IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


කැලීන් සමාගමේ නව කර්මාන්ත ශාලාව පොතුහැරදී විවෘත කෙරේ


පාරිභෝගික විශ්වාසය දිනාගත් කැලීන් සබන් සන්නාමය ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කරමින් කුරුණෑගල, පොතුහැර ප්‍රදේශයේ නව කර්මාන්ත ශාලාවක් ආරම්භ කර තිබේ.

ISO, GMP, SLS 34:2009  සහSLS  547:2009 තත්ව සහතික ලබා ඇති කැලීන් සන්නාමය, පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් නුවර පිහිටි කර්මාන්ත ශාලාවට අමතරව මෙම නව කර්මාන්ත ශාලාව ස්ථාපිත කර ඇත.

CALIN INTERNATIONAL (PVT) LTD සමාගමේ නව කර්මාන්ත ශාලාව එම සමාගමේ සභාපති ලේල්වල ජී. පියනන්ද සහ කළමනාකාර අධ්‍යක්ෂ උමේෂ් ගොඩකන්ද යන මහත්වරු අතින් ඉකුත්දා විවෘත කෙරිණි. 

නව කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමෙන් කැලීන් සමාගමේ නිෂ්පාදන හා ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ.



අදහස් (0)

කැලීන් සමාගමේ නව කර්මාන්ත ශාලාව පොතුහැරදී විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site