IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ඉදිරි මාස හතරේ විදෙස් ණය අනවශ්‍යයි

මේ වසරේ ඉදිරි කාලයේ දී  විදේශ ණය ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා   පැවැසීය. 

ප්‍රතිපත්තිමය පොළී අනුපාත නොවෙනස්ව තබා ගන්නා බව දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ   පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු එලෙස කීවේය.

 “මේ වසරේ ඉදිරි කාලයේදී විදේශ ණය ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. එහෙත් අයවැය හා ආණ්ඩුවේ ඉදිරි තීරණ මත එය තීරණය වේවි. දැනට ආර්ථිකය යහපත් තත්ත්වයක ගමන් කරනවා. මේ වසරේ ආර්ථික වර්ධනය වේගය සියයට 5ත් 5.5ත් අතර අගයක පවතිවී. බොහෝ දුරට එය සියයට 5.5ක අගයක් ගනිවි. ‘‘

 



අදහස් (0)

ඉදිරි මාස හතරේ විදෙස් ණය අනවශ්‍යයි

ලලිත් Thursday, 01 September 2016 08:00 AM

බලමුකෝ මොකද වෙන්නේ.(හේ)

:       0       0

සිසිර Tuesday, 06 September 2016 11:17 AM

ලංකාවේ මිනිස්සුන්ගේ අධ්‍යාපනික මට්ටම හොදට තේරෙනවා මේ අදහස් බලපුව (අ)

:       0       0

ආර්නෝල්ඩ් Monday, 05 September 2016 10:59 AM

ඔය බළලා මල්ලෙන් එළියට පැන්නේ. ඔය හදන්නේ ණය නැතුව අපෙන් බදු එකතු කරන්නනේ. (නි)

:       0       0

ගුණවර්ධන Monday, 05 September 2016 10:52 AM

ණයත් නොගෙන බඩුත් වැඩිනොකර කළොත් තමා දක්ෂකම තියෙන්නේ. (නි)

:       0       0

හේවා Saturday, 03 September 2016 08:08 PM

ගාමිණී ;;මාස හතරකට පමණක් ණය ගැනීම නතර කරහම ඔබට ඔය තරම්ම සන්තෝශද (රේ)

:       0       0

දිනේෂ් Saturday, 03 September 2016 09:18 AM

විදේශ ණය නැතිවෙන්නේ අගමැතිතුමා ළඟකදී වැඩ කරන්න සල්ලි ඕන කියලා අපෙන් ඉල්ලුව නිසා. දැන් වැට් සහ අනික් ක්‍රම වලින් අපෙන් ගන්නවනේ.(රේ)

:       0       0

ඉන්දික Friday, 02 September 2016 06:17 PM

ණය නොවී කොහොමද රට ඉදිරියට ගෙනියන්නේ? ඇයි ඉතින් වැඩිහරියක් වියදම පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ටනේ (නි)

:       0       0

පාඨලී Friday, 02 September 2016 11:08 AM

මේකේ අදහස් දාපු ගොඩක් අයට කිසිම දැනුමක් නැහැ කියලා තේරෙනවා. මහබැංකු වාර්තා බලන්න පහුගිය මාස කීපයට බැඳුම්කර කීයක් අළෙවිකරලද කියලා. විදේශ වලින් ණය නැතත් දේශීය මුලාශ්‍ර වලින් කොච්චර ණය අරගෙනද (නි)

:       0       0

සමීර Thursday, 01 September 2016 07:54 AM

ඒක හොදයි.(හේ)

:       0       0

දසුන් Thursday, 01 September 2016 07:54 AM

ඒ ගැන ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

ගාමිණි Thursday, 01 September 2016 08:00 AM

ඒ කියන්නේ ණය ගන්නම ඕනේ කියන එකද රට ගිනියන්න.(හේ)

:       0       0

සංගීත් Thursday, 01 September 2016 08:00 AM

එතනින් පස්සේ ආයේ ණය අවශ්‍ය වෙයි.(හේ)

:       0       0

ධම්ම Wednesday, 31 August 2016 03:04 AM

මේ වසරේ ඉදිරි කාලයේදී විදේශ ණය ගැනීම අයවැය හා ආණ්ඩුවේ ඉදිරි තීරණ මත තීරණය වේවි කිව්වා නම් කතන්දරේ මීට වඩා පැහැදිලියි නේද අධිපති තුමා. (බ)

:       0       0

තමීර Thursday, 01 September 2016 08:00 AM

ණය වෙන්නේ නැති තරමට හොදයි.(හේ)

:       0       0

ගාමිණි Thursday, 01 September 2016 08:00 AM

ගොඩක් සතුටුයි. (හේ)

:       0       0

ලලිත් Thursday, 01 September 2016 08:00 AM

ණය නම් අපිට කොහොමත් එපා.(හේ)

:       0       0

ජගත් Thursday, 01 September 2016 08:00 AM

කොහොමත් මේ අය ණය ගනී අපි ගෙවනවා.(හේ)

:       0       0

හේවා Wednesday, 31 August 2016 07:51 PM

ඒ කියන්නේ හැම මාසයකම ණය අවශ්‍යයි කියලද කියන්නේ (නි)

:       0       0

මොරවක Wednesday, 31 August 2016 07:43 PM

එහෙනම් ඉදිරියටත් අපි පටි තදකරගෙනම ඉමු නේද? (නි)

:       0       0

අයිකේඑස් චන්ද්‍රසිරි Wednesday, 31 August 2016 02:46 PM

ඇත්තටම ණය ඕනේ වෙන්නේ රටට කන්න නෙවෙයිනේ ගසා කන්නනේ (බ)

:       0       0

ඇසළ Wednesday, 31 August 2016 08:32 AM

විදේශ ණය ඕනේ නැහැ බැංකු අණකර විතරක් විකුනපුහාම ඇති ඒ මස තුනට. ඒවා විදේශ නය නෙමෙයිනේ. (අ)

:       0       0

ජනහිත Wednesday, 31 August 2016 03:24 AM

අනේ කොච්චර හොඳයි ද? .මාස කීපයකට හරි ණයක් නැතිව ඉන්න තියනවනම්. අයවැයට තව මාස දෙකයිනේ. එතකොට බලමු ණය ඕනද කියල.(ම)

:       0       0

ජනහිත Wednesday, 31 August 2016 03:22 AM

අනේ කොච්චර හොදද.මාස කීපයකට හරි ණයක් නැතිව ඉන්ඩ තියනවනම්. අයවැයට තව මාස දෙකයිනේ. එතකොට බලමු ණය ඕනද කියල. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site