×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
එල් නිනෝ බලපෑම: මහ විපතක් අත ලගද?
කතෘ මණ්ඩලය 2026 සැප්තැම්බර් මස 14
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
බියකරු අනතුරු ඇඟවුම
අපට හුරු සාමූහික නිද්‍රාශීලී ගතියෙන් අප අවධි කරවා කන වැකි සැණින් අප සලිතව යා යුතු බියකරු අනතුරු ඇඟවුමක් බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා අංශයෙන් නිකුත් කර තිබේ.
ඔවුන්ගේ නවතම ගෝලීය දේශගුණ ප්රක්ෂේපණවලට අනුව අපගේ ග්‍රහ ලෝකය 2027 වර්ෂය කරා වර්ධනය වෙමින් පවතින දරුණු එල් නිනෝ පරාචක්රයක් වෙත අවතීර්ණය වන මාර්ගයකට එළැඹී තිබේ. ඒ අනුව එම වර්ෂය මේ සියවසේ වඩාත්ම උෂ්ණාධික වර්ෂය වන බවට ඇත්තුමේන්තු කර ඇත. විද්‍යාඥයෝ තැති ගැන්වෙන ආකාරයෙන් මෙම වායු ගෝලීය බාධකයෙන් 1877 සිදුවූ ව්‍යසනාත්මක ගෝලීය දේශගුණ සංක්‍රාන්තිය පිළිබිඹු විය හැකි බවට අනතුරු ඇඟවති. 1877 වනාහි මානව ඉතිහාසයේ අඳුරුතම වර්ෂයකි. අතිශය තීව්ර නියඟ හේතු කරගෙන එම වසරේ අස්වනු පාළු වී ගොස්, අසල්වැසි ඉන්දියාව ඇතුළුව මුළුමහත් ආසියාවව පුරා මිලියන ගණනක් ජනයා සාගතයට ගොදුරු වී මරු මුවට පත් වූවෝය.
1972 දී ශ්‍රී ලංකාව බවට පත්වූ එවකට ඉංග්‍රීසි බසින් සිලෝන් නමින් හැඳින්වූ ලක්දිව, එම ව්‍යසනයේ බලපෑමට සෘජුවම හසු නොවූවද, අතිශය හාමතේ සිටි දකුණු ඉන්දියානු ජනතාවට වැළඳුණු කොළරාව සහ වසූරිය නොතකා එවකට මෙරට සිටි යටත් විජිත වැවිලිකරුවෝ ඔවුන් සාදරයෙන් පිළිගත් නිසා ඔවුන් සමගම කොළරාවත් වසූරියත් මෙරටට කැඳවා ගත්හ.
බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා කාර්යාලයේ අනතුරු ඇඟවීමට පසුබිම් වූ විද්‍යාත්මක නිරීක්ෂණ සාගර උෂ්ණත්වයට සහ චන්ද්‍රිකා සෝදිසිවලින් හෙබි අති නවීන පරිගණක ආදර්ශනවලින් සමන්විත වූයේය. එම උපාංගවලින් අපගේ සාගර තුළ පෙර නොවූ විරූ අයුරින් ඒකරාශී වූ තාප ශක්තිය පෙන්නුම් කෙරේ. මෙම තාපය වායුගෝලයෙන් අවශෝෂණය කරගත්විට එය ගෝලීය කාලගුණ පද්ධති වටා, සමතෝලනය බිඳී ගොස් ඉවත වීසි වන මුදුනක් මෙන් බමන්නට ගනී. අපගේ ග්‍රහලෝකයේ දේශගුණයේ අන්තර් සම්බන්ධතා හේතුවෙන් එක් සාගරයක ඉහළ ගිය උෂ්ණත්වය, ඩොමිනෝ බලපෑම (එකිනෙක හා සම්බන්ධව බලපෑමට හසුවී) හේතුවෙන් මුළු මහත් ගෝලය පුරා හමායයි. මේ වන විට දරුණු ආර්ථික අවදානම් සහගත බවකින් යථා තත්වයට පත්වෙමින් පවත්නා දූපතක් වූ ශ්‍රී ලංකාව වැනි රටකට මෙම අනතුරු ඇඟවීම බොහෝ ඈතින් පවත්නා විද්‍යාත්මක න්‍යායක් නොවන්නේය. එය අපේ ආහාර සුරක්ෂිතතාවටත්, බලශක්ති ජාලයටත්, ජාතියේ මූල්‍යමය පැවැත්මටත් හානිකර බව පැහැදිලිය.
නාන ඔරුව සහ පංකාව: එල් නිනෝ සහ ලා නිනා තේරුම් ගැනීම
මෙම ගෝලීය තර්ජනය වටහා ගැනීමට අප, එල් නිනෝ යනු කුමක්දැයි අවබෝධ කරගත යුතුවේ. පැසිපික් සාගරය නියෝජනය කරන විශාල නාන ඔරුවක් (බාත් ටබ් එකක්) ගැන සිතන්න. සාමාන්‍යයෙන් බලගතු විදුලි පංකාවකින් වායු ගෝලීය වෙළෙඳ සුළං නියෝජනය වේ යයි සිතමු. වෙළෙඳ සුළඟ ඒ නමින් හැඳින්වූයේ නැගෙනහිර සිට බටහිරට සාගර හරහා හමා ගිය එම සුළං ධාරා පුරාණයේ සේලරුවන් සාගර හරහා යාත්‍රා කරන්නට උපයෝගී කරගත් නිසාය. එම පංකාවෙන් දිය මතුපිට උණුසුම් ජලය දකුණු ඇමරිකාවේ බටහිර පැත්තෙන් තල්ලු කර දකුණු ආසියාව සහ ඕස්ට්‍රේලියාව පැත්තේ ඒකරාශී වන්නේය. උණුසුම් ජලය බටහිර පැත්තට ගමන් ගනිද්දී පේරු රට සමීපයේ සාගර පත්ලේ ඇති සිසිල් බවෙන් පොහොසත් ජලය එම අඩුව පිරවීමට මතුපිටට පැමිණේ.
සියවස් ගණනකට පෙර අවුරුදු කිහිපයකට වාරයක් නත්තල් සමයේ පුදුමාකාර ලෙස මෙම සිසිල් ජලය අතුරුදන්ව යන බවත්, ඒ වෙනුවට අසාමාන්‍ය ලෙස උණුසුම් ජල ධාරා පැමිණ ඔවුන්ගේ මාළු අයින් මරා දමන බවත් පෙරුවියානු ධීවරයෝ දැනගත්තෝය. මෙය ක්‍රිස්තු උපත සමග සිදුවන බැවින් ඔවුහු උණුසුම් ජල තරංග එල් නිනෝ යනුවෙන් නම් කළහ. එම ස්පාඤ්ඤ වදනේ අරුත “පිරිමි දරුවා” යන්නයි.
ඇතැම් විට එම ක්‍රියාවලියේ විරුද්ධ පැත්ත සිදුවේ. වායු ගෝලීය පංකාවෙන් සුපුරුදු වේගයට වඩා තදින් සුළං හමන්නට ගනී. එවිට උණුසුම් ජලය වඩාත් වැඩියෙන් බටහිර සාගරවල එකතුවී පේරූ රට සමීපයේ ජලය අධික ශීතල වන්නට ගනියි. මෙම ශීත අවධිය හඳුන්වන්නට නමක් අවශ්‍ය වූයේ පේරු වැසියන්ට නොව විද්‍යාඥයන්ටය. ඔවුහු එය ලා නිනා යනුවෙන් හැඳින්වූහ. “ගැහැනු දැරිවිය” යන අරුත ඇති එය එල් නිනෝ යන්නේ විරුද්ධාර්ථය වූයේය.
මේ වන විට පංකාව ක්‍රියා විරහිත වෙමින් පවතී. වෙළෙඳ සුළං ඇණ හිටින තත්වයට පත්වෙමින්, එල් නිනෝ අවුරුද්ද තුළදී බටහිර ඇති එම දැවැන්ත උණුසුම් ජල රාශිය දකුණු ඇමරිකාව දෙසට ආපසු වැගිරේ. එයින් සමස්ත ග්රහලෝකයේම වැහි වළාකුළු එහා මෙහා වී, කාන්තාර ප්‍රදේශවලට ගං වතුර ගෙන එමින් දකුණු හා අග්නිදිග ආසියා ප්‍රදේශවලට ඉහළින් නියං පොරෝණයක් එළාලයි.
ළඟ ළඟම එන ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාසය
සැතපුම් දහස් ගණනක් දුර එහා මෙහා යන සාගර තරංග ශ්‍රී ලංකාවට හානිකර වන්නේ කෙසේද? එය සිදුවන්නේ වෝකර් සංසරණය (Walker Circulation) යනුවෙන් හඳුන්වන දැවැන්ත වායුගෝලීය ක්‍රියා මාර්ගයක් හරහාය. ඊට ඒ නම ලැබුණේ 1904 දී ඉන්දියානු නිරීක්ෂණාගාරයේ ප්‍රධානියා බවට පත් වූ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ගණිතඥයකු වූ ගිල්බර්ට් වෝකර් ගේ නමිනි.
පැසිෆික් සාගරයේ තාප යාන්ත්‍රණය නැගෙනහිරට ගමන් කළ විට එයින් ඉන්දියානු සාගරය පුරා වායු පීඩනය මුළුමනින් වෙනස් කර, එහි පුරෝකථනය කිරීමේ හැකියාව අස්ථාවර කර දමා මෝසම් රටාව ද්විභේද ආකාරයට සකසයි. එය ඉන්දියානු සාගරයේ ද්විධ්රැව යනුවෙන් හැඳින්වේ. ඉන්දුනීසියාව සමීපයේ නැතහොත් නැගෙනහිර පැත්තේ මුහුද මතුපිට උෂ්ණත්වය සහ නැගෙනහිර අප්‍රිකාව සමීපයේ හෙවත් බටහිර පැත්තේ මුහුද මතුපිට උණත්වය අතර වෙනස හට ගැනෙන්නේ එම ධ්රැව දෙක හේතුවෙනි.
ශ්‍රී ලංකාව ස්ථානගත වී තිබෙන්නේ ඒ මැද වුවද, නියං සහ වර්ෂා තත්වය වෙනස් කරමින්, මෝසම් රටාවේ වෙනස්වීමක් අත්දකින්නට ලැබෙතැයි එයින් අපේක්ෂා කෙරේ. මෙය ශ්‍රී ලංකාවේ වාණිජ වැවිලි සහ ආහාර භෝග යන අංශ දෙකේම කෘෂිකර්මාන්තයට සුබාරංචියක් වන්නේ නැත.
වාර්තා බිඳලන උණුසුමෙන් හෙබි විභවතාව ඇති වසරක් එළැඹෙතැයි ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් සිටින නිසා, කෘෂිකර්මයට බාධාකාරී දෙපිට කැපෙන කඩුවක් යැයි කාලගුණ විද්‍යාඥයන් හඳුන්වනු ලබන, විවිධ කලාපවලට, විවිධ කාලවල බලපාන පීඩාකාරී තත්වයකට ශ්‍රී ලංකාව මුහුණ දෙයි. බටහිර සහ මධ්‍යම ප්‍රදේශවලට පැසිෆික් සාගරයේ එල් නිනෝව, නිරිත දිග මෝසම අක්‍රිය කරවා, වර්තමාන යල් කන්නයේ බෝග වගාවට තර්ජන එල්ල කරනුයේ දරුණු නියඟය මගිනි. වර්තමානයේ සිදුවන්නේ මෙයයි. උතුරු සහ නැගෙනහිර කලාපවල මීළඟට එළැඹෙන මාස් කන්නයේ හදිසි ගංවතුර තර්ජන එල්ල වෙනු ඇත.
ශ්‍රී ලංකාව ප්‍රමාණවත් අයුරින් සෝදිසියෙන් සිටිය යුත්තේ මෙසේ වීමේ හැකියාව නිසාය.
බලශක්ති ජාල අර්බුදය: ජලාශ සිඳී වියළී ජල විදුලිය ඇණ හිටීම
කෘෂි කාර්මික පසුබෑම කාසියේ එක් පැත්තක් පමණකි. ළඟ එන එල් නිනෝව ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල ජාලය අඩපණකර දමන බවට තර්ජන එල්ල කරයි. ශ්‍රී ලංකාව බොහෝ සෙයින් විශ්වාසය තබා ඇත්තේ දළ වශයෙන් දේශීය විදුලි බල ශක්තියෙන් තුනෙන් එකක් පමණ උත්පාදනය කරන්නා වූ, ලක්ෂපාන මහවැලි සහ සමනල වැනි ජලාශ ජාල රටාවකින් සමන්විත ජල විදුලි සංකීර්ණ කෙරෙහිය. ජල විදුලි බලය ඉහළින්ම පිරිවැය පිරිමසන්නාවූ, පිරිසුදු බලශක්ති මූලාශ්‍රයක් වුවද, එය මුළුමනින්ම රැඳී ඇත්තේ, නිසි කලට නිරන්තරයෙන් පතිත වන්නා වූ මෝසම් වැසි මතය. වියළි කාලගුණය පවතින කාලයකින් විදුලි බල උත්පාදනය අඩපණ වී ලංකා විදුලි බලමණ්ඩලයට තාප බලශක්තියට යොමුවන්නට බල කෙරෙනු ඇත. ඒ සඳහා වැය වෙන අධික වියදම් උදෙසා රටට එහි විදේශ විනිමය සම්පත් වැය කරන්නට සිදුවනු ඇත.
ජලාශවල ජල මට්ටම දරුණු ලෙස සිඳී ගිය විට ශ්‍රී ලංකාවට අසීරු තේරීමක් තෝරා ගැනීමක් සිදුවනු ඇත. බල ශක්ති උත්පාදනය හෝ ආහාර නිෂ්පාදනය යන දෙකෙන් එකක් තෝරා ගන්නට සිදුවන්නේය. ඒ දෙකම වැදගත් ප්‍රතිපත්තිමය අරමුණු වන අතර අතීතයේදී රටට ජලාශවල ජලය භාවිත කරන්නට නොහැකි වූ විට කර්මාන්ත ශාලා ධාවන තත්වයේ පවත්වා ගැනීමට තාප බලශක්තිය ජනනය කරන්නට ඊට සිදු වන්නේය. එයින් ද්විත්ව ප්‍රහාරයක් එල්ල වනු ඇත. එවිට ආහාර ආනයනය සඳහා විදේශ විනිමය වැඩිපුර වැය කරන්නට සිදුවන්නේය. තවදුරටත් තාප බලශක්තිය වඩාත් මිල අධික වියදම්කාරී වන අතර, ලංවිම පිරිවැයට ගැළපෙන ලෙස ගාස්තු හැඩගස්වන විට ආර්ථිකයට ඉහළ පිරිවැය සහිත නිෂ්පාදනයේ අමතර බර දරන්නට සිදුවනු ඇත.
විදේශ විනිමය උගුල: ණය ආපසු ගෙවීමට තර්ජනය
නියඟයෙන් බේරීම සඳහා තදින්ම පොසිල ඉන්ධන තාප බලාගාර කෙරේ විශ්වාසය තැබීම නිසා සෘජුවම සාර්ව ආර්ථික හදිසි තත්වයක් හට ගනු ලබන්නේය. ශ්‍රී ලංකාව ගල් අඟුරු හෝ පෙට්‍රෝලියම් නිපදවන්නේ නැත. හදිසි විදුලි බලය උත්පාදනය කිරීමට වැය වෙන සෑම මෙට්‍රික් ටොන් එකක්ම අගනා ඇමරිකානු ඩොලර් භාවිත කරමින් විදේශ වෙළෙඳ පොළෙන් මිලදී ගත යුතු වන්නේය.
දීර්ඝ කාලීන එල් නිනෝ තර්ජනයෙන්, මෙම ඉන්ධන ආනයන උදෙසා මුදල් යොදවනු වස් අයවැයෙන් බලාපොරොත්තු නොවූ දැවැන්ත විදේශ විනිමය ප්‍රවාහයක් රටින් පිටතට ගලා යෑම කරේ බලපෑම් කෙරෙනු ඇත.
ඒ අතර වාරයේම දේශගුණ විපර්යාසයෙන් රටේ කෘෂිකර්මාන්තය අඩපණ කෙරෙන බැවින්, ඇති විය හැකි යන මන්ද පෝෂණය වළක්වා ගැනීමට සහල්, පිටිකිරි සහ පරිප්පු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා තව තවත් වැඩියෙන් විදේශ වී නිමය වැය කිරීමට රටට බල කෙරෙනු ඇත. එයින් අපගේ ගෙවුම් ශේෂයේ දරුණු තත්වයක් උදාවී, අපගේ ආනයන වියදම් දැඩි ලෙස ඉහළ ගොස්, කාලගුණයෙන් ඇති කෙරෙන පීඩනය හේතුවෙන් (තේ සහ රබර් වැනි) කෘෂිකාර්මික අපනයන ආදායම් බිඳ වැටෙනු ඇත.
මෙකී විදේශ විනිමය පිටතට ගලා යාම සිදුවන්නේ අපගේ ආර්ථික ඉතිහාසය තුළ වඩාත් අසීරුම අවස්ථාවේදීය.
අපගේ ඓතිහාසික ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කරුණු වලින් අනතුරුව, ආර්ථිකයේ ආරක්ෂාව පතා ද්වීපාර්ශවික සහ වාණිජ ණය නැවත ගෙවීම සඳහා ශ්‍රී ලංකාව සහන කාලයක් ලබා ගැනීමට සාකච්ඡා කර තිබේ. කෙසේ වුව මෙම ආරක්ෂා ජාලය තාවකාලික එකකි.
ණය වාරික සහ ප්‍රතිව්‍යුහගත කරන ලද පොලී ගෙවීම් නියම කරගත් පරිදි අඛණ්ඩව උනන්දුවෙන් කළ යුතු බැවින්, ශ්‍රී ලංකාවට දැඩි ජාත්‍යන්තර ණය බැඳීම්වලට මුහුණ දෙන්නට සිදුවේ.
මෙයින් වර්තමාන විදේශ විනිමය අර්බුදය ද තවත් උත්සන්න වනු ඇත. තවත් ව්‍යසනකාරී ආර්ථික බංකොල්ලොත් භාවයක් වළක්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව අවම වශයෙන් ඩොලර් බිලියන 15 ක වත් විදේශ විනිමය සංචිතයක් ගොඩනගා පවත්වා ගත යුතුවේ. මේ වන විට විදේශ විනිමය සංචිතය පවතින්නේ ඩොලර් බිලියන 7කටත් අඩු අවදානම් සහගත තත්වයේය.
අසීරුවෙන් උපයා ගත් සීමිත ඩොලර් සංචිතය රට හදිසියේ ඩීසල් ආනයනයට සහ ආහාර නැව් ගත කිරීමට නාස්ති කර දැමුවහොත් එයින් දැනට පවතින බිඳෙන සුළු විදේශ විනිමය බෆරය (අවරෝධකය) මුළුමනින්ම හිස් වී යනු ඇත.
එල් නිනෝ දේශගුණ අර්බුදයෙන්, ද්විතීක ආර්ථික අර්බුදයක් ද ජනිත විය හැක්කේ ශ්‍රී ලංකාවේ පශ්චාත් මූල්‍යමය යථා තත්වයට පත්වීමේ වැඩපිළිවෙළ මුළුමනින් මුල් ඇද ගැනීමටත් පෙර එයින් කඩා බිඳ දැමිය හැකි වන නිසාය.
ගෝලීය ආහාර සැපයුම සීමා වීම
අතීත දේශීය කෘෂිකාර්මික අර්බුදවලදී, ආහාර හිඟය මකා ගැනීමට ශ්‍රී ලංකාව කළේ හුදෙක් කලාපීය අසල්වැසි රටවලින් ආනයනය කළ ලාබ ධාන්‍ය කෙරෙහි විශ්වාසය තැබීමය. මෙවර එම ක්‍රමෝපාය අනුගමනය කළ නොහැකි වනු ඇත.
මන්ද යත් එල් නිනෝ යනු ගෝලීය සංසිද්ධියක් වන බැවින්, ඉන්දියාව වියට්නාමය තායිලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි ආහාර අපනයනය කරන ප්‍රධාන රටවලටද මේ සමගම ඔවුන්ටද බලපෑ දරුණු නියඟය හා අසීරු තාප තරංග සමග අස්වනු බිඳවැටීමට එරෙහිව සටන් වදින්නට සිදුවන නිසාය. ගෝලීය කෘෂිකාර්මික සැපයුම පහත වැටුණු විට අන්තර්ජාතික වෙළෙඳපොළ මිල ගණන් ඉහළ යනු ඇත.
තවදුරටත් ආහාර නිර්යාත කරන රටවල් පළමුව තමන් ගැන බලා කියාගන්නට පෙළඹෙනු ඇත. තමන්ගේ රටවල රටවැසියන්ට ආහාර සැපයීමට ප්‍රමුඛතාව දෙනු පිණිස ඔවුහු ජාත්‍යන්තර ආහාර නිර්යාත කිරීම් තහනම් කරනු ඇත. හදිසියකදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර මූලාශ්‍රය වූ ඉන්දියාවේ සුපුරුදු ප්‍රායෝගික පිළිවෙත මෙයයි.
කඩිනම් සැලැසුමකින් තොරව ශ්‍රී ලංකාව නිෂ්ක්‍රීය ලෙස බලා සිටියහොත්, එය ගෝලීය ආහාර හිඟයට අසරණව බිලිවන්නකු බවට පත්වනු ඇත. වෙළෙඳපොළෙහි නොමැති ආහාර ආනයනය කිරීමට මෙරටට නොහැකි වන අතර අගයෙන් පිම්බුණු විදේශ විනිමය වැයකර ආහාර සඳහා අධික මිල ගෙවීමටද රටට නොහැකිය.
මිනිසා විසින් මෙහෙයවන උපාය මාර්ග: අප දැන් කුමක් කළ යුතුද?
එල් නිනෝ යනු වැළැක්විය නොහැකි ස්වභාවධර්මයේ බල වේගයකි. එහෙත් එයට ගොදුරු වීමේ අපගේ අවදානම මුළුමනින් මිනිසා විසින් සාදන ලද්දකි. අපට සුළං ධාරා වෙනස් කළ නොහැකි බැවින් අප කඩිනමින් අපගේ උපායමාර්ග වෙනස් කළ යුතුය. විසඳුම රැඳී ඇත්තේ පූර්ව ක්‍රියාකාරී මානව සැලසුම්කරණය, ප්‍රතිපත්ති ප්රගමනයට ලක් කිරීම සහ අපගේ සම්පත් කළමනාකරණය පිළිබඳව මුළුමනින්ම නැවත සිතා බැලීම තුළය.
මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ
ළඟ එන කාලගුණ පරිවර්තනය ගැන රජය, කඩිනමින් ගොවීන් සහ නාගරික පාරිභෝගිකයන් දැනුවත් කළ යුතුවේ. එවිට ඔවුන්ට ඔවුන්ගේ ගෘහාශ්‍රීත ජලය, සහ මූල්‍ය සේවා විචක්ෂණශීලී ලෙස නියං කාලය පැමිණීමට පෙර කළමනාකරණය කර ගැනීමට හැකි වන්නේය.
නියඟයට සැබෑ ලෙස ඔරොත්තු දෙන බෝගවලට මාරුවීම
අධික ජලය අවශ්‍ය බෝගවලින් අප ඉවත හැරී, ජලය වැඩිපුර අවශ්‍යවන කුරක්කන් සහ සෝගම් (ඉදල් ඉරිඟු) වැනි බෝග කරා අප මාරු විය යුතුය. අවම ජල ප්‍රමාණයක් අවශ්‍ය වන මෙම පුරාතන ධාන්‍යවලට වියළි කාලගුණයේදී මල්ඵල දැරීමටත්, වියළී පැලී ඉරිතලා ගිය කුඹුරු ඉඩම්වල පෝෂණයෙන් අඩු පසෙහි වර්ධනය වීමටත් හැකිය. ඊට අමතරව මුං ඇට, කව්පි සහ තල නියං කාලයේදී වියළි කලාපයේ පෘථුලව වගා කළ යුතුය.
ඉහළ අස්වනු දෙන අල වර්ග වගා කිරීම
ගොවීන් කඩිනමින් මඤ්ඤොක්කා සහ බතල වගා කළ යුතුවේ. ජලයට ඔරොත්තු නොදෙන බෝගයක් වූ මඤ්ඤොක්කා ජලය රැඳුණු ක්ෂේත්රවල මුල් කුණු වී මැරී යන වග අවධානයට ගැනීම වැදගත්ය. එය අතිශයින්ම නියඟයට ඔරොත්තු දෙන බෝගයකි.
වරක් තහවුරු වූ විට වර්ෂාපතනය නොමැති මාස ගණන් කල් පවතින මඤ්ඤොක්කා ස්වාභාවික ආහාර බැංකුවක් මෙන් පොළව යට කාබෝ හයිඩ්රේඩ් වලින් පොහොසත්ව රැඳී පවතී. ජලය රඳා නොපවත්නා බෑවුම්වල සහ ගොඩබිම්වල ඒවා වගා කළ යුතුවේ.
කෙටිකාලීන වී වර්ගවලට අනුගතවීම
වී වගාව කළ යුතු කලාපවල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්තිය අංශය කෙටි කාලයේදී පූදින, අස්වනු නෙළීමට පෙර අඩු ජල සම්පාදන අවශ්‍යතා ඇති වී වර්ග බෙදාහැරිය යුතු වන්නේය. (මාස 2.5 සහ මාස 3 වී වර්ග).
අපගේ ආහාර වේල මුළුමනින් වෙනස් කිරීම
ජාතියක් ලෙස දැඩි ලෙස බතටම හුරු වූ ආහාර පුරුදු අප බිඳ දැමිය යුතුය. කුරක්කන්, සෝගම් වැනි විකල්ප ධාන්‍ය යකට හෝ තැම්බූ මඤ්ඤොක්කා සමග දිනකට අවම වශයෙන් එක් බත් වේලකට හුරුවීමෙන් වාරි ජලයට ඇති ජාතික ඉල්ලුම බොහෝ සෙයින් අඩුවන්නේය.
කඩිනම් ජාතික කාර්ය සාධන බලකායක් කැඳවීම
අපට සුපුරුදු මන්දෝත්සාහී නිලධාරීවාදී ප්‍රතිචාරවලින් යුතුව ළඟ එන අර්බුදයට මුහුණ දිය නොහැකිය. අප ක්‍රියාකාරී වීමට පෙර ජලාශවල ජලය සිඳී, බෝග වියළි යන්නට ඉඩ හැරියහොත් සිදුවන ආර්ථික හානිය වළක්වාලිය නොහැක්කකි.
රජය කඩිනමින් ඉහළ මට්ටමේ විවිධ අංශවලින් සමන්විත ජාතික එල් නිනෝ ප්‍රතිචාර කාර්ය සාධන බලකායක් පිහිටුවිය යුතුවේ. මෙකී සංවිධානයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය, විදුලි බල මණ්ඩලය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මුදල් අමාත්‍යාංශයේ පොදු ව්‍යුහයක් යටතේ ඒක රාශි කළ යුතුය. මෙම කාල පරිච්ඡේදය සාර්ථක ලෙස පසු කරගෙන යෑම තහවුරු කරගනු වස් එකී කාර්ය සාධන බලකායට, ඉහළින්ම විශේෂඥ දැනුමෙන් සමන්විත වූ, සාම්ප්‍රදායික නොවන ක්‍රමෝපාය ක්‍රියාත්මක කිරීමට නීතිමය බලය පැවරිය යුතුය.
ජාතික ජල සංරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම
ජල සංරක්ෂණය තවදුරටත් තනිකර සද්චර්යාව සම්බන්ධ කාරණයකට ලඝු කළ නොහැකිය. ආර්ථික දිරි දීමනාවලින් එය මෙහෙය විය යුතුවේ. වාණිජ කාර්මික සහ කෘෂිකාර්මික අංශ ඉලක්ක කරගත් ජාතික ජල සංරක්ෂණ වැඩ පිළිවෙළක් කාර්ය සාධන බලකායෙන් ඉලක්ක කර ගත යුතුවේ. මෙම සැලසුම් රාමුව යටතේ විශාල කර්මාන්තශාලා, සිසිල් බීම කර්මාන්තශාලා, වාණිජ ගොවිපොළ සහ නාගරික නිවාස සංකීර්ණ ආදිය දැඩි ජල භාවිත කෝටා ක්‍රමයකට අනුයුක්ත කර ගත හැකිය.
තමන්ට වෙන්කළ ජල ප්‍රමාණයට වඩා අඩුවෙන් භාවිත කළ ආයතනවලට මාරු කළ හැකි Water Credits පිරිනැමිය යුතු වන අතර, ඒවා බදු අඩු කර ගැනීම සඳහා රජය සමඟ හුවමාරු කර ගැනීමේ හැකියාව තිබිය යුතුය. එහි විරුද්ධාර්ථය වූ ජලය පමණ ඉක්මවා පරිහරණය කළ අයට දඩ ගැසීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතුය.
ඉහළ තාක්ෂණය උපයෝගී කර ගැනීම සහ වළාකුළු මත වැහි බීජ
ඉසීමේ හවුල්කාරීත්වය
දේශීය වශයෙන් ආරක්ෂාව සලසා ගැනීම සඳහා අපේ ගෝලීය විද්‍යාත්මක විශේෂඥ දැනුම ක්‍රියාකාරී ලෙස යොදාගත යුතුවේ. කාර්ය සාධන බලකාය කඩිනමින් ජාත්‍යන්තර ය කාලගුණ විද්‍යා කාර්ය මණ්ඩල සහ ජපානය සහ ඔස්ට්‍රේලියා වැනි රටවල උසස් කාලගුණ විද්‍යාත්මක ජාල රටා සමග කඩිනම් ද්වී පාර්ශවික ගිවිසුම්වලට එළැඹිය යුතු වන්නේය. එම හවුල්කාරිත්ව හරහා ශ්‍රී ලංකාවට තත්කාලීන චන්ද්‍රිකා තොරතුරු සහ පුරෝකථනය කිරීමේ Ai ආදර්ශන දේශීය පාංශු තෙතමන ක්ෂය වන මට්ටම විපරම් කිරීම සඳහා ලබාගත හැකි වේ. රජය තවදුරටත් වළාකුළු මත වැහි බීජ ඉසීමේ මෙහෙයුම් ඉලක්ක කරගත් සැලසුම් රටාවලට සූදානම් වීම ඵලදායි වේ. ජාත්‍යන්තර අත්දැකීම් සහිත ගුවන් නියමුවන් සහ පාරිසරික විද්‍යාඥයන් සමග සහයෝගීතාව පවත්වා ගැනීමෙන්, වික්ටෝරියා කාසල්රී හා මවුස්සාකැලේ වැනි තීරණාත්මක ජල පෝෂක ප්‍රදේශවලට ඉහළින් වළා බීජ ඉසීමේ ගුවන් යානා යොදා ගැනීමට හැකිය.
වළා බීජ ඉසීමෙන් එල් නිනෝව නවතා දැමිය නොහැකි වන අතර අපගේ ප්රමුඛ ජල විදුලි වේලිවලින් අපගේ බලශක්ති ජාලය ස්ථාවර කොට ඉහළ වියදම් යන තාප ඉන්ධන ආනයනය වළක්වා ගත හැකි වන්නේය.
ප්‍රජා මට්ටමේ ධාන්‍ය හා අල වර්ග ගබඩාකරණය තහවුරු කර ගැනීම
ක්ෂණික සාගතයෙන් සහ කලාපීය සැපයුම් දාම බිඳ වැටීමෙන් අපගේ ග්‍රාමීය ජනතාව ආරක්ෂා කර ගැනීමට, කාර්ය සාධක බලකාය ආහාර සුරක්ෂිතතාව විමධ්‍යගත කළ යුතුය. සියලුම අවිරෝධක තොග නාගරික ප්‍රදේශවල කේන්ද්‍රගත කරගෙන තබාගන්නවාට වඩා රජය අපගේ ග්‍රාම නිලධාරී ජාල රටාව උපයෝගී කරගෙන ප්‍රජාව විසින් කළමනාකරණය කරනු ලබන ධාන්‍ය හා අල වර්ග ගබඩා වෙත ඒවා බෙදා හැරීම වඩා හොඳ වේ.
ගොවීන් අසීරුවෙන් නෙළාගත් කුරක්කන්, සෝගම් සහ මුං අස්වනු සහතික කළ මිලකට මිලදී ගෙන ඒවා සෘජුවම ග්‍රාමීය ගබඩා මධ්‍යස්ථානවල ගබඩා කිරීම රජයට කළ හැකි වේ. ප්‍රජාව ක්‍රමිකව මඤ්ඤොක්කා අස්වනු පෙති ගැසීමට වියළීමට හා දීර්ඝ කාලීන පිටි තොග ලෙස රැස් කර ගැනීමට පුහුණු වනු ඇත. මධ්‍යගත බෙදාහැරීමේ ජාල රටා ඉන්ධන හිඟකම හෝ අධි උද්ධමනය නිසා බිඳී ගියහොත් මෙකී විමධ්‍යගත කරන ලද ග්‍රාමීය ගබඩාවලින් ඒවා බෙදා හැර නියං සමය උච්චතම අවස්ථාවට පත්වන විට ප්‍රමාණවත් වියළි ආහාර, පැවැත්ම සඳහා රඳවා ගත හැකිය.
ක්‍රියාත්මක වීම සඳහා අවසන් කැඳවීම
ගෝලීය විද්‍යාත්මක ප්‍රජාව හරහා ස්වභාවධර්මයා විසින් පැහැදිලි පණිවිඩයක් අපට දී තිබේ. අභියෝගාත්මක දේශගුණ චක්‍රය උදෙසා, ආරෝහණ ගණන් කිරීම ඇරඹී තිබේ. විසඳුම මුළුමනින් රැඳී තිබෙන්නේ ආරක්ෂාකාරී මානව සැලසුම්කරණය, ශක්තිමත් ප්‍රතිපත්ති සචලකරණය සහ රජයේ ක්‍රියාකාරීත්වය මතය. අප අපගේ ක්ෂේත්‍ර, අපගේ ජලාශ සහ අපගේ ජාතික මූල්‍ය ආරක්ෂාව සූදානම් කර ගැනීම අද දවසේ ඇරඹිය යුතුය. නැතහොත් හෙට දවසේ ප්‍රතිඵලවලට මුහුණ දෙන්නට සූදානම් විය යුතුය.
අදහස් (0)
එල් නිනෝ බලපෑම: මහ විපතක් අත ලගද?
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
එල් නිනෝ බලපෑම: මහ විපතක් අත ලගද?