වැලිමඩ කේ.ආර්. රාජමන්ත්‍රී
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට පෙරේදා දින (04 දා) විශාල වශයෙන් එළවළු තොග ලැබීම නිසා එම එළවළු තොග අලෙවි කර ගැනීමට නොහැකිව ඇතැම් එළවළු මිලද පහත වැටිම හා විකුණාගත නොහැකි තත්වයක් උදාවිමෙන් තමන් දැඩි අසිරුවකට පත්ව සිටින බව ගොවිහු මැසිවිලි නගති.
කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට පසුගිය දින කිහිපය එළවළු තොග එතරම් නොලැබුණ අතර 04 වැනි දින එක වරම මෙලෙස විශාල වශයෙන් එළවළු තොග ලැබීම නිසාත් පිට පළාත්වලින් පැමිණි වෙළෙදුන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට එළවළු මිලට ගැනිමෙන් පසු ඉතිරිවු එළවළු මිලට ගැනිමට ඉදිරිපත් නොවිමත් නිසා මෙම තත්වය උද්ගත වූ බව කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග වෙළෙදෝ පවසති.
ගොවින් කියා සිටින්නේ ගෝවා, කැරට් වැනි එළවළු විකුණා ගැනීමට පවා නොහැකි තත්වයක් ද ඇතිවූ නිසා තමන්ට වගාවට තබා එළවළු ප්‍රවාහනයටවත් වැය කළ මුදලවත් ලබාගත නොහැකි තත්වයක් උදාවි තිබේන බවයි.
කැප්පෙටිපොල එළවළු විකුණගන්න බැරිව ගොඩගැහිලා