භානුක අමරසිංහ
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන LOLC හෝල්ඩිංග්ස් පීඑල්සීහි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කාන්තිමනි සිවනේසන් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි.
ඒ අනුව මාර්තු 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. මෙතෙක් කලක් සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළ දේශමාන්‍ය එම්. ඩී. ඩී. පීරිස් මහතා එම ධුරයෙන් විශ්‍රාම යෑමත් සමගින් හිස් වූ ධුරය සඳහා මෙම නව පත් කිරීම සිදු කර තිබේ. බදුකරණය පිළිබඳව වසර 20කට අධික අත්දැකීම් සහිත සිවනේසන් මහතා වර්තමානයේදී සුප්‍රසිද්ධ බදු උපදේශන සේවා සමාගමක්වන අමරසේකර ඇන්ඩ් කම්පැනි ආයතනයේ හවුල්කරු සහ බදුකරණ ප්‍රධානියා ලෙසද කටයුතු කරයි.
කේ. සිවනේසන් LOLC හෝල්ඩින්ග්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට