IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ජොනතන් අලස්ට කිංග්ස්බරි හෝටල් අධ්‍යක්ෂ ධුරයක්

භානුක අමරසිංහ 


කිංග්ස්බරි හෝටලයේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ජොනතන් අලස් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව, ජනවාරි 24 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර තිබේ. 

වසර 37කට අධික කාලයක් පුරා බැංකු ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත අලස් මහතා මීට පෙර හැටන් නැෂනල් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කළේය. 
එසේම, හැටන් නැෂනල් බැංකුවට සම්බන්ධ වීමට පෙර ඒ මහතා අබුඩාබි ජාතික බැංකුව, රියාද්හි සෞදි බ්‍රිතාන්‍ය බැංකුව, මැදපෙරදිග බ්‍රිතාන්‍ය බැංකුව සහ ඩුබායි සහ කොළඹ HSBC බැංකුව යන බැංකුවල සේවය කර තිබේ. 

ශ්‍රී ලංකා බැංකු සංගමයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා, 2014-16 කාලසීමාවේදී එහි සභාපතිවරයා ලෙසින් ද කටයුතු කර තිබේ. 2018 සිට 2021 දක්වා වසර තුනක කාලයක් ඔහු ආසියානු බැංකුකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා ද විය. 
වර්තමානයේදී ජොනතන් අලස් මහතා හේලීස් පීඑල්සී, ඇලු‍මෙක්ස් පීඑල්සී සහ සිංගර් පීඑල්සී සමාගම්වල ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරයි. එසේම, ඔහු යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගමේ, සිලෝන් බෙවරේජර්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සහ ලයන් බෘවරි සිලෝන් පීඑල්සී යන සමාගම්වල ද අධ්‍යක්ෂ මණඩල සාමාජිකයකු ලෙස කටයුතු කරයි. 

 



අදහස් (0)

ජොනතන් අලස්ට කිංග්ස්බරි හෝටල් අධ්‍යක්ෂ ධුරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site