IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


ටී. සෙන්තිල්වර්ල් ලංකෙම් සිලෝන්හි තවත් කොටස් මිලියනයක් මිලදී ගනී

භානුක අමරසිංහ


මෙරට ප්‍රමුඛතම ආයෝජකයකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වන වෛද්‍ය තිරුඤානසම්බන්දර් සෙන්තිල්වර්ල් මහතා විසින් ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගමෙහි තවත් කොටස් 1,000,000 ක ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි පවසයි. සම්පත් බැංකුව/සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම එක්ව පවත්වාගෙන යන ගිණුමක් හරහා මෙම මිලදී ගැනීම සිදු කර තිබේ. 

එම කොටස් ප්‍රමාණය ලංකෙම් සිලෝන් පීඑල්සී සමාගම නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 1.94 කි. මෙහිදී කොටසක් රුපියල් 85 ක් බැගින් මිලදී ගැනීම සිදු කර ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 85 කි. මෙම මිලදී ගැනීම සිදුවන අවස්ථාව වනවිටත් සෙන්තිල්වර්ල් මහතා සතුව ලංකෙම් පීඑල්සී සමාගමෙහි කොටස් 4,192,071ක් තිබූ බව එම සමාගම පවසයි. එය සමස්ත කොටස් අතරින් සියයට 8.14 ක ප්‍රතිශතයකි. ඒ අනුව මෙම අත්පත් කරගැනීමත් සමගින්ම එය කොටස් 5,192,071 ක් දක්වා ඉහළ යන අතර, ප්‍රතිශතයක් ලෙස එය සියයට 10.09 කි



අදහස් (0)

ටී. සෙන්තිල්වර්ල් ලංකෙම් සිලෝන්හි තවත් කොටස් මිලියනයක් මිලදී ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site