භානුක අමරසිංහ
ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම (AMF.N0000) කොළඹ කොටස් හුවමාරුව තුළ ණයකර නිකුතුවක් කිරීමට සූදානමින් සිටින බව පවසයි. ලැයිස්තුගත, වර්ගකෙරු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවා ගත හැකි ඉහළ ඵලදාවක් සහිත බැඳුම්කර ලෙස මෙම නිකුතුව සිදු කිරීම සැලසුමයි.
ඒ අනුව මුල් නිකුතුව ලෙස ණයකර කොටස් 7,500,000ක් නිකුත් කෙරෙන අතර, ඊට හිමි වන අධිදායකත්වයත් සමගින් තවත් බැඳුම්කර කොටස් 5,000,000ක් නිකුත් කරන බවත් සමාගම පවසයි. ඒ අනුව මෙම නිකුතුවේදී බැඳුම්කර කොටස් 12,500,000ක් නිකුත් කෙරෙන අතර, එක් කොටසක් රුපියල් 100ක් බැගින් සමස්ත නිකුතුව හරහා රුපියල් 1,250,000,000ක් රැස් කරගැනීම අරමුණ බවත් සමාගම වැඩිදුරටත් පවසයි. මෙම නිකුතුව සම්බන්ධයෙන් අදාළ නියාමන ආයතනවල අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත් සමාගම සඳහන් කරයි.
ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් වෙතින් රු.බි. 1.25ක ණයකර නිකුතුවක්