IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කාන්තා ව්‍යවසායකයන්ට ලංකා බැංකුවෙන් ‘රන් ලිය’

  • නීත්‍යනුකූලව ආදායම් උත්පාදනය කරන ඕනෑම ක්‍රියාවලියකට ණය ගන්න පුළුවන්
  • සංචාරක අපනයන ක්ෂේත්‍රවල ප්‍රමුඛතාව
  • ආයෝජන‌, ප්‍රාග්ධන අරමුණුවලට රුපියල් මිලියන 50 බැගින් 

ඩබ්ලිව්.කේ.එල්.බී.එන්. සමන්ති
සහකාර මහා කළමනාකාරිණී 
(ශාඛා ණය කලාප II) - ලංකා බැංකුව

ශ්‍රී ලාංකික ජනතාවගේ ජන ජීවිතය නඟාසිටුවීම වෙනුවෙන් වසර 85ක් පුරා කැප වන මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව, ලංකා බැංකුව, මෙරට කන්තාවන් ශක්තිමත් කරමින් ව්‍යවසායකයන් බවට පත් කිරීමට උපරිම සහයෝගය ලබා දෙන මූල්‍ය ආයතනයකි. ලංකා බැංකුව කාන්තා ව්‍යවසායකයන් වෙත ලබා දෙන මූල්‍ය හා මූල්‍යමය නොවන සේවා තවදුරටත් ගුණාත්මක හා කාර්යක්ෂම කරමින්, BOC රන් ලිය ණය යෝජනා ක්‍රමය‘ හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි. 

මේ ඒ පිළිබඳව ලංකා බැංකුවේ සහකාර මහා කළමනාකාරිණී (ශාඛා ණය කලාප II) ඩබ්ලිව්.කේ.එල්.බී.එන්. සමන්ති මහත්මිය දැක්වූ අදහස්ය.

“ලංකා බැංකුව කාන්තාවන් බල ගැන්වීම වෙනුවෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. ඒ අනුව ලංකා බැංකුව කාන්තා ව්‍යවසායකයන් සඳහා ම හඳුන්වා දුන් සුවිශේෂී ණය යෝජනා ක්‍රමයක් විදියට ‘රන් ලිය’ ණය යෝජනා ක්‍රමය හඳුන්වා දීමට පුළුවන්. නිෂ්පාදන මෙන් ම සේවා සැපයීම ඇතුළු ව කාන්තා ව්‍යවසායකයන් විසින් මෙහෙයවනු ලබන, නීත්‍යනුකූල ව පිළිගත හැකි ඕනෑ ම ආදායම් උත්පාදන ක්‍රියාවලියක් සඳහා රන් ලිය ණය යෝජනා ක්‍රමය යටතේ මූල්‍ය සහයෝගය ලබා ගත හැකි යි. මෙම ණය පහසුකම් ලබා දීමේ දී සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත ව්‍යාපාර සහ අපනයනය ඉලක්ක කරගත් ව්‍යාපාර සඳහා ප්‍රමුඛතාව ලබා දෙන බවත් පැවසිය යුතු ම යි.

කාන්තාවන් ප්‍රමුඛ වී පවත්වාගෙන යනු ලබන නීත්‍යනුකූල ව පිළිගත් ඕනෑ ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් මෙම ණය පහසුකම ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබනවා. එහි දී අදාළ ව්‍යාපාරයේ අයිතිය සියයට 50කට වඩා කාන්තාවන් සතු විය යුතු යි. නැතිනම් ව්‍යාපාරයෙන් අවම වශයෙන් සියයට 20ක් කාන්තාවන් සතු වීම, කාන්තාවක් විසින් ව්‍යාපාරයේ ප්‍රධාන තීරණ ගැනීමේ තීරක වීම සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතියෙන් අවම වශයෙන් සියයට 30ක් කාන්තාවන් වීම යන නිර්ණායක තුන ම සපුරාලන ව්‍යාපාරයක් සඳහා රන් ලිය ණයක් ලබා ගැනීමට පුළුවන්.එහි දී උපරිම ණය මුදල ලබා ගැනීමේ දී ආයෝජන අරමුණු සඳහා’රුපියල් මිලියන 50 ක් ආපසු ගෙවීමේ කාලය වසර 5කට ද, ප්‍රාග්ධන අරමුණු සඳහා රුපියල් මිලියන 50 ක් ආපසු ගෙවීමේ කාලය වසර 3කට ද ආදී වශයෙන් උපරිම ණය මුදල රුපියල් මිලියන 100ක් දක්වා ලබා ගැනීමේ හැකියාව අපි උදා කර දී තිබෙනවා. ඒ වගේම තරඟකාරී පොලී අනුපාතයක් යටතේ ලබා දෙන මෙම ණය මුදලක් ආයෝජන අවශ්‍යතා සඳහා ලබා ගැනීමේ දී මාස 6ක උපරිමයකට යටත් සහන කාලයක් ඇතුළු ව වසර 5කින් ගෙවීමට හැකි බවත් පැවසිය යුතු ම යි. 

නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වගේ ම පවතින ව්‍යාපාර පුළුල් කර ගැනීම සඳහාත් කාන්තා ව්‍යවසායකයන් වෙත මූල්‍ය සහයෝගය ලබා දෙන ලංකා බැංකුව මේ වන විට කාන්තා ව්‍යවසායකයන් විශාල සංඛ්‍යාවක් බල ගැන්වීමට කටයුතු කර ඇති බව ඉතා සතුටින් පැවසීමට කැමැතියි. මූල්‍ය සහයෝගයට අමතර ව, අදාළ ව්‍යාපාරය අපනයන හා සම්බන්ධ ව්‍යාපාරයක් නම්, එම අපනයන කටයුතු සඳහා අවශ්‍ය උපදේශනය ඇතුළු අවශ්‍ය ශක්තිය සහ රැකවරණය ලබා දීමට ලංකා බැංකුව කටයුතු කරන බවත් අවධාරණය කළ යුතුයි. මේ සඳහා ම විශේෂිත ඒකකයක් ලෙස ‘BOC Export Circle’ හඳුන්වා දෙන්න පුළුවන්. මෙ මඟින් ව්‍යාපාර අපනයන මට්ටම දක්වා වර්ධනය කර ගැනීම වෙනුවෙන් සහයෝගය ලබා දීම වගේ ම ඊට අවශ්‍ය ණය පහසුකම් (උදා:- Packing Credit) ලබා දීමත් විශේෂයි. බිඳ වැටුණු ව්‍යාපාර නැවත බල ගැන්වීමට සහයෝගය ලබා දීම වෙනුවෙන් අප පවත්වාගෙන යන ව්‍යාපාර පුනර්ජීවන හා පුනරුත්ථාපන ඒකකය (BRRU) මඟින්, ව්‍යාපාරයක් යම් අසාර්ථක තත්වයකට මුහුණ දීම නිසා, ලංකා බැංකුවෙන් ලබා ගත් ණය මුදලක් ගෙවීමට නොහැකි ව අක්‍රිය තත්වයට පත් වී පවතින අවස්ථාවක කාන්තා ව්‍යවසායකයන්ට අත්වැලක් වීමට කටයුතු කරනවා. ඒ වගේ ම BOC SME Circle  හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික දැනුම හා ව්‍යාපාරික දැනුම ලබා දීම සඳහා විවිධ වැඩමුළු පැවැත්වීමට ලංකා බැංකුව කටයුතු කරන බවත්, ඒ සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB),  අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), කර්මාන්ත අමාත්‍යාංශය වැනි ආයතන ලංකා බැංකුව සමඟ අත්වැල් බැඳ ගෙන සිටින බවත් සිහිපත් කිරීමට කැමැතියි.

“මෙම ණය පහසුකම්වලට අමතර ව කාන්තා ව්‍යවසායකයන් නව ඩිජිටල් මානයක් කරා රැගෙන යාමට ඔවුන්ගේ අවශ්‍යතා හා ප්‍රවණතා පිළිබඳ ව අවබෝධයෙන් යුතු ව කටයුතු කරන ලංකා බැංකුව, SME Online  ණය අයදුම් කිරීමේ පහසුකම, SmartPay, Smart Online Banking, Mobile Banking  (B App), E - Commerce සක්‍රීය Debit  Card, BOC Connect  ආදී වශයෙන් ඩිජිටල් බැංකුකරණ විසඳුම් රැසක් හඳුන්වා දී තිබෙනවා. 

 



අදහස් (0)

කාන්තා ව්‍යවසායකයන්ට ලංකා බැංකුවෙන් ‘රන් ලිය’

ඔබේ අදහස් එවන්න

 

 

ව්‍යාපාරික විත්ති

Our Group Site