මිලියන 12ක් තරම් වූ ගනුදෙනුකරුවන් පිරිසක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව සතු බවත්, වාණිජ පරමාර්ථ පෙරදැරි කර නොගෙන ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන්ම ඇප කැප වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 242 වැනි ශාඛාව ගාල්ල දිස්ති‍්‍රක්කයේ හිනිදුම ආසනයේ පිටිගල නගරයේ ආරම්භ කිරීම සතුටට කරුණක් බව පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ, ජනමාධ්‍ය අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 242 වැනි ශාඛාව විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් පැවසීය.
මෙහිදී අදහස් දැක් වූ ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා, රටේ සංවර්ධනයට පිටුවහලක් වන බවත් දියුණු වෙමින් පවතින නගරයකට බැංකුවක් ඉතා අත්‍යාවශ්‍යයි. මීට පෙර පිටිගල නගරයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක් ලබා දුන්නේ ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිතුමායි. ඊට අමතරව එක් තේ කර්මාන්ත ශාලාවක් පිටිගල නගරයේ තියෙනවා. අපි රජයක් හැටියට නගරයක් සංවර්ධනය කිරීමේදී සැලසුම් සහගතව නගරය නිර්මාණය කළ යුතුයි. ඉදිරි කාලයේදී පිටිගල නගරයේ විශේෂ සංවර්ධනයක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවද ප‍්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේපාල හෙට්ටිආරච්චි, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා, දකුණු පළාත් සභා මන්ත‍්‍රී සුනිල් සේනානායක, නියාගම ප‍්‍රාදේශීය ලේකම් ප‍්‍රගීත් කුමාර යන මහත්වරු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී ධම්මික පෙරේරා මහතා ඇතුළු නිළධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවී සිටියහ.
ඉතිරි කිරීමේ බැංකුව පිටිගලට
ප්‍රසන්න Monday, 21 September 2015 02:04 PM
බැංකුව නිර්මාණය කළේ ශ්‍රීලනිප රජය කාලේ. (බ)
කමල් Monday, 21 September 2015 04:01 PM
ප්‍රසන්නේ ,හැමදේම අනාගන්නේ එපා .(බ)
කරුණාරත්න Monday, 21 September 2015 04:41 PM
සුබ පැතුම්! (නි)
සෙනෙවිරත්න Wednesday, 23 September 2015 09:42 AM
මුදල් තැන්පත් කරන්නත් හැදුනුම්පත ඉල්ලන ලංකාවෙ එකම බැංකුව (බ)
ලේක්කෝ ගලබඩ Thursday, 24 September 2015 09:52 PM
අපේ අදහස් දාන පිටිගල මිලනොගේ යුරෝ ටික මේකේ ආයෝජනය කරන්න පුළුවන්. (නි)
බුද්ධීක Wednesday, 30 September 2015 06:10 AM
සුබ පැතුම්,,,,,,,,,,,,,,,,,,,,,,(ම)