IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ජෝන් කීල්ස් ප්‍රොපටීස් VIMAN Ja-Ela ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කරයි


ජෝන් කීල්ස් ප්‍රොපටීස් විසින් VIMAN Ja-Ela ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කරන බව පසුගිය දා නිවේදනය කරන ලදි. ව්‍යාපෘතියට අදාළ අක්කර හයක භූමි භාගයෙන් සියයට 60 ක් පමණම විවෘතව සහ පරිසරය සමග ඒකාත්මිකව තැබීම මගින් VIMAN Ja-Ela ව්‍යාපෘතිය පරිසරය හා බැඳුණු නවීන ජීවන විලාසිතාවක් එහි පදිංචිකරුවන් වෙත පිරි නැමීමට සූදානමින් සිටියි.

3 වැනි අදියර සඳහා කාමර දෙකකින් සහ තුනකින් සමන්විත වන ලෙස තැනූ නිවාස ඇතුළත් නව නිවාස සංකීර්ණ ද්විත්වයක් ඉදිකිරීමට නියමිත අතර, එහි ජීවත් වන්නන්ට සංකීර්ණයේ මධ්‍යම උද්‍යානය මෙන්ම සුන්දර ජා ඇළ නගරයේ අපූර්වත්වය විඳ ගැනීමට අවස්ථාව හිමි වනු ඇත. 

ජෝන් කීල්ස් ප්‍රොපටීස් හි වඩාත් සාර්ථකම ව්‍යාපෘතියක් ලෙස නම් ලබා ඇති මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජෝන් කීල්ස් ප්‍රොපටීස් හි අංශ ප්‍රධානි සහ ජෝන් කීල්ස් සමූහයේ උප සභාපති වන ඉනෝක පෙරේරා මහතා මෙසේ පවසා සිටියේ. 

“අපි VIMAN Ja-Ela ව්‍යාපෘතියේ අදියර 1 හා 2 හි සාර්ථකත්වය පිළිබඳව ඉතා සතුටට පත් වන්නෙමු. අප මෙම ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කරන්නේත් එම සතුටම පෙරදැරි කරගෙනයි. 2024 අගෝස්තු මස බිම සකසා අවසන් කොට මාස හයකට පසු මෙලෙස 3 වැනි අදියර ආරම්භ කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වන්නෙමු. ජා ඇල නගරයේ හදවතෙහි පිහිටා ඇති මෙම ව්‍යාපෘතිය මගින් ජනතාවට සාමකාමී උසස් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලබා දෙන අතර කොළඹ නගරය වෙත ඉක්මනින් ගමන් කිරීමට ඇති හැකියාව මගින් VIMAN Ja-Ela ව්‍යාපෘතිය වෙළෙදපොළේ අති විශාල ඉල්ලු‍මක් ඇති කර තිබේ. එම නිසා මෙම ව්‍යාපෘතිය, හොඳ ආයෝජන අවස්ථාවක් ලෙස ජනතාව අතරට ගොස් ඇත. අපගේ අරමුණ අර්ධ නාගරික ජීවන විලාසිතාව ඊළඟ පියවරට ගෙන යෑම වේ.”‍



අදහස් (0)

ජෝන් කීල්ස් ප්‍රොපටීස් VIMAN Ja-Ela ව්‍යාපෘතියේ 3 වැනි අදියර ආරම්භ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site