IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


උතුරට සාර්ථක මත්ස්‍ය අස්වැන්නක්


 
(දයාරත්න ඇඹෝගම)

උතුරු මුහුදු තීරයෙන් මේ දිනවල සාර්ථක මත්ස්‍ය අස්වැන්නක් ලැබෙමින් පවතින බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසති.

යාපනය, මන්නාරම්, මුලතිව්, ප්‍රදේශවල  ධීවරයින් පවසන්නේ ඔවුන්ට මේ දිනවල වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබාගැනීමට හැකි වී ඇති බවයි. 

මසුන් වෙළඳපොළට පැමිණීමත් සමඟ එම ප්‍රදේශවල මාළු මිලෙහි ද අඩු වීමක් දැක ගැනීමට හැකිව තිබේ. රජයේ වින්චි යන්ත්‍ර උපයෝගි කරගනිමින් මා දැල් කර්මාන්තයේ යෙදීමට අවසර දීමද මත්ස්‍ය අස්වැන්න වැඩි වීමට හේතු වී ඇති බව ධීවරයෝ පවසති.

කොළඹ සහ අනෙකුත් පළාත් වල මසුන් ප්‍රවාහනය කිරීම යාපනය කේන්ද්‍ර කරගනිමින් සිදු වෙමින් පවති. 

ධීවර කර්මාන්තයේ යෙදෙන පවුල් මෙන්ම එම ක්ෂේත්‍රයට සම්බන්ධ වක්‍ර රැකියාවල නිරත වූවන්ටද මෙමගින් ආර්ථික වාසි රැසක් ඇති බව ඔවුහු පවසති.



අදහස් (0)

උතුරට සාර්ථක මත්ස්‍ය අස්වැන්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site