මෙම සතියේ ආරම්භ ගනුදෙනු දිනය වූ ඊයේ (10) කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් පෙන්නුම් කළේය.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,566.27 ක් දක්වා ඒකක 168.41ක පහළ යාමක් වාර්තා කළ අතරS&P SL20 දර්ශකය ඒකක 4,959.45 ක් දක්වා ඒකක 32.69 ක පහළ බැසීමක් වාර්තා කළේය.
පෙර ගනුදෙනු දිනයට සාපේක්ෂව සමාගම් 148ක කොටස් මිල ගණන් ඊයේ පහළ ගොස් තිබුණු අතර මිල ඉහළ ගොස් ඇත්තේ සමාගම් 52ක පමණි.
ඊයේ රු. බිලියන 2.07 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණි.
කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පහළ යයි