IMG-LOGO

2026 ඔක්තෝබර් මස 06 වන අඟහරුවාදා


ගෘහ ආර්ථිකය නැංවීමේ නවමු වැඩසටහනක් බෙන්තොටදී

 


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


ගෘහ ආර්ථිකය නැංවීමේ නවමු වැඩසටහනක් බෙන්තොට ප්‍රාදේශීය සභාවෙන් ක්‍රියාවට නැංවීමට පියවර ගත්තේය.

පළාත් පාලන සතිය නිමිත්තෙන් බෙන්තොට ප්‍රාදේශීය සභාව මේ නවමු වැඩසටහන ක්‍රියාවට නැංවූ අතර, එහිදී බෙන්තොට ප්‍රාදේශීය සභාවට අයත් හිපන්වත්ත, දියපරදූව, මහ ඌරගහ සහ දෙල්කබලගොඩ ප්‍රදේශවාසීන් සඳහා බද්ධ පලතුරු පැළ හා කොම්පෝස්ට් පොහොර බෙදාදීම සිදු කෙරිණ.

අඹ, පේර, රඹුටං, දොඩම්, අලිගැට පේර පැළ හා කොම්පෝස්ට් පොහොර බෙදා දීම බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමකුමාර විජයවර්ධන, ප්‍රාදේශීය සභා මන්තීවරුන් වන අබේරත්න ලියනගමගේ, තිලක් උපුල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 

බෙන්තොට ප්‍රාදේශීය සභාවේ ලේකම් රවීන්ද්‍ර ලසන්ත, පහලගම්හය ගොවිජන සේවා නිලධාරිනි ජිමල්කා සජානි, කෘෂිකර්ම උපදේශක සමින්ද කරුණානායක යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට සහභාගිවූහ.



අදහස් (0)

ගෘහ ආර්ථිකය නැංවීමේ නවමු වැඩසටහනක් බෙන්තොටදී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site