IMG-LOGO

2026 ඔක්තෝබර් මස 07 වන බදාදා


කොළඹ උද්ධමනය සියයට 6.8ක් වෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජූනි මාසයේ දී සියයට 6.8ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක ‍මේ බව සඳහන්ය. 2026 මැයි මාසයේ දී මෙම අගය සඳහන් වූයේ සියයට 5.5ක් ලෙසිනි.
මේ අතර 2026 ජූනි මාසයේ දී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 0.9 සිට සියයට 3.6ක් දක්වාත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 7.8 සිට සියයට 8.4ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.



අදහස් (0)

කොළඹ උද්ධමනය සියයට 6.8ක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site