IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


කුඩා -මධ්‍ය ව්‍යවසායකයන්ට තවදුරටත් සහන ගැනීමට 31 ට පෙර අභියාචනා කරන්න

යොහාන් භාසුර

බලපෑමට ලක්වූ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළ යටතේ තව දුරටත් සහන ගැනීමට අපේක්‍ෂා කරන්නේ නම් ණය ගනුදෙනුකරුවන්ට මේ මස 31 වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එම සහන සම්බන්ධයෙන් කිසියම් ප්‍රතික්ෂේප කිරීමක් හෝ මතභේදයක් ඇති වුවහොත් අදාළ බැංකු සම්බන්ධ කරගතයුතු බවත් ඒ සඳහා අභියාචනා කරන්නේ නම් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ සම්බන්ධකරගන්නා ලෙස ඉල්ලා සිටින බවත් එම බැංකුව පවසයි.  1935 ක්‍ෂණික දුරකථනයෙන් හෝ 0112477000 යන දුරකථනයෙන් හෝ එසේ නැත්නම් 0112477744 ෆැක්ස් අංකයෙන් අධ්‍යක්‍ෂවරයා සම්බන්ධකරගත හැකි බවත් එසේ නැත්නම් [email protected]      යන ඊමේල් ලිපිනයෙන් හෝ අධ්‍යක්‍ෂ, මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01 යන ලිපිනයෙන් හෝ සම්බන්ධ වියහැකි බවත් මහ බැංකුව සඳහන් කරයි.  https://www.cbsl.gov.lk/fcrd යන වෙබ් අඩවියට පිවිසීමෙන් ද එම බැංකුව සමඟ සම්බන්ධවිය හැකි බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ණය ගනුදෙනුකරුවන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව සහ පිළිගත හැකි ව්‍යපාර යළි පණගැන්වීමේ සැලැස්මක් ඉදිරිපත් කිරීම පදනම්ව බලපෑමට ලක්වූ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කළේය. 

 



අදහස් (0)

කුඩා -මධ්‍ය ව්‍යවසායකයන්ට තවදුරටත් සහන ගැනීමට 31 ට පෙර අභියාචනා කරන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site