
ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව
කාන්තා ගෘහ මූලික පවුල්වල ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා ස්වයං රැකියා උපකරණ ලබාදිමේ වැඩ සටහනක් කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආරම්භ කර තිබේ.
ඒ අනුව කාන්තා ගෘහ මූලික පවුල් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණින් පළමු වටයේ ප්‍රතිලාභීන් දෙදෙනකුට රුපියල් ලක්ෂය බැගින් වටිනා ස්වයං රැකියා උපකරණ ලබාදීම මෙහිදි සිදුවිය.
කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ප්‍රතිලාභීන් සඳහා මහන මැෂිමක් සහ පිටි ඇඹරුම් යන්ත්‍රයක් මෙලෙස ලබාදීම කින්නියා ප්‍රාදේශීය ලේකම් එම්.එච්. මොහොමඩ් කනි මහතාගේ ප්‍රධානත්වයෙන් කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ ස්වයං රැකියාවලින් ආදායම් උපයා ගැනීමෙන් කාන්තා ගෘහ මූලික පවුල්වල ආර්ථික තත්වය වැඩිදියුණු කිරීමය.
කින්නියා කාන්තා ගෘහ මූලික පවුල්වලට ස්වයං රැකියා උපකරණ