IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 172 ක ආයෝජන ඉවතට

(හර්ෂණ තුෂාර සිල්වා)


වසර 2018 මුල් මාස දහය අවසන් වනවිට රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් පිටතට ගිය සමුච්චිත ආයෝජනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 640ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 


රජය වෙත ලැබුණු එක්සත් ජනපද ඩොලර් බිලියනක විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම ඔක්තෝබර් මාසයේදී මූල්‍ය ගිණුමට වෙත ලැබුණු ප්‍රධාන ලැබීම යැයි ද මහ බැංකුව පෙන්වාදෙයි.


කෙසේ නමුත් කොළඹ කොටස් වෙළෙඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙතින් විදේශීය ආයෝජන සැලකිය යුතු ලෙස ඉවත් කරගැනීම නිසා ඔක්තෝබර් මාසයේදී මූල්‍ය ගිණුමෙන් විදේශීය ආයෝජන ඉවත් කරගැනීමේ ප්‍රවණතාව තවදුරටත් දක්නට ලැබුණු බව ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. 


මේ අනුව රාජ්‍ය සුරැකුමප්ත් වෙළෙඳපොළෙන් ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 172 ආයෝජන ශුද්ධ වශයෙන් පිටතට ගලා ගොස් තිබේ.


ද්විතීයික හා ප්‍රාථමික වෙළෙඳපොළ විදේශ විනිමය ගනුදෙනු අන්තර්ගත කොළඹ කොටස් වෙළෙඳපොළේ විදේශීය ආයෝජන ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 36ක ශුද්ධ ගෙවීමක් වාර්තා කර ඇත. 


මුල් මාස දහයේදී ප්‍රාථමික වෙළෙඳපොළට ඩොලර් මිලියන 77ක් ලැබුණු අතර ද්විතියීක වෙළෙඳපොළ ඩොලර් මිලියන 76ක ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.

 
මේ අනුව මේ වසරේ මුල් මාස දහයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත සමුච්චිත ශුද්ධ ලැබීම් ප්‍රමාණය ඩොලර් මිලියනයක් විය.  



අදහස් (0)

ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 172 ක ආයෝජන ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site