IMG-LOGO

2026 ඔක්තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා


කාන්තාවන් හැටදෙනකුට ගල්නෑවේ දී බතික් පුහුණු වැඩසටහනක්

බුල්නෑව ප්‍රදීප් රණතුංග

ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තාවන් 60 දෙනකු සඳහා බතික් පුහුණු වැසටහනක් ඉකුත්දා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. දෙදිනක් පුරා පැවති මෙම වැඩසටහනින් බතික් නිර්මාණ පිළිබඳ සාර්ථක පුහුණුවක් ප්‍රතිලාභීන් වෙත ලබා දී තිබේ.

 ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද සහිතව පැවැති මෙහි සම්පත්දායකත්වය කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ පුහුණු උපදේශිකා හර්ෂා ඉනෝකා කුමාරි මහත්මිය විසින් ලබා දුන්නාය. ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන මත වැඩසටහන සංවිධාන කර තිබුණි. ගල්නෑව ප්‍රාදේශීය ලේකම් ජී.එම්.කේ.ආර්. ප්‍රියදර්ශන මහතාගේ මගපෙන්වීම අනුව ව්‍යවසාය සංවර්ධන නිලධාරි ප්‍රදීප් සුරනිමල් මහතා විසින් මෙම වැසටහන සංවිධානය කර තිබුණි. 



අදහස් (0)

කාන්තාවන් හැටදෙනකුට ගල්නෑවේ දී බතික් පුහුණු වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site