IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


කුරුණෑගල නව ‘S-I-S’ අලෙවිසලක් අරඹමින් සියැට් අලෙවි ජාලය පුළුල් කරයි

බස්නාහිර පළාතෙන් පිටත සිය උසස් මට්ටමේ අලෙවි ජාලය තවදුරටත් ශක්තිමත් කරමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම කුරුණෑගල මීගමුව පාරේ ‘Sumidag Prime’ හි සිය නවතම ‘Shop-in-Shop’ (SIS) අලෙවිසල විවෘත කර ඇත. මෙමගින් එම ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට සමාගමේ ටයර් නිෂ්පාදන සමඟ වෘත්තීය මට්ටමේ වාහන සේවා වඩාත් සමීප කරවයි.
මල්කඩුවාව ප්‍රදේශයේ වෙලගෙදර විද්‍යාලය අසල පිහිටි මෙම නවතම අලෙවිසල, මෙරට තුළ සියැට් සතු 14 වන SIS අලෙවිසල වේ. ටයර් මිලදී ගැනීම සහ සේවා ලබා ගැනීම, වඩාත් පහසු, ආකර්ෂණීය හා පාරිභෝගික කේන්ද්‍රීය අත්දැකීමක් බවට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන සියැට් හි මෙම අලෙවි සංකල්පය පුළුල් කිරීමේ තවත් පියවරක් ලෙස මෙම අලෙවිසල ස්ථාපිත කර ඇත.
සියැට් කැලණි හි දිගුකාලීන අලෙවි හවුල්කරුවකු වන Sumidag  ආයතනයට මෙම දියත් කිරීම විශේෂිත වූ නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි. 1986 වසරේදී අජිත් කරුණාරත්න මහතා විසින් ආරම්භ කරන ලද Sumidag  ආයතනය, සියැට් ටයර් සන්නාමය ශ්‍රී ලංකා වෙළෙඳපොළට පිවිසි මුල් අවධියේදී ම සියැට් සමාගම සමග අත්වැල් බැඳගත් අතර, එතැන් පටන් දශක තුනකට අධික කාලයක් තිස්සේ පැවත එන ශක්තිමත් හවුල්කාරීත්වයක් ගොඩනගාගෙන ඇත. මේ වනවිට එම ව්‍යාපාරය සියැට් හි ප්‍රමුඛතම අලෙවි හවුල්කරුවකු මෙන් ම කුරුණෑගල කලාපයේ සියැට් යතුරු පැදි ටයර් බෙදාහරින ප්‍රධාන ආයතනයක් බවට පත්වී ඇත.
චමෝද් කරුණාරත්න මහතාගේ නායකත්වය යටතේ කරුණාරත්න පවුලේ ඊළඟ පරම්පරාව සමග ඇතිකර ගන්නා එම දිගුකාලීන හවුල්කාරීත්වයේ ඊළඟ අදියර නියෝජනය කරන මෙම Sumidag ප්‍රයිම් දියත් කිරීම, වර්ධනය, පාරිභෝගික අත්දැකීම් සහ විශිෂ්ටත්වය සමග මුසු වූ නව මානයකට යොමු කරමින් ව්‍යාපාරය ඉදිරියට ගෙන යනු ඇත.
සියැට් හි අග්‍රගන්‍ය ‘Shop-in-Shop’ අලෙවිසල් සංකල්පය මත ගොඩනගන ලද මෙම Sumidag Prime අලෙවිසල මගින් සාම්ප්‍රදායික බහු-සන්නාම අලෙවි නියෝජිත පරිශ්‍රයක සියැට් සන්නාමයට වෙන්වූ අග්‍රගන්‍ය අලෙවි ප්‍රදේශයක් ඇති කරයි. මෙම නව දියත් කිරීම මත සිදුකළ ආයෝජනයට පුළුල් අභ්‍යන්තර හා බාහිර වෙළෙඳ සන්නාම පුවරු සවි කිරීම, ආලෝකමත් වෙළෙඳ නාම මුහුණත, වැඩිදියුණු කළ සිවිලිම් සහ ඔප දැමීම්, උසස් තත්වයේ ආලෝකකරණය, නවීන ගෘහ භාණ්ඩ, ආකර්ෂණීය ටයර් ප්‍රදර්ශන රාක්ක සහ අන්තර්ක්‍රියාකාරී වෙළෙඳ විසඳුම් ඇතුළත් වේ. වාහන වල කටයුතු සිදුවන අතරතුර පාරිභෝගිකයන්ට තම අත්දැකීම තවදුරටත් පහසු කිරීමට ඔවුන් සඳහා ම වෙන් වූ විවේකාගාරයක් ද මෙහි ස්ථාපිත කර ඇත.
මෙම නව අලෙවි මධ්‍යස්ථානය වෙත පැමිණෙන පාරිභෝගිකයන්ට ඉතා හොඳ වට්ටම් සහිතව පුළුල් පරාසයක සියැට් ටයර් මිලදී ගැනීමේ අවස්ථාව මෙන්ම, කුරුණෑගල ප්‍රදේශයේ පවතින නවීනතම ටයර් හා රෝද ආශ්‍රිත සේවා ලබා ගැනීමට හැක. මෙහිදී නයිට්‍රජන් හා වායු පිරවීම, රෝද පෙළගැස්ම (Wheel Alignment), රෝද සමතුලිත කිරීම (Wheel Balancing), කැම්බර් (Camber) සහ කාස්ටර් (Caster) සීරුමාරු කිරීම මෙන් ම ඇලෝයි වීල් සහ බැටරි සම්බන්ධ සේවා ද ලබාගත හැක.



අදහස් (0)

කුරුණෑගල නව ‘S-I-S’ අලෙවිසලක් අරඹමින් සියැට් අලෙවි ජාලය පුළුල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site