IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ඇමෙරිකානු තීරු බදු බලපෑමේ රජයේ ප්‍රතිචාරයට JAAF සතුට පළ කරයි

  • තීරු බදු නිසා ඇති විය හැකි බාධා මගහැරවීම සඳහා ක්‍රමෝපායික සැලැස්මක්
  • දැඩි බලපෑම මෙරටින් සිදු කරනඇඟලු‍ම් අපනයනවලටයි

භානුක අමරසිංහ


ඇමෙරිකා එක්සත් ජනපද ජනාධීපතිවරයා විසින් මෙරට අපනයන වෙත පනවා ඇති සියයට 44ක අන්‍යෝන්‍ය තීරුබදු හේතුවෙන් ඇති වන බලපෑම මගහැරවීම සඳහා රජය දක්වා ඇති ප්‍රතිචාර සම්බන්ධයෙන් සිය සතුට පළ කරන බව ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය ( JAAF) පවසයි. 

මෙම ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය මෙරට රෙදිපිළි සහ ඇඟලු‍ම් කර්මාන්තයේ නිරත විශාල සහ කුඩා පරිමාණ කර්මාන්ත සියල්ලක්ම නියෝජනය කරයි. ජනපති ට්‍රම්ප් පැනවූ මෙම තීරුබදු හේතුවෙන් දැඩි බලපෑම එල්ල වී ඇත්තේ මෙරටින් සිදු කරන ඇඟලු‍ම් අපනයනය වෙයි.

ඒ අනුව මෙම තීරු බදු හේතුවෙන් මෙරට ආර්ථිකය වෙත එල්ල විය හැකි බලපෑම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ක්‍රියාකාරී කණ්ඩායමක් පත් කිරීමට රජය ගෙන ඇති පියවර වඩාත් සුදුසු බව ඔවුන් පෙන්වා දෙයි. 

මෙම තත්වය පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කර ඇති මෙම කමිටුව කර්මාන්තයේ ප්‍රධානතම පාර්ශ්වකරුවන් කිහිප දෙනකුගෙන් සමන්විත වන බවත්, ඔවුන් මේ වනවිට මෙම තීරු බදු නිසා ඇති විය හැකි බාධා මඟහැරවීම සඳහා ක්‍රමෝපායික සැලැස්මක් සකස් කරමින් සිටින බවත් එම සංසදය වැඩිදුරටත් පවසයි. 



අදහස් (0)

ඇමෙරිකානු තීරු බදු බලපෑමේ රජයේ ප්‍රතිචාරයට JAAF සතුට පළ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site