IMG-LOGO

2026 ඔක්තෝබර් මස 07 වන බදාදා


ඇ.තානාපති කාර්යාලයෙන් නාවික හමුදාවට ඩො. මි.1ක අති නවීන උපකරණ

 


විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාවේ සමුද්‍රීය බල ප්‍රදේශය තුළ න්‍යෂ්ටික, විකිරණශීලී සහ රසායනික තර්ජන හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ නංවා ගැනීම සඳහා, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් පසුගියදා ශ්‍රී ලංකා නාවික හමුදාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1 (රුපියල් මිලියන 299) ක් වටිනා අති නවීන විකිරණ සහ රසායනික හඳුනාගැනීමේ උපකරණ ලබා දුන්නේය.

ඇමෙරිකා බලශක්ති දෙපාර්තමේන්තුවේ ජාතික න්‍යෂ්ටික ආරක්ෂක පරිපාලනය සහ එහි න්‍යෂ්ටික ජාවාරම් හඳුනාගැනීමේ සහ වැළැක්වීමේ කාර්යාලය හරහා සපයන ලද මෙම අති නවීන උපකරණ ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී ඉකුත්දා නිල වශයෙන් භාර දුන්නේය.

මෙම උත්සවයට එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් මහත්මිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතාද සහභාගී වූහ.



අදහස් (0)

ඇ.තානාපති කාර්යාලයෙන් නාවික හමුදාවට ඩො. මි.1ක අති නවීන උපකරණ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site