ශී‍්‍ර ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ හුවේයි ටෙක්නොලජීස් ලංකා කම්පැනි පෞද්ගලික සමාගම විසින් සිදුකරන ලද ස්වාධීන සමීක්ෂණයකින් ශී‍්‍ර ලංකාවේ වේගවත්ම 3ජී අන්තර් ජාල සේවා සැපයුම්කරු එයාර්ටෙල් බව කියයි.
විදුලි සංදේශ නියාමන කොමිසම විසින් අන්තජාල බාගත වේගය මැනීම පමණක් තම අධ්‍යයනය සඳහා පාදක කරගත් එම සාමාගම ගොනු උඩුගත වේගය (අප්ලෝඩ් ස්පීඩ්) (සැරිසරන වේගයන්,) සහ විවිධ මිනුම් භාවිතා කර ඇත.
සමීක්ෂණය දිවයිනේ සියලූ ප්‍රදේශ ආවරණය වන ආකාරයට සිදු කරන ලද අතර එහිදී එයාර්ටෙල් එහි තරඟකාරී සමාගම් අතරින් මුල් තැනට පත්වී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන එයාර්ටෙල් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජිනේෂ් හෙග්දේ මහතා ‘අපි අපේ පාරිභෝගිකයන්ගේ අන්තර් ජාල අත්දැකීම වැඩිදියුණු කිරීමට පසුගිය වසරේ විශාල වැඩ කොටසක් සිදුකළා. මෙරට ජනතාවගේ ආදායම් මට්ටම හා ඔවුන් භාවිතාකරන ජංගම උපාංගයේ ස්වභාවය කවර තත්වයේ තිබුනත් එය නොසලකා සියලූ ශී‍්‍ර ලාංකිකයන්ට අන්තර්ජාලය පිවිසුම යා හැකි තාක්ෂණයක් හදුන්වාදීමට අපගේ අවධානය යොමු වී තියෙනවා.
ස්මාර්ට් පූර්වාපේක්ෂිත තාක්ෂණය 40% ක වර්ධන වේගයක් ලබා තිබීම හේතුවෙන් අපේ අන්තර්ජාල පහසුකම් ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැකියි. එයාර්ටෙල් අංක එකේ අන්තර්ජාල සේවා සැපයුම්කරු ලෙස පිළිගැනීම අපගේ කණ්ඩායම කැපවීමෙන් වී වැඩ කරන බවට ලැබුනු හොඳම සාක්ෂියයි. සැබවින්ම මෙමගින් ඔවුන්ගේ වෙහෙස මහන්සියට සාධාරණයක් ඉටු වී තියෙනවා. එයාර්ටෙල් පාරිභෝගිකයන්ගේ අන්තර්ජාල අත්දැකීම් වැඩි දියුණු කරමින් අපගේ ආයතනික මෙහෙවර වන ශී‍්‍ර ලාංකිකයන්ගේ ජීවිත සමෘද්ධිමත් කිරීමේ කියාවලිය ඉදිරියටත් සිදුකිරීම අපගේ බලාපොරොත්තුවයි.
හුවේයි සමාගමේ කළමණාකරන සේවා අධ්යක්ෂ අමිට් එන් ශී‍්‍රවාස්තව් මෙසේ කියයි ‘දැනට පවතින කළමනාකරණය සේවා ගිවිසුම යටතේ, අපි විසින් එයාර්ටෙල් ලංකා සමාගම සතු මෙරට ජංගම දුරකථන ජාලය පිළිබඳව 2016 වසර අග භාගයේදී මිණුම් සලකුණු පරීක්ෂණයක් සිදුකලා. මෙම සළකුණු පරික්ෂණය ශී‍්‍ර ලංකාව පුරා පිහිටි පෙර තීරණය කර තෝරාගත් ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකල අතර එහිදී එයාර්ටෙල් ජංගම දුරකතන ජාලය මෙරට තිබෙන අනෙකුත් ජංගම දුරකථන සමාගම් ජාලයන් සමඟින් සංසන්දනය කිරීම සිදුවුණා.’
විදුලි සංදේශ නියාමන කොමිසමේ පරීක්ෂණ කටයුතු මාසිකව එක් ස්ථානයක දී සිදු කරන අතර ඔවුන්ගේ වෙබ් අඩවිය වන www.trc.gov.lk මගින් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ලැබේ.
නොවැම්බර් මාසයේ ඔවුන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව එයාර්ටෙල් 3ජී ජාලය 14.75 එම්පීබීඑස් උපරිම වේගයක් සහ 6.17 එම්පීබීඑස් සාමාන්‍ය වේගයක් ලබා දී ඇත. එහිදී ආසන්නතම අභියෝගකරුවා වූ ඩයලොග් සමාගම ඔවුනගේ 3ජී ජාලය පවත්වාගෙන තිබුනේ 6.16 එම්පීබීඑස් සාමාන්‍ය වේගයකින් සහ 11,70 එම්පීබීඑස් උපරිම වේගයකිනි.
හුවේයි සමාගම විසින් සිදුකළ සමීක්ෂණයේ දී කොළඹ ඇතුලූ ගම්පහ, මහනුවර, කළුතර, රත්නපුර හා උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වැනි ශී‍්‍ර ලංකාවේ ප්‍රධාන නගර බොහෝමයක් ආවරණය වන පරිදි සමීක්ෂණය සිදුකළ අතර රට තුළ පිහිටි මාර්ග පද්ධතියෙන් කිලෝමීටර් 7000 කට වඩා වැඩි ප්‍රමාණයක් ද ආවරණය කරන ලදී.
දකුණු කටුනායක අධිවේගී මාර්ගය, කොළඹ 1 මාර්ගය- නුවර පාර, කොළඹ 2 මාර්ගය- කතරගම පාර, 9 මහනුවර - යාපනය මාර්ගය, නැගෙනහිර පළාත තුළ පිහිටි 4 මාර්ගයේ සමහර කොටස් සහ වෙනත් බොහෝ ප්‍රධාන මාර්ග මේ සඳහා ඇතුළත් විය.
භාරතී එයාටෙල් ලංකා සමාගම 2009 වර්ෂයේ ජනවාරි 12 වන දින ශී‍්‍ර ලංකාවේ සිය සේවා මෙහෙයුම් කටයුතු ආරම්භ කළ අතර, මේ කාළය ඇතුලත මෙරට මිලියනයක් පමණ වූ සිය පාරිභෝගිකයන්ට සේවාවන් සපයමින් වේගවත්ම සේවා සපයන්නා බවට පත් වී සිටියි. තවද දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙහෙයුම් කටයුතු සිදුකරමින එයාර්ටෙල් වසර තුනකට වඩා අඩු කාලයක් තුළ ශී‍්‍ර ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන සේවා ජාලය බවට ද පත් වී තිබේ. ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි එයාටෙල් ලංකා මෙරටට අවශ්‍ය හඬ, දත්ත හා ව්‍යවසාය විසඳුම් ඇතුළත් වන ඩිජිටල් ජංගම සේවා සපයන ලැබේ.
හුවේයි සමාගම විසින් සිදුකළ මිනුම් සළකුණු පරීක්ෂණය

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ සමීක්ෂණ සාරාංශය
ක්‍රියාකරු |
වේගය (එම් බී පී එස්) |
ස්ථානය |
|
සාමාන්‍ය |
උපරිම |
||
එයාර්ටෙල් 3ජී ජංගම දුරකථන ජාලය |
6.17 |
14.75 |
1 |
ඩයලොග් 3ජී ජංගම දුරකථන ජාලය |
6.16 |
11.70 |
2 |
එටිසලාට් 3ජී ජංගම දුරකථන ජාලය |
5.85 |
14.57 |
3 |
මොබිටෙල් 3ජි ජංගම දුරකථන ජාලය |
4.59 |
14.23 |
4 |
හච් 3ජි ජංගම දුරකථන ජාලය |
3.39 |
3.39 |
5 |
හුවේයි සමාගම විසින් සිදුකළ මිනුම් සළකුණු පරීක්ෂණය
එයාර්ටෙල් ඉන්ටර්නෙට් කප් ගහයි
කසුන් Monday, 12 December 2016 01:09 PM
හොඳයි ඉතින්. (ර)
චානක Monday, 12 December 2016 01:15 PM
මේ වගේම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සියළුම සමාගම් වල සේවා ගුණාත්මකභාවයත් හොයල බැලුවනම් හොඳයි. කියන වේගයම දෙනවද සන්නිවේදන කුළුණුවල විකිරණශීලීතාවයන් මහජන සෞඛ්‍යට හානිකර නොවන වගේ .(ර)
තුසිත Wednesday, 14 December 2016 07:20 AM
4ජි තියෙද්දී මොකටද 3ජී? (නි)
මොරවක Thursday, 15 December 2016 02:46 AM
ස්තූතියි ආරංචියට (නි)
සෙනරත් Sunday, 11 December 2016 02:01 PM
එයාර්ටෙල් යනු ඉන්දියානු සමාගමක් නේද. ඔවුන් ලංකාව තුළ වෙළඳාම රැකගැනීමට උපරිම තාක්ෂණය භාවිත කරති. (නි)
කිම් Wednesday, 14 December 2016 04:34 AM
හුවාවෙයි කියන්නේ දුරකථන ජාල සමාගම් වලට විද්‍යුත් සන්නිවේදන උපකරණ සපයන ආයතනයක්. ඒ නිසා මේක ස්වාධින කියන්න බෑ. (බ)