දත් කුහරවලින් ආරක්ෂා වීම සඳහා මෙන්ම මුවේ නැවුම් බව ආරක්ෂා කිරීමේ අරමුණෙන් මෙරට දන්තාලේප අතර ප්‍රමුඛයකු වන ක්ලෝගාඩ් වෙතින් නවතම Clogard Fresh දන්තාලේපය නව වෙනසකින් යුතුව හඳුන්වා දී ඇත.
ස්වාභාවික මෙන් ම පරම්පරා ගණනාවක් තිස්සේ මුඛ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීම සඳහා භාවිත කළ ශ්‍රී ලාංකේය අමුද්‍රව්‍යයන් කරාබුනැටි, මිංචි, කුරුඳු සහ සේර යන ස්වභාවික අමුද්‍රව්‍ය වර්ග 4කින් Clogard Fresh වෙළඳපොළට හඳුන්වාදී ඇති බව හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ් සමාගම සඳහන් කරයි.
Clogard Fresh මවුත් වොෂ් ද මේ හා සමගාමීව හඳුන්වා දී ඇති අතර, එය මුව සිසිල් කරන සහ කරාබුනැටි සාරය අඩංගු Original දිවිත්ව වර්ග වලින් වෙළෙඳපොළට පැමිණේ.
දේශීය වශයෙන් ගෘහාශ්‍රිතව බහුලව දක්නට ලැබෙන ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිත කරමින් නිපදවා ඇති Clogard Fresh Gel දන්තාලේප නිෂ්පාදන පෙළ දැනට වෙළෙඳපොළේ ඇති සෞඛ්‍ය සම්පන්න මෙන් ම හොඳම තේරීම බව පැවසිය හැකි බවද එම සමාගම කියයි.
Clogard Fresh Gel නිෂ්පාදනය ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) විසින් අනුමත කර ඇති අතර, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) ප්‍රමිති සහතිකය ද ලබා ඇත.
595
ක්ලෝගාඩ් ෆ්‍රෙෂ් වෙළෙඳ පොළට