ලොව සුවිශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ජපානයේ ටොයෝටා සමාගම මෑතදී වෙළඳපොළට නිකුත් කළ මෝටර් රථ දා හතර ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් යළි කැඳවා ඇතැයි එරට ආරංචි පවසයි.
එම මෝටර් රථවල වායු බැලූන සම්බන්ධ දෝෂයක් මීට හේතුව බව කියති.
ප්‍රියස් හා ලෙක්සස් යන මෝටර් රථ වර්ග ඊට අයත් බව සඳහන්ය. ඇමරිකාව, යුරෝපය, ජපානය හා චීනය ඇතුළු රටවල් රැසකට අලෙවි කැරුණු එම මෝටර් රථ යළි කැඳවා ඇතැයි ටොයෝටා සමාගම පවසයි.
නමුත් වායු බැලුනවල දෝෂය හේතුවෙන් මෙතෙක් අනතුරක් සිදුව නැති බවද ටොයෝටා සමාගම ප්‍රකාශ කරයි.
ටොයෝටා සමාගමට ලෙඩක්
බෙනට් Wednesday, 29 June 2016 10:26 AM
යලි කැඳවනවා කියන්නේ ජපානෙට යලි ගෙන්නනවා නෙමෙයි. අදාළ වාහනය ලඟම තියෙන ඒජන්ත ආයතනය වෙත ගෙන්වාගෙන ප්‍රශ්නය පිළිසකර කර දෙන එකයි. මේ හැම වාහනයකටම විකුණුම් මිල නියම කරද්දී මේ වගේ ප්‍රශ්නයක් මතු උනොත් යන වියදමත් ඇතුලත් කරලයි තියෙන්නේ . ඒ නිසා අමතර වියදමක් යන්නේ නැහැ ටොයෝටා හෝ වෙන ඕනෑම වාහන සමාගමකට. හැබැයි එහෙම ප්‍රශ්නයක් මතු නොවුනොත් එම මුදල ලාබයට එකතු වෙනවා. (ර)
ලලිත් Wednesday, 29 June 2016 11:52 AM
බෙනට් මල්ලි ඔය ලාබෙට එකතු වෙන කතාව වැඩිය කියන්න එපා. අපේ කට්ටිය ඒ එකතුවෙන ගාන හොයල බලල එකට ප්‍රාග්ධන බද්ද එකතුකරයි.(අ)
ශානක අල්විස් Wednesday, 29 June 2016 12:12 PM
ලලිත් හරි. අවුරුදු 2 කට කලින් අර පොලිසියෙන් ලියපු දඩේ ගෙවන්න ගියාම, 10% බදු ගැහුවේ කට්ටියනේ හිටියේ. (බ)
වික්‍රම Thursday, 30 June 2016 06:12 AM
එතකොට ශානක දැන් එහෙම බදු නැද්ද? (බ)
ගයාන් Thursday, 30 June 2016 12:38 PM
ඕක නිසා වෙන්න ඇති අපේ හිත දුන්නේ (ම)
බමුණුසිංහ Thursday, 30 June 2016 11:04 PM
වායු බැලුන වල දෝෂය හේතුවෙන් අනතුරක් සිදුවන්නේ නැත. නමුත් අනතුරකදී වායු බැලුන ක්‍රියාත්මක නොවුණහොත් අනතුරක් වේ (නි)
විරාජ් Friday, 01 July 2016 06:37 PM
මෝටර් රථ ක්ෂේත්‍රයේ ඕවා නිතරම වෙනවා. මාත් වැඩ කරන්නේ ඔය ෆීල්ඩ් එකේ. ඕනෑම මොඩලයක ඕනෑම මාදිලියක ඕවා වෙනවා (නි)
රාජුන් Saturday, 02 July 2016 07:55 AM
බමුණුසිංහ, කාරය වේගයෙන් යනකොට කිසිම හේතුවක් නැතුව වායු බෑගය ක්‍රියාත්මක වුණොත් මොකද වෙන්න? කිසිම හේතුවක් නැතුව ක්‍රියාත්මක වෙන එකත් දෝෂයක් තමයි. දෙයියන්ගේ පිහිටම තමයි එහෙම වුණොත්. (නි)
පුෂ්පා Saturday, 02 July 2016 12:38 PM
වායු බෑග් වල ඇති වන ප්‍රධානම දෝෂ වලින් එකක් තමයි කිසි හේතුවක් නොමැතිව එය ක්‍රියාත්මක වීම. වාහනය පදවනවිට එහෙම වුණොත් අනතුරක් සිදුවෙන්න තියෙන අවකාශ ඉතා ඉහළයි. එමනිසා වායු බෑග් දෝෂ හේතුවෙන් අනතුරු වෙන්නේ නැහැ කියන එක වැරදියි. (නි)
හිරාන් Monday, 04 July 2016 04:14 AM
ශානකට දැන් සනීපද? (නි)
බමුණු ආරච්චි Wednesday, 06 July 2016 01:45 AM
රාජුන්, ඔබ හරි. හැබැයි බැරිවෙලාවත් රෝද හතර ගැලවුණොත්? (නි)
සංජීව - හොරණ Thursday, 07 July 2016 10:44 AM
අපිට නම් ටොයෝටා අදාළම නැහැ. අපි යන්නෙ කුලියාපිටියේ හදන වොක්ස්වැගන් එකේ. වෙනස සැපයි හොඳටම (නි)
මැගී Thursday, 07 July 2016 09:44 PM
රෝද හතරට, තුනට, දෙකට වඩා අපේ කකුල් දෙක විශ්වාසයි. හිමින් ගමන ආරක්ෂිතයි. (නි)
පුෂ්පා Friday, 08 July 2016 08:51 PM
ඇවිද්ද පය දහස් වටී කියලා කියමනකුත් තියනවනේ. (නි)
ඩිලාන් Saturday, 09 July 2016 06:53 AM
නංගිලා මල්ලිලා බැලුන් ගැන වැඩිය කතා කරන්ඩ එපා... (ර)