IMG-LOGO

2026 ඔක්තෝබර් මස 07 වන බදාදා


එක්ස්පැක් සමාගමේ සැම්බියා ව්‍යාප්තියට මහ බැංකු අනුමැතිය

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කොරුගේටඞ් ඇසුරුම් නිෂ්පාදන සමාගමක් වන එක්ස්පැක් කොරුගේටඩ් කාර්ටුන්ස් පීඑල්සී සමාගම අප්‍රිකානු මහාද්වීපයේ සැම්බියාව තුළ සිදු කිරීමට සැලසුම් කර ඇති ආයෝජනය සම්බන්ධයෙන් මහ බැංකුවේ මූලික අනුමැතිය හිමි වූ බව පවසයි. 
ඒ අනුව සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්ද පසුගිය අගෝස්තු 13 වැනිදා ඊට අදාළ අනුමැතිය ලබාදී තිබේ. කෙසේ වෙතත් අදාළ ආයෝජනය සම්බන්ධයෙන් නියාමන, ව්‍යවස්ථාපිත සහ රජයේ අධිකාරීන්ගේ අනුමැතිය අවශ්‍ය බවත් සමාගම පවසයි. 
සිය සමාගම සතු දිගුකාලීන මෙහෙයුම් පුළුල් කිරීමේ ක්‍රමෝපාය යටතේ අධ්‍යක්ෂ මණ්ඩලය සිදුකළ නව වෙළෙඳපොළේ පවතින අවස්ථා සොයා බැලීම අනුව මෙම ආයෝජනය සිදු කරන බව එක්ස්පැක් පවසයි. එසේම මෙම ආයෝජනයේ වටිනාකම පිළිබඳව ඉදිරියේදී අනාවරණය කරන බවත් සමාගම සඳහන් කරයි.



අදහස් (0)

එක්ස්පැක් සමාගමේ සැම්බියා ව්‍යාප්තියට මහ බැංකු අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site