IMG-LOGO

2025 ජනවාරි මස 10 වන සිකුරාදා


ඒකාබද්ධ වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් DIMO ඇගයීමට ලක්වේ

2022 CMA ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ‘සමස්ත රන් සම්මානය’ දිනා ගැනීමට සමත් වූ DIMO සමාගම එම සම්මාන උලෙළේදීම ‘විශිෂ්ට ඒකාබද්ධ වාර්තා පහ’ සඳහා, ‘ඒකාබද්ධ චින්තනය’ සඳහා මෙන්ම 2021/2022 වාර්ෂික වාර්තාව සඳහා ‘හොඳම සංක්ෂිප්ත ඒකාබද්ධ වාර්තාවට’ ද හිමි විශේෂ සම්මානද දිනා ගැනීමට සමත් විය.

‘ශ්‍රී ලංකාව අවස්ථාවලින් පිරී ඇත‘ යන තේමාව මුල් කර ගනිමින් සැකසුණු, DIMO හි 2021/2022 වාර්ෂික වාර්තාව එම සමාගම් සමූහයේ අනාගත සාර්ථකත්වය සඳහා ඇති අවස්ථා ග්‍රහණය කර ගනිමින් නිර්මාණය වී ඇත.

සමාගමේ ඒකාබද්ධ වාර්තාකරණයේ සාර්ථකත්වය පිළිබඳව සිය අදහස් දැක්වූ DIMO අධ්‍යක්ෂ/ ප්‍රධාන මුල්‍ය නිලධාරී සුරේෂ් ගුණරත්න මහතා මෙසේ පැවැසීය.

“මූල්‍ය වාර්තාකරණයට නවෝත්පාදන ගෙන එන අතරම, ඒකාබද්ධ වාර්තාකරණ මූලධර්මවලට අනුකූලව කටයුතු කිරීමට DIMO කැපවීම, අපට වාර්ෂික වාර්තා වෙනුවෙන් ලබා ගැනීමට හැකි වූ සම්මානවලින් පිළිබිඹු වෙනවා. එම නිසාම වගකිව යුතු ආයතනයක් විදියට අපගේ සියලු‍ම පාර්ශ්වකරුවන්ගේ සිහින හා අභිලාෂ බලගැන්වීමට අපට හැකි වෙලා තිබෙනවා.”‍

595



අදහස් (0)

ඒකාබද්ධ වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් DIMO ඇගයීමට ලක්වේ

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site