මෙගාවොට් 300ක ධාරිතාවෙන් යුතු ද්‍රවිකෘත ස්වභාවික වායු (එල්.එන්.ජී -ඛභඨ) විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉදිරියේදී කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ කෙරවලපිටියේ යුගදනවි තාප බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි. කෙරවලපිටියේ අක්කර 10ක භූමිභාගයක මෙම විදුලි බලාගාරය ඉදිකිරීමට යෝජිත බවත්, ඒ සඳහා අවම පරිසර හානියක් ඇති ද්‍රවිකෘත ස්වභාවික වායු යොදා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කලේය.
මීට අමතර වශයෙන් දැනට විදුලිය නිෂ්පාදනය කරන තාප බලාගාර, ද්‍රවිකෘත වායු මගින් විදුලිය නිෂ්පාදනය කිරීමට හැකිවන පරිදි පරිවර්තනය කිරිමට අවශ්‍ය ශක්‍යතාවයද සොයා බලන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කලේය.
කෙරවලපිටියට ස්වභාවික වායු බලාගාරයක්
ටිකිරි Wednesday, 11 May 2016 01:42 AM
ඔය කියන ස්වභාවික වායු ලංකාවේ නැහැනේ. ඒවා හොයන්නේ කොහෙන්ද? (නි)
සමන් Friday, 06 May 2016 05:03 AM
අනාගත වාක්‍ය විතරයි වැඩ නෑ (බ)
සමන් Friday, 06 May 2016 05:04 AM
අනාගත වාක්‍ය විතරයි වැඩ නෑ (ම)