. පසුගිය අඳුරු යුගය නිමා කරමින් නව යුගයක් ආරම්භ කළ යුතුයි. 2005 වසර වන විට මෙරට ඇඟලූම් කර්මාන්තශාලා 800ක් පමණ පැවති නමුත්, අද ඉන් ඉතිරිව ඇත්තේ ඇඟලූම් කර්මාන්ත ශාලා 200ක්  පමණය මේ වන විට බිඳවැටී ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟලූම් ක්ෂේත්‍රයට ද නව රජයේ අත හිත ලැබෙන බවත් කීවේය.

රජයේ මැදිහත්වීමෙන් සෑම අංශයකටම උපකාර කරමින් එම අංශයන්ගේ සංවර්ධනය වෙනුවෙන් දායකත්වය ලබා දීමට පියවර ගන්නා බවද ඔහු කීවේය.

01-(1)-(1) 02-(1) 03-(1) 08



අදහස් (0)

ඇඟළුමට කණ කොකා යළි නොහඬන වගයි

ඉසංක Friday, 17 June 2016 05:28 AM

නව ඇඟලුම් ක්ෂේත්‍රයක් මෙරට ගොඩ නැංවිය යුතුයි.(හේ)

:       0       0

ප්‍රියාන් Monday, 20 June 2016 01:34 AM

මමද කර්මාන්ත ශාලාවක රැකියවක් කරළෙමි. එහිදී සේවකයෙකුට සේවාදායකයාගෙන් ලැබියයුතු බොහෝ දේ මා හට නොලැබිණි. එහෙයින් අවවාදයට වඩා ආදර්ශය උතුම් බව සනාථ කළයුතු වේ (නි)

:       0       0

ශානක පෙරේරා Friday, 17 June 2016 12:32 PM

යුද්ධයේ අවසාන කාලය හා ජී.එස්.පී. ප්ලස් අතර සම්බන්ධයක් නොමැත. ජී.එස්.පී. ප්ලස් අහිමුවූයේ 2010 දීය. (ර)

:       0       0

රුවන් Friday, 17 June 2016 05:28 AM

දීපාල් සමග එකඟයි. (ර)

:       0       0

රුවන් Friday, 17 June 2016 05:31 AM

දීපාල් සමඟ එකගයි.(හේ)

:       0       0

නලීන් Friday, 17 June 2016 05:28 AM

දැන් ලංකාවේ ඇගලුම් කාර්මාන්තය බිම වැටී ඇත.(හේ)

:       0       0

පාලිත Friday, 17 June 2016 05:28 AM

ඇගලුම් ක්ෂේත්‍රයේ දියුණුවක් දකින්නට නෑ දැන්.(හේ)

:       0       0

සම්පත් Friday, 17 June 2016 05:31 AM

කරන්න යන දේ අගෙයි.(හේ)

:       0       0

සාලිය Friday, 17 June 2016 05:31 AM

ඇඟලුම් කාර්මාන්ත තවත් ඇති කර නව පරපුරට එහි රැකියා ලබා දුන්නා නම් රැකියා ප්‍රශ්නයට විසදුම් රැසක් සොයා ගන්න පුළුවන්.(හේ)

:       0       0

දීපාල් නිරෝෂ් Friday, 10 June 2016 02:45 PM

යුද්ධය අවසාන මොහොතේ ප්‍රභාකරන්ට නිදහස් වෙන්න දුන්නා නම් ජී.එස්.පී. ප්ලස් සහනය විතරක් නොවෙයි තව ගොඩක් සහන දිනාගන්න තිබුනා. ඒක ගරු ඇමතිතුමා රට ගැන හිතලා එදා පාලකයෝ ගත් තීරණයක් මිසක් බඩ ගැන විතරක් හිතලා ගත් තීරණයක් නොවෙයි. (නි)

:       0       0

පාලිත Friday, 17 June 2016 05:31 AM

එහෙම දෙයක් නොවන්න පාලකයින් වගබලා ගත යුතුයි.(හේ)

:       0       0

ඉන්දු Wednesday, 15 June 2016 12:04 AM

සතුටුයි ඉහළ ප්‍රතිචාර දැක්කහම. එ්ත් දැන් වැඩිහරියක් ඉන්නේ නිකම් දෙනවා නම් ලෙඩක් වුණත් බාරගන්න අයයි. (නි)

:       0       0

සනත් ගුනවර්දන Saturday, 11 June 2016 10:29 AM

ඔය ඉල්ලන සහන ඔක්කොම යුරෝපය සහ ඇමරිකාව දෙන්නේ ඒ අයට අවනත රජයක් , ඒ කියන්නේ නොපෙනෙන භාහිර හස්තයකින් අප රට ඔවුන්ට නතු කර ගන්න පුළුවන් නම් පමණි , (හේ)

:       0       0

සනත් Saturday, 11 June 2016 10:29 AM

බලමුකෝ.(හේ)

:       0       0

අමා Saturday, 11 June 2016 04:42 AM

දීපාල්, ඔබ හරියටම හරි. මමත් එයට එකඟයි (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Friday, 10 June 2016 03:23 PM

යුද්ධය අවසාන වෙන මොහෙතේ බටහිර රටවල නියෝජිතයෝ කියපු විදියට ප්‍රභාකරන්ට නිදහස් වෙන්න දුන්න නම් ජී.එස්.පී. ප්ලස් සහනය විතරක් නොවෙයි තව ගොඩක් සහන දිනා ගන්න තිබුන, එක එදා රට ගැන හිතල පාලකයෝ ගත් තීරණයක් මිසක් බඩ ගැන විතරක් හිතල ගත්තු තීරණයක් නොවෙයි ගරු ඇමතිතුමා (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Friday, 10 June 2016 02:54 PM

යුද්ධය අවසාන මොහොතේ ප්‍රභාකරන්ට නිදහස් වෙන්න ඉඩ දුන්න නම් ජී.එස්.පී. ප්ලස් සහනය විතරක් නෙවෙයි තව ගොඩක් සහන දිනා ගන්න තිබුනා. ඒක එදා පාලකයෝ රට ගැන හිතල මිසක් බඩ ගැන විතරක් හිතල ගත්තු තීරණයක් නොවෙයි ගරු ඇමතිතුමා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site