මෙරට පෞද්ගලික අංශයේ ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා පහසුකම් සපයන විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව වෙතින් ශ්‍රී ලංකාවේ ආනයනකරුවන්ට හා අපනයනකරුවන්ට ඔවුන්ගේ සියලුම මූල්‍ය කටයුතු ඉටුකර ගැනීම සඳහා නවීන ඩිජිටල් සේවාවක් හඳුන්වා දී ඇත.
‘Combank TradeLink’ ඩිජිටල් සේවාව බාධාවකින් තොරව ක්‍රියාත්මක වන, පරිශීලකයන්ට පහසුවෙන් භාවිත කළ හැකි පරිදි සැලසුම් කළ අතුරු මුහුණතකින් සමන්විත වන අතර, එය වෙළෙඳ මූල්‍ය ගනුදෙනු සරල කර වේගවත් හා පාරිභෝගික අනුකූලතාව වර්ධනය කරමින් පරිශීලකයාට අවශ්‍ය විසඳුම් ලබා දෙන බව බැංකුව පවසයි.
‘Combank TradeLink’ භාවිත කරන ආනයනකරුවන්ට 24x7 තත්‍ය කාලීන සේවා ලබා ගත හැක. එම සේවා අතරට ආනයන ණයවර ලේඛන, ආනයන එකතු කිරීමේ ලේඛන, නැව්ගත කිරීමේ ඇපකර හා අත්තිකාරම් ලේඛන, විවෘත ගිණුම් පියවීම, අත්තිකාරම් ගෙවීම් සහ ඇපකර ලේඛන ආදිය ඇතුළත් වේ.
අපනයනකරුවන්ට මෙම මාර්ගගත සේවාව හරහා අපනයන ණයවර ලේඛන සහ අපනයන එකතු කිරීමේ ලේඛන ලබාගත හැකි අතර, එමගින් ඔවුනගේ අපනයන ආශ්‍රිත ගනුදෙනු වේගවත් කර කාර්යක්ෂමතාව වැඩිදියුණු වේ.
මෙම සේවාව සියලුම අංශවල මෙන් ම විවිධ ප්‍රමාණ සහ ධාරිතාවලින් යුත් ව්‍යාපාර සඳහා සහය වනු ඇති අතර බැංකුවට තම පාරිභෝගිකයන් සමඟ සන්නවේදනය කිරීමට තවත් මාර්ගයක් සපයනු ඇත.
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී, සනත් මනතුංග මහතා මෙසේ පැවසීය. “ආරම්භයේ සිටම කොමර්ෂල් බැංකුව වෙළෙඳ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ක්‍රියාකරුවකු වී ඇති අතර, ඓතිහාසිකව ආනයන හා අපනයන ක්ෂේත්‍ර සඳහා මෙරට විශාලතම පහසුකම් සපයන්නා බවට ද පත්ව ඇත. වෙළෙඳ මූල්‍ය පහසුකම් සැපයීම සඳහා වූ මෙම කැපවීම මෙම නවතම මුලපීරීම සමඟ ද අඛණ්ඩව පවතින අතර, එමගින් මෙම ක්ෂේත්‍රයේ දේශීය හා ගෝලීය වෙනස්කම් සමඟ පුළුල් වන සහ පරිණාමය වන මාර්ගගත සේවා සමූහයක් සමග වෙළෙඳ මූල්‍යකරණය ඩිජිටල් ක්ෂේත්‍රයකට රැගෙන යනු ඇත.
කොමර්ෂල් බැංකුවෙන් ආනයන - අපනයනකරුවන්ට ‘TradeLink’ ඩිජිටල් සේවාව